ඔස්ට්‍රේලියාවේ වෙසෙන සියල්ලන්ගේම ගුවන් ගමන් බලපත්‍ර ඡායාරූප හා රියදුරු ගමන් බලපත්‍ර වල ඡායාරූප පොලීසියට. (SBS සිංහල/වාර්තා)

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ සෑම ස්ථානයකම ත්‍රස්තවාදී හෝ යම් අපරාධ ක්‍රියාවකට සම්බන්ධ සැක සහිත පුද්ගලයින්ගේ මුහුණු අදාළ CCTV මගින් ලබා ගත් ඡායාරූප හා ජාතික දත්ත ගබඩාවේ ඇති ඡායාරූප හා සසඳා ක්ෂණිකව පියවර ගැනීමට ඔස්ට්‍රේලියාවේ සෑම පොලිස් ආයතනයකටම හැකියාව ලැබෙනු ඇත.

Terror reforms

Source: AAP

ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාවට ලබා දෙන අමතර සහයෝගයක් ලෙස රජය සතුව දැනට පවතින ඔස්ට්‍රේලියාවේ වෙසෙන සියල්ලකගේම ගුවන් ගමන් බලපත්‍ර ඡායාරූප වලට අමතරව සෑම ප්‍රාන්තයකම රියදුරු ගමන් බලපත්‍ර වල ඡායාරූප ද ජාතික දත්ත ගබඩාව වෙත ලබා දීමට ඔස්ට්‍රේලියාවේ සියලු ප්‍රාන්ත හා ටෙරිටරි රජයන් අද (05/10) එකඟ විය.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ සෑම ස්ථානයකම ත්‍රස්තවාදී හෝ යම් අපරාධ ක්‍රියාවකට සම්බන්ධ සැක සහිත පුද්ගලයින්ගේ මුහුණු අදාළ CCTV මගින් ලබා ගත් ඡායාරූප හා ජාතික දත්ත ගබඩාවේ ඇති ඡායාරූප හා සසඳා ක්ෂණිකව පියවර ගැනීමට ඔස්ට්‍රේලියාවේ සෑම පොලිස් ආයතනයකටම හැකියාව ලැබෙනු ඇත.

ඊට අමතරව ගුවන් තොටුපොළවල, සාප්පු සංකීර්ණ වල ආරක්ෂක අංශ සඳහාද රජයේ අවසරය මත අවශ්‍ය විට මෙම දත්ත ගබඩාව පරිහරණය කිරීමට අවසර ලැබෙනු ඇති බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් පැවසීය.

වර්තමානයේ පවතින පද්ධතිය උපයෝගී කරගෙන රියදුරු බලපත්‍රයෙන් අයෙකුගේ විස්තර සැසඳීමට සතියක පමණ කාලයක් ගතවන බවත් එය යල් පැන ගිය එකක් බවත් අගමැතිවරයා පැවසීය.

 “අද පවතින තත්ත්වය මත සැක පිට යම් කෙනෙකුගේ ඡායාරූපයක් දත්ත ගබඩාවක ඇති ඡායාරූප සමග සසඳා බලන්නට දවස් 7 ක කාලයක් ගත කරන්න බැහැ. යම් ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ පුද්ගලයෙකු ගුවන් තොටුපොළකට එහෙමත් නැත්නම් ක්‍රීඩාංගනයකට යන විට දින 7 ක කාලයක් ගත කරනකොට ප්‍රතිඵලය හිතන්න පුලුවන්ද?” යනුවෙන් අගමැති ටර්න්බුල් අදාළ ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව පැහැදිලි කළේය.

මෙම දත්ත ගබඩාව ඉතා වේගවත් සහ මුහුණු සංසන්දනය ස්වයංක්‍රීයව සිදුවන බවද අගමැතිවරයා පැවසීය.

මෙම ක්‍රියාවලිය හේතුවෙන් පුදගලිකත්වයට සහ පුද්ගලික තොරතුරු වලට හානි පැමිණේවි යැයි ඇතැම් සිවිල් සංවිධාන නගන චෝදනාව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews ප්‍රතික්ෂේප කරයි.

මීට අමතරව ත්‍රස්ත ක්‍රියාවකට සැක පිට අත්අඩංගුවට ගැනුණු සැකකරුවෙකු චෝදනා ගොනු නොකර දින 14 ක් පොලිස් භාරයේ රඳවා තබා ගැනීමට ඔස්ට්‍රේලියානු පොලීසියට බලය ලබා දෙන නව නීතියකටද ඔස්ට්‍රේලියාවේ සියලු ප්‍රාන්ත හා ටෙරිටරි වල අගමැතිවරුන් අද අත්සන් තැබීය.

පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese අපගේ වෙබ් අඩවිය www.sbs.com.au/sinhalese

2 min read

Published

Updated

By Madhura Seneviratne, James Elton-Pym

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now