ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ කුලී නිවාස පිළිබඳ නීති වෙනස් කරයි. අලුත්ම නීති මාලාව මෙන්න. (SBS සිංහල/වාර්තා)

නිවාස කුලිය සතියකට ඩොලර් 760 ක් හෝ ඊට වඩා අඩුවිට කුලී නිවාස හිමියන්ට කුලී නිවාස සම්මුති මුදල හෙවත් bond එක ලෙස මාසයක කුලී මුදලට වඩා වැඩි මුදලක් අය කළ නොහැක.

latest Victorian rental reforms.

Source: SBS

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ නිවාස කුලියට දීම සම්බන්ධ නීති ප්‍රතිසංස්කරණයට ලක් කර ඇති අතර වික්ටෝරියානු ප්‍රාන්ත රජය එම නව නීති අද (08/10) දිනයේ නිවේදනය කර තිබේ.

මෙම නව නීති වලට අනුව කුලී හිමියන්ගේ අයිතිවාසිකම් වලට වැඩි ඉඩක් හිමිව ඇති බව වාර්තා වේ.

ප්‍රතිසංස්කරණයට ලක්වූ නව නීති මාලාව පහත පරිදි වේ.

  • යම් නිවෙසක් කුලියට දීම සම්බන්ධව දැන්වීමක් ප්‍රචාරය කරන විට අදාළ Property Agents හෙවත් නිවාස හා දේපළ නියෝජිත ආයතන විසින් එහි නියම මිල පමණක් දැක්විය යුතු අතර මිල පරාසයන් ප්‍රචාරය කිරීමට නොහැක.
  • අදාළ කුලී ගිවිසුම හේතු රහිතව අහෝසි කිරීමට නිවාස හා දේපළ නියෝජිත ආයතන වලට හෝ කුලී නිවාස හිමිකරුට නොහැකිය. යම් කුලී හිමියෙක්ගේ අදාළ කුලී ගිවිසුම අවසන් කිරීමට යාමේදී ඔහු හට ඊට පදනම් වූ නිශ්චිත හේතු සැපයීමට අදාළ  නිවාස හා දේපළ නියෝජිත ආයතන වලට හෝ කුලී නිවාස හිමියන්ට සිදුවේ.
  • කුලී නිවාස වල සුරතල් සතුන් ඇති කිරීමට සෑම වික්ටෝරියානු කුලී නිවසියෙකුටම  ඇති අයිතියක් බවට ප්‍රකාශ කිරීම. (සාධාරණ හේතු මත කුලී නිවාස හිමියන්ට එය ප්‍රතික්ෂේප කළ හැකිය.) නමුත් එසේ ප්‍රතික්ෂේප කළ විට අදාළ කුලී නිවැසියන් හට ඒ පිළිබඳ VCAT හෝ අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකිය.
  • අදාළ කුලී නිවාස වල වායු සමීකරණයක් සවි කිරීම, පින්තූර එල්ලීම සඳහා කොකු සවි කිරීම වැනි සුළු පරිමාණයේ නවීකරණ කටයුතු සිදු කිරීමට කුලී නිවැසියන් ඉල්ලීමක් කළ විට සාධාරණ හේතු රහිතව ඒවා ප්‍රතික්ෂේප කිරීමට නොහැකි වීම.
  • නිවාස කුලිය වැඩි කිරීම වසරකට වරක් පමණක් කිරීමට අවසර දීම. (මාස 6 න් 6 ට වැඩි කිරීමට ඉඩ නොලැබේ.)
  • නිවාස කුලිය සතියකට ඩොලර් 760 ක් හෝ ඊට වඩා අඩුවිට කුලී නිවාස හිමියන්ට කුලී නිවාස සම්මුති මුදල හෙවත් bond එක ලෙස මාසයක කුලී මුදලට වඩා වැඩි මුදලක් අය කළ නොහැක.
  • හදිසි නඩත්තු කටයුතු කිරීමක් සිදු කෙරෙන විට අදාළ කුලී නිවැසියා සතුව මුදල් නොමැති වූ විට එම නඩත්තු කටයුතු සඳහා ඔහු ගෙවීම් කළ විට එම මුදල දින 14 ක් නොව දින 7 ක් ඇතුළත ගෙවිය යුතු වේ.
  • කුලී කාලය අවසාන වූ විට කුලී නිවාස සම්මුති මුදල හෙවත් bond එක නැවත ලබා ගැනීම සඳහා කුලී නිවැසියාට පමණක් අනෙක් පාර්ශවය නොමැතිව අයදුම් කළ හැකි අතර නිවාසය පිළිබඳ කිසිදු පැමිණිල්ලක් නොමැති නම් එම මුදල දින 14 ක් ඇතුළත ස්වයංක්‍රීයව නිදහස් කෙරේ.
  • නේවාසික කුලීකරණය පිළිබඳ නව කොමසාරිස් වරයෙකු හෙවත්  Commissioner for Residential Tenancies පත් කිරීමට නියමිතය.
  • කුලී ගිවිසුම් අත්සන් කිරීමට පෙර කුලී නිවාස හිමියන් අදාළ කුලී නිවාසය පිළිබඳ සියලු විස්තර කුලී නිවැසියන් හට හෙළිදරව් කළ යුතු වේ. (උදාහරණ ලෙස නිවෙස විකිණීමට තීරණය කර තිබීම, යම් අනතුරුදායක දේවල් තිබීම වැනි දෑ )
  • කුලී නීති උල්ලංඝනය කරන කුලී නිවාස හිමියන්ව සහ නිවාස හා දේපළ නියෝජිත ආයතන අසාදු ගත කර හෙවත් blacklist කර ප්‍රසිද්ධ කෙරේ.
  • කුලී නිවෙස් සියලු දේශගුණික තත්ත්ව වලට ඔරොත්තු දිය යුතු අතර උණු වතුර පහසුකම් තිබිය යුතු මෙන්ම සියලු දොර සහ ජනෙල් අගුලු නිසි පරිදි ක්‍රියා කළ යුතු වීම.

මේ පිළිබඳ නව නීති කෙටුම්පත් කිරීම 2018 වසරේදී ඉදිරිපත් කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.

ABC News සහ The Age ඇසුරෙනි.

---------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

---------------------------------------------------------------------------------------------


3 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now