SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීමට එන අන්තර්ජාතික සිසුන්ට ලබන වසරේ සිට අලුත් නීතියක්. (SBS සිංහල/වාර්තා)

මෙම නව මිනුම් දඬු විශ්ව විද්‍යාල පාඨ මාලාවල සිට ප්‍රථම වතාවට වෘත්තීය අධ්‍යාපන හා පුහුණු පාඨ මාලාවන්ටද ව්‍යාප්ත කිරීමට රජය අදහස් කර තිබේ.

international students
Source: SBS

3 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

2018 වසරේ සිට ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වෙත පැමිණෙන අන්තර්ජාතික සිසුන් හට ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වය මැන බලන නවතම ප්‍රමිතීන් හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව අද අනාවරණය විය.

ටස්මේනියාවේ හෝබාට් නුවර දී පැවැත්වුණු අධ්‍යාපනික සමුළුවකදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Simon Birmingham මේ බව පැවසීය.

එම ප්‍රමිතීන් ඔස්ට්‍රේලියාවේ උපාධි පාඨ මාලාවලට පමණක් නොව වෘත්තීය අධ්‍යාපන හා පුහුණු පාඨ මාලාවලට  ද හඳුන්වා දෙන බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ යම් කිසි උපාධි පාඨ මාලාවක් හැදෑරීම සඳහා ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයකට ඇතුළුවීමට ප්‍රථමව යම් ජාත්‍යන්තර සිසුවෙකු හට ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වය අඩු නම් ඔහු හෝ ඇයට ඉංග්‍රීසි භාෂාව කඩිනමින් හැදෑරීමේ පාඨ මාලාවක් හෙවත් ELICOS එකක් හැදෑරීමට සිදු වේ.

නමුත් වර්තමානයේ ඕනෑම අන්තර්ජාතික සිසුවෙකුටම සාක්ෂි රහිතව අදාළ ඉංග්‍රීසි පාඨමාලාව සමත්වී විශ්ව විද්‍යාලය සඳහා සුදුසුකම් ලැබීමේ හැකියාව පවතී.

මේ අනුව ඇතැම් ජාත්‍යන්තර සිසුන් එහි ඇති දුර්වල ස්ථානවලින් රිංගා යන බවට තොරතුරු ලැබී ඇති බවත් එනිසාම මෙම පවතින ක්‍රමයෙහි වෙනසක් කිරීමට තීරණය කළ බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Simon Birmingham පැවසීය.

පසුගිය වසරේ එවැනි ELICOS සඳහා සහභාගී වූ ජාත්‍යන්තර සිසුන් 150,000 න් කොපමණ සංඛ්‍යාවක් එම පාඨ මාලාව ඇත්තෙන්ම සමත්වුවාද යන්න ඔස්ට්‍රේලියානු රජය නොදන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වල හෝ TAFE විද්‍යාල වල හෝ අනෙකුත් අධ්‍යාපනික ආයතන වල හෝ ඉගෙනුම ලබන ඔස්ට්‍රේලියානු සිසුන් හෝ ජාත්‍යන්තර සිසුන් හෝ කවුරුන් හෝ ඉගෙනගත යුත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් නිසා එය මැනවින් දැන සිටීම අතිශය වැදගත් බව අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම නව මිනුම් දඬු විශ්ව විද්‍යාල පාඨ මාලාවල සිට ප්‍රථම වතාවට වෘත්තීය අධ්‍යාපන හා පුහුණු පාඨ මාලාවන්ටද ව්‍යාප්ත කිරීමට රජය අදහස් කර තිබේ.

ඒ අනුව සියලු ELICOS හි පහත සඳහන් දෑ අනිවාර්යෙන් අඩංගු වෙයි.

  • ගුරුවරයා සහ සිසුවා අතර මුහුණට මුහුණ කෙරෙන ඉගැන්වීම් අවම වශයෙන් පැය 20 ක් හෝ පැවැත්වීම.
  • එක් පංති කාමරයක සිටිය හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 18 ක් වීම.
  • පාඨ මාලාව අවසානයේ දෙනු ලබන අනිවාර්ය පරීක්ෂණය සමත් විය යුතු වීම.

මෙම නව වෙනස්කම් හේතුවෙන් ඔස්ට්‍රේලියානු උසස් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය තව තවත් ඉහළ යනු ඇතැයි රජය අපේක්ෂා කරන බවද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Simon Birmingham පැවසීය.

SBS පුවත් ඇසුරෙනි.

----------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

----------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now