SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ඔබ ජීවත් වන නිවසේත් තරු ගණන බලා විදුලිය බිල අඩු කරගන්නේ මෙහෙමයි. (SBS සිංහල/වාර්තා)

මෙම තරු ලකුණු ශ්‍රේණිගත කිරීමට අමතරව ඔස්ට්‍රේලියාවේ ඉදිකෙරෙන නිවාස වල බලශක්ති කාර්යක්ෂමතාව මැන බැලෙන තවත් මිනුම් දඬු තුනක් පවතියි.

Energy Efficiency
Source: SBS

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ නිවාස මිලට ගන්නන් හට නිවාස ඉදිකරන්නන් ගේ අඩුපාඩු හේතුවෙන් අධික වශයෙන් බලශක්ති බිල්පත් ගෙවීමට සිදුවන බව වාර්තා වේ.

විශේෂයෙන්ම බලශක්ති කාර්යක්ෂමතාව මනාව පවත්වාගෙන යාමේ සාධනීය මට්ටමේ නිවාස ඉදි නොකිරීම හේතුවෙන් මේ තත්ත්වය මතුව ඇති බව සඳහන්.

වසර 2000 පටන් ඔස්ට්‍රේලියාව තුළ ඉදි කෙරෙන සෑම නව නිවසක්ම අවම තාප කාර්යය සාධන මට්ටමකට එළඹිය යුතු වෙයි.

එසේ ඉදිකෙරෙන නව නිවාස වලින් 70% කම බලශක්ති කාර්යක්ෂමතාව පිළිබඳ මිනුම් දණ්ඩ වන්නේ මධ්‍යම රජයේ ජාතික නිවාස බලශක්ති ශ්‍රේණිගත කිරීමේ (NatHERS) ක්‍රමවේදය යටතේ තරු ලකුණුය.

ඔස්ට්‍රේලියාවේ ඉදිකෙරෙන නවතම නිවාස වල එම ශ්‍රේණිගත කිරීම අවම වශයෙන් තරු 6 ක සීමාවේ තිබිය යුතු වෙයි.

ශ්‍රේණිගත කිරීම ඉහළ යත්ම බලශක්ති කාර්යක්ෂමතාව ද ඉහළ වේ.

මෙම තරු ලකුණු ශ්‍රේණිගත කිරීමට අමතරව ඔස්ට්‍රේලියාවේ ඉදිකෙරෙන නිවාස වල බලශක්ති කාර්යක්ෂමතාව මැන බැලෙන තවත් මිනුම් දඬු තුනක් පවතියි.

ඉන් එකක් වන්නේ Verification Using a Reference Building හෙවත් VURB යන්නය.

එහිදී සමත් හෝ අසමත් සහතිකයක් ලබා දෙන අතර තරු ලකුණු පිරි නොනමයි.

පවතින නිවාස ප්‍රමිතියට අනුකූලවන ලෙස විකල්ප ගොඩනැගිලි තාක්ෂණික ක්‍රම අදාළ කරගැනීමට මෙම ක්‍රමය යටතේ ඉඩ ලැබේ.

තරු ලකුණු 6 ශ්‍රේණිගත කිරීමට වඩා පහළ මට්ටමේ ඇති නිවාස සඳහා කොපමණ ප්‍රමාණයක බලශක්ති බිල් පැමිණෙනවාද යන්න පැවසීමට අපහසු බව සඳහන්.

තවත් බොහෝ සාධක එම බිල් සඳහා බලපෑම ඊට හේතුව ලෙස දැක්වේ.

නමුත් තරු ලකුණු 6 ශ්‍රේණිගත කළ නිවසක ජීවත්වන පුද්ගලයින්ට වඩා තරු ලකුණු 4 හෝ 5 ශ්‍රේණිගත කළ  නිවෙස් වල වාසය කරන උදවිය 30% ක අමතර බලශක්ති බිලක් ගෙවන බව ඔස්ට්‍රේලියානු නිවාස ඉදිකිරීම් සමාගමක් වන BGC Residential පවසයි.

ABC පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now