SKIP TO MAIN CONTENT

අන්තිමේදී T20 ලෝක කුසලානය කෙසේ වෙතත් තරඟාවලියට ඇතුලත් වන්නට තරඟ වදින්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවෙයි.

Sri Lanka cricket team
Sri Lanka cricket team

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබන වසරේදී (2020) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියකට මුහුණ දීමට සිදුව ඇත. ලබන වසරේදී ඕස්ටේ්‍රලියාවේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් 12 ක් සහභාගි වන අතර ශ්‍රේණිගත කිරීම් අනුව දැනට ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 8 පමණක් සෘජුවම ඊට සුදුසුකම් ලබා සිටිති.

මේ අනුව පාකිස්තානය, ඉන්දියාව, එංගලන්තය,ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ ඇෆ්ඝනිස්ථානය යන රටවල් T 20 ලෝක කුසල තරඟාවලිය සඳහා නිතරගයෙන්ම සුදුසුකම් ලබා සිටි.

එහෙත් ශ්‍රේණිගත සටහනේ 9 වැනි සහ 10 වැනි ස්ථාන වල සිටින ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය යන රටවලට කණ්ඩායම් 6 ක් ඇතුළත් සුදුසුකම් තේරීමේ තරගාවලියකට සහභාගි විය යුතුය. මෙම තරගාවලියෙන් සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් හතර ලබන වසරේ 20 යි 20 ලෝක කුසලාන තරගාවලියට එක්වනු ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now