SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ සිටින සරණාගත පිරිස් ඉන්නේ සතුටින්ද? නවතම සමීක්ෂණ වාර්තාවක් කරුණු හෙළිකරයි

Rural Australians for Refugees
Rural Australians for Refugees Source: suppied.jpg

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාව සරණාගතයින් පිළිගැනීමට ලක්කරන, ආරක්‍ෂිත සහ සාපේක්ෂව වර්ගවාදී වෙනස්කම් අඩුවෙන් පවතින රටක් ලෙසට මෙරටට අලුතින්

පැමිණෙන සරණාගතයින් සිතන බව නවතම සමීක්ෂණයක් හෙළිකොට සිටී. Migrant and refugee agency හෙවත් AMES ආයතනය පෙන්වා දෙනුයේ 300 ක පමණ සරණාගත පිරිසක් මෙම සමීක්ෂණය සඳහා යොදවාගත් බවයි. ඉන් 75% ක පිරිසක් තමන් පිළිගැනීමකට ලක්වුණු බවද, 86% ක පිරිසක් තමන් සතුටින් පසුවන බවද පවසා තිබේ. එසේම 90% ක පිරිසක් පවසා ඇත්තේ තමන් කිසිදිනෙක වර්ගවාදී වෙනස්කම් වලට ලක් නොවුණු බවයි.

කෙසේවුවද 14% පිරිසක් මෙරට සරණාගත වැඩපිළිවෙල පිලිබඳ තම අසතුට ප්‍රකාශ කොට ඇත.

ඔස්ට්‍රේලියාවට සරණාගත භාවය පතා පැමිණීමේ ප්‍රමුඛතම කරණය ලෙස බහුතර පිරිසක් පවසා ඇත්තේ ආරක්ෂාව සහ රැකවරණය යන කරුණු වන අතර තවත් පිරිසක් පවසා ඇත්තේ තම දරුවන්ගේ අනාගතය සහ ආර්ථික රැකවරණය බවද මෙම සමීක්ෂණ වාර්තාව වැඩිදුරටත් පෙන්වා ඇත.

මේ මස 17 - ද සිට 25 ද දක්වා ඕස්ට්‍රේලියාවේ සරණාගතයින් සඳහා වන ජාතික සතිය ලෙසට නම් කොට ඇත. එසේම හෙට, එනම් ජූනි 20 දා සරණාගතයින් සඳහා අවධානය යොමුකරන ජාත්‍යන්තර දිනය ලෙසට නම් කොට තිබේ.

මේ අතර, සරණාගතයින් තවදුරටත් රැඳවුම් භාරයක නොතබා ඔවුන්ව සාමාන්‍ය ප්‍රජාව සමඟ තැබීමේ වැඩපිළිවෙලක් පිළිබඳව ගෙන එනු ලබා ඇති යෝජනාව පිළිබඳව ඕස්ට්‍රේලියානු මානව හිමිකම් නීති ආයතනය තම කෘතඥතාව පලකොට සිටී. මධ්‍යම රජයේ ස්වාධීන මන්ත්‍රී Andrew Wilkie විසින් මෙය පෞව්ද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසට ගෙන එනු ලැබ ඇත.

මෙමඟින් දැනට ඕස්ට්‍රේලියානු ප්‍රධාන භූමියෙන් පිටත පවත්වාගෙන සරණාගත කඳවුරු වල වෙසෙන පිරිස් මෙරටට රැගෙන ආ යුතු බවටද යෝජනා කොට ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now