අද දිනය වන විට විශේෂ අවධානයක් යොමු කල යුතු කාරණයක් බවට මුදල් නෝට්ටු පත්ව ඇත. වර්තමානයේ දී ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ බැංකු මුදල් නෝට්ටු කොපමනක් තිබෙන බව ඔබ දන්නවාද?
SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
ඔස්ට්‍රේලියාව තුල නීත්‍යනුකූල මුදල් නිෂ්පාදනය හා එහි ප්‍රමිතිය සඳහා වගකිය යුතු වන්නේ ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවයි. මධ්‍යම බැංකුවේ වාර්ෂික වාර්තා වලට අනුව වසරකට ව්‍යාජ බැංකු මුදල් නෝට්ටු තිස් දහසක් පමණ හසු වෙන බව වාර්තාවෙයි. දැනට රට තුල සංසරණය වන බිලියන 1.6 ක බැංකු මුදල් නෝට්ටු ප්‍රමාණය හා සසඳා බැලූ කල මෙම අගය කුඩා වුවද මෙය වැඩියෙන්ම අහිතකර ලෙස බලපානුයේ අඩු ආදායම් ලාභීන්ට හා අඩු ලාභ ආන්තිකයන් ඇති ව්‍යාපාර වලටයි.
ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් මාර්තු මාසයේ දී නිකුත් කල සංඛ්‍යා ලේඛන වලට අනුව, සංසරණයේ ඇති ව්‍යාජ බැංකු මුදල් නෝට්ටු ප්‍රමාණය 2000 වසරේ සිට ක්‍රමයෙන් වැඩි වුවද 2015 වසරේ දී එය උපරිමයකට ළඟා වුන අතර 2018 වන විට මෙම අගය පහත වැටෙමින් තිබෙයි.

ඔස්ට්‍රේලියානු බැංකු මුදල් නෝට්ටු වල ආරක්ෂක ලක්ෂණ
ඔබ අතට ලැබෙන බැංකු මුදල් නෝට්ටුවක අව්‍යාජ බව නිර්ණය කිරීමට වන හොඳම ක්‍රමය වනුයේ එය තමන් ළඟ ඇති වෙනත් බැංකු මුදල් නෝට්ටුවක් සමඟ සසඳා බැලීමයි. ඔබට තවදුරටත් මෙය තහවුරු කර ගැනීමට අවශ්‍ය නම් පහත විස්තර කර ඇති ආරක්ෂක ලක්ෂණ භාවිතා කල හැකියි.
1. මුද්‍රණය කර ඇති අමුද්‍රව්‍ය
සෑම ඔස්ට්‍රේලියානු බැංකු මුදල් නෝට්ටුවක්ම මුද්‍රණය කර ඇත්තේ ප්ලාස්ටික් අමුද්‍රව්‍යයක් වන polymer යොදා ගෙනයි. මුදල් නෝට්ටු ඇල්ලූ විට එම අමුද්‍රව්‍ය සඳහාම අනන්‍ය වූ ස්පර්ශයක් ඔබට දැනෙනු ඇත. එසේම අව්‍යාජ බැංකු මුදල් නෝට්ටුවක් ගුලි කල විට එය යථා තත්වයට පහසුවෙන් පත් කල හැකියි.
2. රාජ්‍ය ලාංඡනය හෙවත් Coat of Arms සලකුණ
මුදල් නෝට්ටුවක් වෙත ආලෝකය යොමු කර එය හොඳින් පරීක්ෂා කලවිට ඔබට Coat of Arms හෙවත් රාජ්‍ය ලාංඡනය දැකීමට හැකි නම් එය බොහෝ දුරට අව්‍යාජ බැංකු මුදල් නෝට්ටුවකියි.
3. තරු සලකුණ
අව්‍යාජ බැංකු මුදල් නෝට්ටුවක් තුල වෘත්තයක් ඇතුළත වූ දියමන්ති හැඩැති තරුවක් තිබිය යුතුයි. තවද මෙය මුදල් නෝට්ටුවෙහි පැති දෙකෙහිම මුද්‍රණය වී තිබිය යුතුයි.
4. විනිවිද පෙනෙන කවුළුව
ඔස්ට්‍රේලියානු බැංකු මුදල් නෝට්ටුවක තිබෙන තවත් විශේෂ ලක්‍ෂණයකි එහි විනිවිද පෙනෙන කවුළුව. මෙය මත සුදු පැහැති තීන්ත යොදා මුද්‍රිත රූප ඇති අතර අව්‍යාජ බැංකු මුදල් නෝට්ටුවක ඇති සුදු පැහැති රූපය පහසුවෙන් නොමැකෙයි.

බැංකු මුදල් නෝට්ටුවක් ව්‍යාජ බවට ඔබ සැක කරන්නේ නම් කල යුත්තේ කුමක් ද?
ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ බැංකු මුදල් නෝට්ටු සම්බන්ධයෙන් ඇති පනත වනුයේ Crimes (Currency) Act 1981.
මේ යටතේ ව්‍යාජ බැංකු මුදල් නෝට්ටු පිළිබඳව කටයුතු කරන ඒජන්තුවරු වනුයේ ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසිය හා ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවයි.
දැනට පවතින නීති වලට අනුව තමන් දැනුවත් ව්‍යාජ බැංකු මුදල් නෝට්ටු ළඟ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි.
නිතරම මතක තබා ගත යුතු කරුණක් වනුයේ, බැංකු මුදල් නෝට්ටුවක් ව්‍යාජ බවට ඔබ සැක කරන්නේ නම් එය ප්‍රතික්ෂේප කිරීමට ඔබට අයිතියක් ඇති බවයි.
ව්‍යාජ බැංකු මුදල් නෝට්ටුවක් බවට ඔබ සැක කරනා නෝට්ටුවක් ඔබ සතු වුවහොත්, පළමුව කල යුත්තේ ඒ පිළිබඳව ඔබට ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ ඔබ වෙසෙන ප්‍රදේශයෙහි ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලිස් ස්ථානයට දැන්වීමයි. එසේම මෙම නෝට්ටුව ඔබ සන්තකයට පත් වූ ආකාරය විස්තර කෙරෙන Suspect counterfeit banknote submission ආකෘති පත්‍රය පිරවීමට ද අවශ්‍යයි. මෙම ආකෘති පත්‍රය ඔබට https://www.afp.gov.au/sites/default/files/PDF/afp-suspect-banknote-submission-form.pdf ලිපිනයෙන් ලබා ගත හැකියි.
ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ පරීක්ෂණ වලින් අනතුරුව එම නෝට්ටුව ව්‍යාජ බව නිර්ණය වුවහොත් එම නෝට්ටුවල වටිනාකම ඔබට ආපසු නොලැබෙන අතර අව්‍යාජ බව නිර්ණය වුවහොත් එම නෝට්ටු නැවත ඔබට ලැබෙනු ඇත.
*********************************************************************
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්න www.sbs.com.au/sinhalese වෙබ් පිටුවෙන්
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 හෝ 302 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීව හෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live
සජීවීව ගුවන් විදුලියෙන්
(ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – VIC / 97.7fm –NSW / 105.5fm – ACT / 106.3fm – SA /
93.3fm – QLD / 96.9fm - WA / 105.7fm - TAS / 100.9fm - NT
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************

