ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳ පොළ පෙර නොසිතු පරිදි වේගයෙන් පහත බසින බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නවතම විශ්ලේෂණ අනාවරණය කරයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳ පොළේ මෙම බැස්ම ඔස්ට්‍රේලියානු ආර්ථිකයට සෘජුව සහ දැඩිව බලාපාන බවත් මේ හේතුවෙන් නුදුරේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඔස්ට්‍රේලියාවට ලබාදෙන මුල්‍ය අරමුදල් වල අඩුවීමක් බොහෝ දුරට සිදුවනු ඇති බවත් Australian Financial Review වාර්තා කරයි.

නිවාස වෙළෙඳ පොළ සහ ඔස්ට්‍රේලියානු ආර්ථිකය
පෙර සිතා සිටියාට වඩා ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳ පොළ දරුණු පසුබැස්මකට මුහුණ දී ඇති බවත් මේ තත්ත්වය තවත් සැලකිය යුතු කාලයක් පවතින අයුරු පෙනීයන බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි.
මේ තත්ත්වයෙන් ගොඩ ඒමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දැඩි උත්සාහයක් ගත යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියා - පැසිෆික් දෙපාර්තමේන්තුවේ ප්‍රධානී තෝමස් හෙල්බ්ලින්ග් මහතා පැවසීය.
නිවාස වෙළෙඳ පොළ වර්ධනය පවතින්නේ ඉල්ලුම මත බවත් එනිසාම එම ඉල්ලුම පහළ ගිය ඉල්ලුම වර්ධනය කිරීමට වෙනත් මාර්ග වලින් සහය ලබාගත යුතු බවත් ඔහු පැහැදිලි කළේය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් සංවිධානය කළ පසුගිය World Economic Outlook සමීක්ෂණයේදී අනාවැකි පළ වුයේ ඔස්ට්‍රේලියාව මේ අර්බුදය ශක්තිමත්ව මෙහෙයවන බවය.
නමුත් අනාවැකි පළ කළ අයුරින් ඔස්ට්‍රේලියානු වෙළෙඳ පොළ වර්ධනයක් සිදු නොවුණු බවත් එය තවත් පසුබැස්මකට ලක්ව ඇති බවත් වාර්තා වේ.
මේ තත්ත්වයෙන් ගොඩ ඒමට ඔස්ට්‍රේලියාවේ නිවාස හා යටිතල පහසුකම් ක්ෂේත්‍රයට විශාල සහ ශක්තිමත් ආයෝජනයක් අවශ්‍ය බව හෙල්බ්ලින්ග් මහතා පෙන්වා දෙයි.

නිවාස වෙන්දේසිය සහ අලෙවිය
2019 අප්‍රේල් මස මුල් සතියේදී ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල වෙන්දේසි හරහා නිවාස 1,978 ක් අලෙවිවු බව ඔස්ට්‍රේලියානු නිවාස හා දේපළ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම විශ්ලේෂක ආයතනයක් වන CoreLogic පවසයි.
නමුත් ඊට පෙර සතියේදී සමස්ත ඔස්ට්‍රේලියාවෙන් වාර්තාවූ නිවාස වෙන්දේසි ප්‍රමාණය 2,164 ක් බවත් ඒ අනුව නිවාස වෙන්දේසිය 8.5% කින් පහත ගොස් ඇති බවත් සඳහන්.
එහිදී සිඩ්නි කලාපයේ නිවාස වෙන්දේසිය 801 සිට 740 දක්වාත් මෙල්බර්න් කලාපයේ නිවාස වෙන්දේසිය 978 සිට 899 දක්වාත් පහත බැස ඇති බව වාර්තා වේ.
මේ වසර මුලදී ඔස්ට්‍රේලියාවේ auction clearance අනුපාතය 57.2% මට්ටමේ පැවති බවත් එය ඉදිරියේදී ද 50% ට ඉහළින් පවතිනු ඇති බවත් CoreLogic ආයතනය විශ්වාසය පළ කරයි.
පසුගිය වසරේ අප්‍රේල් මුල් සතියේදී ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල වෙන්දේසි හරහා නිවාස 1,839ක් අලෙවිවු බවත් එම අගයද පහළ මට්ටමක පැවති නමුත් auction clearance අනුපාතය 62.8% ක් වැනි ඉහළ මට්ටමක පැවති බව ඔවුන් පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල තවත් පහළට?
ඔස්ට්‍රේලියානු වෙළෙඳ පොළේ මිල ගණන් පහත බැසීම නිසා බොහෝ නිවාස සෘජුව අලෙවි කිරීමට අපහසු තත්ත්වයක් උද්ගතවී ඇති බවද වාර්තා වේ.
එමෙන්ම බොහෝ නිවෙස් එලෙස අලෙවි කිරීමට බොහෝ කාලයක් බලා සිටිය යුතු වීමද තවත් බරපතල කරුණක් වී ඇත.
මේ අතර දැනට ලැබී ඇති දත්ත වලට අනුව ඔස්ට්‍රේලියාවේ ඉදිරියටත් නොකඩවා නිවාස මිල පහත බසිනු ඇති බවත් එනිසාම ඉහළ ඉල්ලුමක් හා මිල ගණන් තිබෙන ප්‍රදේශ වලින් දැනට නිවාසයක් මිලට නොගෙන සිටීම වඩා සුදුසු බවත් realestate.com.au වෙබ් අඩවියේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Nerida Conisbee පෙන්වා දුන්නාය.
ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳපොළේ ප්‍රධාන ස්ථානයක් ගන්නා සිඩ්නි හා මෙල්බර්න් නිවාස වෙළෙඳ පොළ මෙන්ම බ්‍රිස්බන්, පර්ත් නිවාස වෙළෙඳපොළ වලද මේ තත්ත්වය බොහෝ දුරට සමාන බව සඳහන්.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

