IT, ඉංජිනේරු හා ගණකාධිකාරීවරුන්ට තවමත් ඔස්ට්‍රේලියාවේ PR ගතහැකි නවතම ආරාධනා පත්‍ර වටයේ තොරතුරු

මෙම වටයේදී Critical Skill Occupations ලැයිස්තුවේ තිබෙන රැකියා හරහා ඔස්ට්‍රේලියාව තුළ සිට අයදුම්කළ අයදුම්කරුවන් 43 දෙනෙකු හට 190 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර තිබේ.

migration_program.jpg

Source: Getty Images/FotografiaBasica

Australian Capital Territory (ACT) හි 190 සහ 491 වීසා සඳහා 2022 වසරේ අප්‍රේල් මාසයේ අවසන් ආරාධනා පත්‍ර වටයේ (Invitation round) තොරතුරු මේ වන විට නිකුත් කර තිබේ.

අප්‍රේල් 29 වන දින නිකුත් කළ එම ආරාධනා පත්‍ර වටයේ තොරතුරු පහත පරිදි වේ.


Highlights

  • මෙම වටයේදී Critical Skill Occupations ලැයිස්තුවේ තිබෙන රැකියා හරහා ඔස්ට්‍රේලියාව තුළ සිට අයදුම්කළ අයදුම්කරුවන් 43 දෙනෙකු හට 190 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර තිබේ.
  • එමෙන්ම ඔස්ට්‍රේලියාව තුළ සිට Critical Skill Occupations ලැයිස්තුව හරහා 491 වීසා උප  ඛාණ්ඩය සඳහා මෙවර ආරාධනා පත්‍ර වටයේ ආරාධනා පත්‍ර 51 ක් නිකුත් කර ඇති බව සඳහන්.
  • මේ අතර ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට Critical Skill Occupations ලැයිස්තුව හරහා 190 වීසා උප  ඛාණ්ඩය සඳහා මෙවර ආරාධනා පත්‍ර 9 ක්ද 491 වීසා උප  ඛාණ්ඩය සඳහා ආරාධනා පත්‍ර 71 ක්ද නිකුත් කර ඇත.

2022 අප්‍රේල් මාසයේ ACT අවසන් ආරාධනා පත්‍ර වටය

ACT හි අප්‍රේල් මාසයේ අවසන් ආරාධනා පත්‍ර වටය 2022 අප්‍රේල් 29 වන දින ක්‍රියාත්මක විය.

මෙම වටයේදී එක් 457/482 වීසා ලාභියෙකුට 190 වීසා ආරාධනා පත්‍රයක් නිකුත් කර ඇත.

මෙම වටයේදී Critical Skill Occupations ලැයිස්තුවේ තිබෙන රැකියා හරහා ඔස්ට්‍රේලියාව තුළ සිට අයදුම්කළ අයදුම්කරුවන් 43 දෙනෙකු හට 190 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර තිබේ.

එමෙන්ම ඔස්ට්‍රේලියාව තුළ සිට Critical Skill Occupations ලැයිස්තුව හරහා 491 වීසා උප  ඛාණ්ඩය සඳහා මෙවර ආරාධනා පත්‍ර වටයේ ආරාධනා පත්‍ර 51 ක් නිකුත් කර ඇති බව සඳහන්.

මේ අතර ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට Critical Skill Occupations ලැයිස්තුව හරහා 190 වීසා උප  ඛාණ්ඩය සඳහා මෙවර ආරාධනා පත්‍ර 9 ක්ද 491 වීසා උප  ඛාණ්ඩය සඳහා ආරාධනා පත්‍ර 71 ක්ද නිකුත් කර ඇත.

migration
Source: Getty Images/triloks

2022 අප්‍රේල් මස අවසන් වටයේ ආරාධනා පත්‍ර ලැබූ වෘත්තීන්

ACT INVITATION ROUND   29 APRIL 2022      Minimum Matrix score ranked
ANZSCO Unit groupUNIT GROUP TITLE Canberra resident     491Canberra resident     190Overseas applicant    491Overseas applicant    190
1311Advertising, public relations and sales managers  70 (12/1/2022) 
1323Human resource managers  70 (6/3/2022) 
1324Policy and planning managers   75 
1331Construction managers   75 (15/1/2022 6:27PM) 
1335Production managers   70 
1336Supply and Distribution Manager 9070 (20/2/2022) 
1351ICT managers75 75 (29/3/2022) 
1411Café and restaurant managers9090 (25/3/2022)  
1492Call or contact centre and customer service managers809565100
1493Conference and Event Organisers  75 
1499Hospitality, Retail and Service Managers  65 
2124Journalists and other writers  75 
2211Accountants11017090 
2212Auditors, company secretaries and corporate treasurers10510580 (7/2/2022) 
2231Human Resource Professionals75 80 
2247Management and organisation analysts 11085 
2249Other information and organisation professionals  70 (12/1/2022) 
2251Advertising and marketing professionals851058580 (21/3/2022)
2253Public relations professionals  80 
2324Graphic and web designers, and illustrators 9570 (27/1/2022) 
2332Civil engineering professionals85 (4/4/2022)10080 (19/1/2022 9:20AM) 
2333Electrical Engineers95 75 (12/1/2022 6:10PM)80
2334Electronics Engineers8595 (12/11/2022)75 (12/1/2022) 
2339Other engineering professionals 10080 
2411Early childhood (pre-primary school) teachers7595  
2412Primary School Teachers  65 
2414Secondary School Teachers9510065 
2421University Lecturers and Tutors  85 (13/1/2022 1:32PM) 
2513Occupational and environmental health professionals65   
2515Pharmacists  65 (12/1/2022 5:05AM) 
2524Occupational therapists 10570 
2527Audiologists and speech pathologists / therapists 10070 
2531General practitioners and resident medical officers85100  
2544Registered nurses80105 70
2611ICT business and systems analysts90 (20/4/2022)11080 (12/1/2022)95
2612Multimedia Specialists and Web Developers80 (4/4/2022 11:27AM) 80 
2613Software and applications programmers9011590 
2621Database and systems administrators, and ICT security specialists80 80 
2631Computer network professionals80 (28/3/2022)10580 (12/1/2022 5:38PM) 
2632ICT support and test engineers80 (29/3/2022) 85 (1/4/2022) 
2713Solicitors  65 
2721Counsellors85 70 
2725Social workers 90  
2726Welfare, recreation and community arts workers9510565 
3131ICT support technicians  70 
3212Motor mechanics6580 75
3312Carpenters and joiners8585  
3511Bakers and Pastrycooks85   
3513Chef9010590 
3514Cook8510565 
4114Enrolled Nurse85 (20/4/2022)95  
4117Welfare support workers 90  
5111Contract, program and project administrators1001058580 (5/3/2022)

2021/22 මුල්‍ය වර්ෂය සඳහා දැනට ඉතිරිව ඇති ACT හි Skilled වීසා කෝටාව

2021/22 මුල්‍ය වර්ෂය සඳහා ACT හි 190 හා 491 වීසා කෝටාව පහත පරිදි වේ.

  • Skilled Nominated (subclass 190) වීසා - 600
  • Skilled Work Regional (subclass 491) වීසා - 1,400

මේ අතර 2022 මැයි 01 වනදින වන විට ACT හි ඉතිරිව ඇති 190 හා 491 වීසා ප්‍රමාණය පහත පරිදි වේ.

  • 190 වීසා - 103
  • 491 වීසා - 225

මාසික කෝටාව සපුරා ඇත්නම් අදාළ වෘත්තීය සඳහා ආරාධනා පත්‍ර නිකුත් නොකරන බවද ACT රජය පවසයි.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ACT රජයෙන් විශේෂ පණිවිඩයක්

ඔස්ට්‍රේලියානු දේශසීමා වසා දැමීම හේතුවෙන් ඔබට නැවත ඕස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකි වුයේ නම්, ඔබ විදේශයක ජීවත් වන අතරතුර ACT හි පදිංචිය හෝ ACT  හි අධ්‍යාපනය සඳහා වන Matrix ලකුණු ලබා ගැනීමට ඔබට සුදුසුකම් ලැබිය හැකි බව ACT රජය පවසයි.

මේ අතර COVID-19 මහජන සෞඛ්‍ය නීති සහ සීමා කිරීම් ඔබේ රැකියාවේ සේවා පැය සඳහා බලපෑවේ නම් ඉන් ඔබට නිදහස් කිරීමක් ඉල්ලා සිටිය හැකි බවද ACT රජය පවසයි.



Share

5 min read

Published

Updated

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now