SKIP TO MAIN CONTENT

ALERT : නවසීලන්තයට ප්‍රභල භූ කම්පනයක් : හැරී කුමරු සහ මේගන් කුමරියද ද නවසීලන්තයේ.

Where the earthquake was felt. Source: GeoNet
Where the earthquake was felt. Source: GeoNet

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Skip to article content

නවසීලන්තයේ උතුරු දිවයිනට (North Island.) රිච්ටර් මාපාංක 6.2 ක ප්‍රභල භූ කම්පනයක් ඇතිව තිබේ. වෙලිංටන් අගනගරය සහ තදාසන්න New Plymouth නගරය මෙම භූ කම්පනය හේතුවෙන් සෙලවීමකට ලක්වුණු බවද වාර්තා වේ. නවසිලන්ත වේලාවෙන් අද (Oct 30) සවස 3.30 ට පමණ මෙම භූ කම්පනය හටගෙන තිබේ.

මෙය උතුරු දිවයිනට නිරිත දිගින් කි.මි. 270 ක ගැඹුරින් හටගෙන ඇති බව United States Geological Survey (USGS) වාර්තා කරයි. මෙම අවස්ථාවේදී නවසීලන්ත පාර්ලිමේන්තු සභාවාරය පැවතෙමින් සිට ඇති අතර ඇතිවුණු ගැඹුරු කම්පනය හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු ද මේවන විට නවතා දමා තිබේ.

මෙම කම්පනයෙන් පුද්ගල හෝ දේපල හානියක් පිළිබඳව මෙතෙක් කිසිඳු තොරතුරක් වාර්තා නොවන අතර සුනාමි අනතුරු අඟවිමක්ද මේ වන තෙක් නිකුත්කොට නොමැති බවද නවසිලන්ත සිවිල් ආරක්ෂක කටයුතු අංශ පවසයි.

මේවන විට හැරී කුමරු සහ මේගන් කුමරිය නවසීලන්ත චාරිකාවේ නියැලී සිටී. ඔවුන් මේවන විට මෙම භූ කම්පනය හටගත් අපි කේන්ද්‍රයට කි.මි. 250ක් උතුරින් වන ඕක්ලන්ඩ් නගරයේ රැඳී සිටි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now