ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලත් ගුවන් මගීන්ගේ සීමාව තවත් 2,000 කින් ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය යෝජනා කරයි (SBS සිංහල/ වාර්තා

In WA visitors will be able to self-isolate for 14 days at "suitable premises" like a house.

En Australia Occidental los visitantes podrán aislarse durante 14 días en "instalaciones adecuadas", como por ejemplo una casa. Source: AAP

විදේශ රටවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට මේ වන විට ඔස්ට්‍රේලියාවට පැමිණීමට සතිපතා පනවා ඇති උපරිම ගුවන් මගීන් සංඛ්‍යාවේ සීමාව (Arrival Cap) ඉහළ දමන ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය, ප්‍රාන්ත හා ටෙරිටරි රජයන්ගෙන් යළි ඉල්ලයි.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)  


ඒ සඳහා මේ වන විට එක් එක් ප්‍රාන්තයේ සිදුකෙරෙන හෝටල් නිරෝධායන වැඩසටහනේ ධාරිතාව ඉහළ දමන ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සෑම ප්‍රාන්තයකට ම සහ ටෙරිටරියකට ම දැඩි පීඩනයක් එල්ල කරයි.

Indian nationals at Sydney Airport
Source: AAP

විදේශයන්හි සිරව සිටින ඔස්ට්‍රේලියානුවන් යළි ගෙන්වා ගැනීම

මේ වන විට සතියකදී උපරිම වශයෙන් විදේශයන්හි සිටින ඔස්ට්‍රේලියානුවන් 4000 කට පමණක් යළි ගුවන් මගින් ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලැබේ.

නමුත් තවත් අමතර 2000 ක් ඊට එකතු කරන ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය යෝජනා කර තිබේ.

නිරෝධායන කටයුතු සඳහා ඇති ස්ථාන වල ධාරිතාව වැඩි කරන ලෙස ඉල්ලා ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති හා මධ්‍යම රජයේ ප්‍රවාහන අමාත්‍ය Michael McCormack සියලු ප්‍රාන්ත අගමැති වරුන්ට සහ ටෙරිටරි වල ප්‍රධාන අමාත්‍යවරුන්ට ලිඛිතව දන්වා යවා ඇත.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


මේ වන විටත් ඔස්ට්‍රේලියානුවන් 25,000 ක් පමණ ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව විදෙස් රටවල සිටින බව අනාවරණය වී තිබේ.

මේ අන්දමින් සතියකට ඔස්ට්‍රේලියාවට පැමිණෙන ගුවන් මගීන්ගේ සීමාව ඉහළ දැමුවහොත් විදේශයන්හි සිරව සිටින ඔස්ට්‍රේලියානුවන් වැඩි ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට හැකියාවක් ලැබෙන බව ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති Michael McCormack පැවසීය.

Deputy Prime Minister Michael McCormack.
Deputy Prime Minister Michael McCormack. Source: AAP

ඔස්ට්‍රේලියානුවන් ගේ යළි පැමිණීමේ සංඛ්‍යාව පිළිබඳ වර්තමාන තත්වය

වර්තමානය වන විට විදෙස්ගතව සිට ඔස්ට්‍රේලියාවට යළි පැමිණෙන ගුවන් මගීන් ගේ උපරිම සංඛ්‍යාව පහත පරිදි වන බව ABC පුවත් සේවය වාර්තා කරයි.

මෙම සංඛ්‍යා ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරි වල ක්‍රියාත්මක කෙරෙන නිරෝධායන වැඩසටහන් වල ධාරිතාව අනුව වෙනස් වේ.

මෙල්බර්න් නුවර මේ වන විට හෝටල් නිරෝධායන කටයුතු සිදු නොවන බැවින් ජාත්‍යන්තර ගුවන් යානා කිසිවක් මෙල්බර්න් ගුවන් තොටුපොළ වෙත නොපැමිණේ.

  • සිඩ්නි: දිනකට ගුවන් මගීන් 350
  • පර්ත්: සතියකට ගුවන් මගීන් 525
  • බ්‍රිස්බේන්: සතියකට ගුවන් මගීන් 500
  • ඇඩිලේඩ්: සතියකට ගුවන් මගීන් 500
  • කැන්බරා සහ ඩාවින්: එක් එක් ගුවන් ගමනේ මගී සීමාවන් දෛනිකව පවතින කොරෝනා තත්ත්වය අනුව තීරණය කෙරේ
  • මෙල්බර්න් සහ හෝබාර්ට්: ජාත්‍යන්තර ගුවන් ගමන් කිසිවක් නොපැමිණේ
International arrival caps
Australia is one of few countries in the world to ban its citizens from leaving the country Source: James D. Morgan/Getty Images

යෝජිත ඉහළ දැමීමේ ගුවන් මගීන් බෙදී යන අයුරු

නව යෝජනාව අනුව ඔස්ට්‍රේලියාවට පැමිණෙන ගුවන් මගීන් සංඛ්‍යාව සතියකට 2000 කින් ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය යෝජනා කර තිබේ.

ඒ අනුව එම සංඛ්‍යාව පහත අයුරින් ඉහළ දැමීමට මධ්‍යම රජය යෝජනා කර ඇත.

  • සිඩ්නි, බ්‍රිස්බේන් සහ පර්ත්: සතියකට ගුවන් මගීන් 500 කින් ඉහළට
  • ඇඩිලේඩ්: සතියකට ගුවන් මගීන් 360 කින් ඉහළට

ටස්මේනියාව, Northern Territory සහ ACT තුළ ද මෙම සංඛ්‍යා වල ඉහළ යාමක් දැකීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට අවශ්‍ය බව ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති Michael McCormack පැවසීය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ තවමත් කොරෝනා වයිරසය පැතිරීමේ අවදානම පහව නොගොස් ඇති හෙයින් තවමත් කිසිදු ජාත්‍යන්තර ගුවන් යානයක් මෙල්බර්න් නුවරට නොපැමිණේ.

how to where a mask
Source: SBS Sinhala

Share

3 min read

Published

Updated

By Tom Stayner, Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now