ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය අයහපත් අතට හැරෙමින් පවතින බව ඔස්ට්‍රේලියානුවන් සිතන බව හෙළිවෙයි.
ඔවුන් හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ගැනීමට සහ අත්‍යවශ්‍ය සේවාවන් ලබා ගැනීමට දිගු වේලාවක් රැඳී සිටීමේ ගැටලුවලට මුහුණ දෙමින් සිටීම ඊට ප්‍රධාන හේතුව වී ඇත.
Highlights
- ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය සේවා ශ්‍රේණිගත කිරීමේ සමීක්ෂණයට අනුව මේ වසරේ ජුනි මාසය වන විට ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවා ශ්‍රේණිගත කිරීම 7.2 දක්වා තවත් පහත බැස තිබේ.
- ඉදිරියේදී සැලකිය යුතු සෞඛ්‍ය අර්බුදයක් ඇතිවන බව එම සමීක්ෂණයේ සොයාගැනීම්වලින් පෙන්නුම් කරන බව Healthengine හි ප්‍රධාන විධායක වෛද්‍ය Marcus Tan පැවසීය.
- පුද්ගලික සෞඛ්‍ය රක්ෂණයේ පිරිවැය, හදිසි අනතුරු අංශයේ රැඳී සිටින දිගු වේලාවන් සහ මානසික සෞඛ්‍ය රැකවරණය සඳහා ඇති ප්‍රවේශය යන දේවල් පිළිබඳ ජනතාව වැඩි අවධානයක් යොමු කර ඇත.
ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවා ශ්‍රේණිගත කිරීම පහතට
පසුගිය වසරේ මාර්තු මාසයේදී ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවා ශ්‍රේණිගත කිරීම 10 න් 7.8 ක් දක්වා පහත වැටුණි
ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය සේවා ශ්‍රේණිගත කිරීමේ සමීක්ෂණයට අනුව මේ වසරේ ජුනි මාසය වන විට එය 7.2 දක්වා තවත් පහත බැස තිබේ.
මෙම සමීක්ෂණය පසුගිය අප්‍රේල් මාසයේදී ක්‍රියාත්මක කළ අතර ඒ සඳහා පුද්ගලයින් 11,652 ක් සහභාගී කරගත් බව සඳහන්.
ඉදිරියේදී සැලකිය යුතු සෞඛ්‍ය අර්බුදයක් ඇතිවන බව එම සමීක්ෂණයේ සොයාගැනීම්වලින් පෙන්නුම් කරන බව Healthengine හි ප්‍රධාන විධායක වෛද්‍ය Marcus Tan පැවසීය.
සමස්ත ප්‍රවණතාවය වැරදි දිශාවකට ගමන් කරමින් ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය සේවා පද්ධතිය මහත් පීඩනයකට ලක්ව ඇති අතර එය වඩාත් අයහපත් අත්දැකීම් සහ ප්‍රතිඵලවලට තුඩු දෙන බවද වෛද්‍ය Tan පැවසීය.

සමීක්ෂණයේ ප්‍රතිඵල
මෙම සමීක්ෂණයට සහභාගිවන්නන්ට පහත සඳහන් ප්‍රධාන කරුණු තුනක් පිළිබඳ ගැටළු තිබුණි.
- පුද්ගලික සෞඛ්‍ය රක්ෂණයේ පිරිවැය
- හදිසි අනතුරු අංශයේ රැඳී සිටින දිගු වේලාවන්
- මානසික සෞඛ්‍ය රැකවරණය සඳහා ඇති ප්‍රවේශය
පෞද්ගලික සෞඛ්‍ය රක්‍ෂණ සහ මානසික සෞඛ්‍ය ප්‍රශ්න එකිනෙකට සම්බන්ධ වේ.
උසස් තත්ත්වයේ මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර සඳහා ප්‍රවේශ වීමට තම පුද්ගලික සෞඛ්‍ය රක්ෂණය සඳහා මුදල්මය වටිනාකමක් මිනිසුන්ට අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු මනෝවිද්‍යා සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී Zena Burgess පැවසුවාය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
පසුගිය මාස හය තුළ තමන්ගේ මානසික සෞඛ්‍යය පිරිහී ඇති බවත් සමාජයේ පුද්ගලයින්ගෙන් 60% කට ආසන්න ප්‍රමාණයක් තවමත් ප්‍රතිකාර ලබා ගැනීමට මාර්ගයක් සොයන නමුත් මාස තුනකට වඩා වැඩි කාලයක් ඔවුන්ට බලා සිටීමට සිදුවේ.
මනෝවිද්‍යාඥයින් තිදෙනෙකුගෙන් එක් අයෙකුට පශ්චාත් කොවිඩ් වසංගතයෙන් පසු නව සේවාදායකයින් දැකීමට නොහැකි වූ අතර, එම අගය කලින් 100 න් එකකි.
මේ අතර සෑම විටම ජීවන වියදම වැඩි වෙමින් පවතී.
පසුගිය මාස හය තුළ රජයේ රෝහල් හදිසි ප්‍රතිකාර අංශයට පැමිණි සෞඛ්‍ය සේවා ශ්‍රේණිගත කිරීමේ සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 40% කට ආසන්න ප්‍රමාණයක් ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳව සෑහීමකට පත් නොවීය.
ඔස්ට්‍රේලියානුවන් සඳහා ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස elective සැත්කම් පොරොත්තු කාලයන් පිළිබඳව අධ්‍යයනය පෙන්වා දී ඇති අතර, පළමු ඛාණ්ඩයේ රෝගීන්ගෙන් 56% ක් ප්‍රතිකාර සඳහා නිර්දේශිත දින 30කට වඩා බලා සිටින අතර 15%ක් වසරකට වැඩි කාලයක් බලා සිටී.

