ජාත්‍යන්තර සිසුන්ට සහ සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාව දෙසැ 15 විවෘත කිරීමට සූදානම් (SBS සිංහල /වාර්තා)

Omicron කොවිඩ් ප්‍රභේදය සහ කොවිඩ් එන්නත්වල කාර්යක්ෂමතාව පිළිබඳ වැඩි විස්තර ලබාගැනීමට අදාළ වීසා ලාභීන්ට ඔස්ට්‍රේලියාවේ දේශ සීමා විවෘත කිරීම සති දෙකකට ප්‍රමාද කිරීමට මධ්‍යම රජය තීරණය කළේය.

international arrival

Source: AAP Image/Aaron Chown/PA Wire

සුදුසුකම් ලත් වීසා ලාභීන්ට ඔස්ට්‍රේලියානු දේශ සීමා දෙසැම්බර් 15 වන දින යළි විවෘත කිරීමට හැකිවන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt අද (13/12) තහවුරු කළේය.

මීට පෙර අදාළ වීසා ලාභීන්ට දෙසැම්බර් 01 වන දින ඔස්ට්‍රේලියානු දේශ සීමා විවෘත කිරීමට සැලසුම් කර තිබූ නමුත් Omicron කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් එය සති දෙකකට කල් දැමුණි.


Highlights

  • සුදුසුකම්ලත් වීසා ලාභීන්ට දෙසැම්බර් 15 වන දින ඔස්ට්‍රේලියානු දේශ සීමා යළි විවෘත කරන බව සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසුවේය.
  • ජපානයේ සහ දකුණු කොරියාවේ පුරවැසියන්ටද ඔස්ට්‍රේලියාවේ දේශ සීමා දෙසැම්බර් 15 සිට විවෘත කෙරෙන බව අගමැති මොරිසන් තහවුරු කළේය.
  • අදාළ වීසා හිමියන් පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක් වී සිටිය යුතුය.

ඔස්ට්‍රේලියානු දේශ සීමා දෙසැම්බර් 15 විවෘත කෙරේ

එළඹෙන නත්තල වන විට ඔස්ට්‍රේලියාව සිය වීසා බලපත්‍රලාභීන්ට යළි විවෘත කළ හැකි බව අගමැති Scott Morrison පසුගිය සති අන්තයේදී ප්‍රකාශ කළේය.

මේ අතර සුදුසුකම් ලත් වීසා ලාභීන්ට දෙසැම්බර් 15 වන දින ඔස්ට්‍රේලියානු දේශ සීමා යළි විවෘත කරන බව  සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt අද පැවසුවේය.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


ජාත්‍යන්තර සිසුන් සහ පුහුණු ශ්‍රමිකයින් එම වීසා ලාභීන් අතර වේ.

Omicron කොවිඩ් ප්‍රභේදය සහ කොවිඩ් එන්නත්වල කාර්යක්ෂමතාව පිළිබඳ වැඩි විස්තර ලබාගැනීමට අදාළ වීසා ලාභීන්ට ඔස්ට්‍රේලියාවේ දේශ සීමා විවෘත කිරීම සති දෙකකට ප්‍රමාද කිරීමට මධ්‍යම රජය තීරණය කළේය.

ඔස්ට්‍රේලියානු අගමැති, ජාතික කැබිනට් මණ්ඩලය සහ ප්‍රධාන වෛද්‍ය නිලධාරියාගේ උපදෙස් මත සාකච්ඡා කර මෙම සැලසුම ඉදිරියට ගෙන යන බවද සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසුවේය.

ජපානයේ සහ දකුණු කොරියාවේ පුරවැසියන්ටද ඔස්ට්‍රේලියාවේ දේශ සීමා යළි විවෘත කිරීම දෙසැම්බර් 15 දින දක්වා කල් දැමුණි.

ඔවුන්ටද ඔස්ට්‍රේලියාවේ දේශ සීමා දෙසැම්බර් 15 සිට විවෘත කෙරෙන බව අගමැති මොරිසන් තහවුරු කළේය.

International students
Source: Getty Images/Kiyoshi Hijiki

දෙසැම්බර් 15 දින සිට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලැබෙන වීසා හිමියන් වර්ග

  • ජාත්‍යන්තර සිසුන්
  • නිපුණතා සංක්‍රමණිකයින්
  • humanitarian වීසා හිමියන්
  • working holiday වීසා හිමියන්
  • තාවකාලික රැකියා වීසා හිමියන්
  • provisional family වීසා හිමියන්

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී සැපිරිය යුතු කොන්දේසි

දෙසැම්බර් 15 සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන සුදුසුකම් ලත් වීසා ලාභීන් පහත සඳහන් කොන්දේසි සපුරා තිබිය යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දැනුම් දෙයි.

  • පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලබා තිබිය යුතුය.
  • එය සහතික කරන වලංගු කොවිඩ් එන්නත් සහතිකයක් පෙන්විය යුතුය.
  • එම කොවිඩ් එන්නත් ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් අනුමත කළ හෝ පිළිගෙන ඇති හෝ කොවිඩ් එන්නතක් විය යුතුය.
  • තම රටින් පිටවීමට පැය 72 කට පෙර PCR පරීක්ෂණයක් සිදුකර එහි ප්‍රතිඵල ඍණාත්මක බවට සනාථ කළ යුතුය.
  • ඔස්ට්‍රේලියාවට පැමිණීමෙන් පසු අදාළ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ නිරෝධායන අවශ්‍යතාවලට අනුකූල විය යුතුය.

ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබා දී ඇති සහ පිළිගෙන ඇති කොවිඩ් එන්නත් පිළිබඳ සම්පුර්ණ විස්තරයක් මෙතනින් ලබාගත හැකිය.


Share

3 min read

Published

Updated

By Tom Stayner, Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now