ඔස්ට්‍රේලියාවේ විදුලියෙන් ධාවනය කෙරෙන වාහනවලට අනාගතයේ සිදුවෙන දේ මෙන්න (SBS සිංහල/ වාර්තා)

විදුලියෙන් ධාවනය කෙරෙන වාහන පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ප්‍රතිපත්ති අගමැති මොරිසන් විසින් එළිදක්වන ලදී.

Prime Minister Scott Morrison drives a hydrogen-fuelled car around a Toyota test track in Melbourne.

Prime Minister Scott Morrison drives a hydrogen-fuelled car around a Toyota test track in Melbourne. Source: AFP

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය electric vehicles හෙවත් විදුලියෙන් ධාවනය කෙරෙන වාහන කෙරෙහි සිය ස්ථාවරය අද ප්‍රකාශ කළේය.

විදුලියෙන් ධාවනය කෙරෙන වාහන කෙරෙහි සහයෝගය ලබා දෙන්නේ කෙලෙසදැයි ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison එහිදී ප්‍රකාශ කළේය.


Highlights

  • විදුලියෙන් ධාවනය කෙරෙන වාහන පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ප්‍රතිපත්ති අගමැති මොරිසන් විසින් එළිදක්වන ලදී.
  • ඔස්ට්‍රේලියාවේ විදුලියෙන් ධාවනය කෙරෙන වාහන ආරෝපණය කිරීමේ යටිතල පහසුකම් සඳහා ඩොලර් මිලියන 250ක් ආයෝජනය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වේ.
  • ඔස්ට්‍රේලියාවේ විදුලියෙන් ධාවනය කෙරෙන වාහන අලෙවිය බොහෝ යුරෝපීය රටවලට සාපේක්ෂව අඩු මට්ටමක ඇත.

විදුලියෙන් ධාවනය කෙරෙන වාහනවලට අඩු සැලකිල්ලක්

විදුලියෙන් ධාවනය කෙරෙන වාහන සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අඩු සහයෝගයක් ලබදෙන බවට විදුලියෙන් ධාවනය කෙරෙන වාහන කෙරෙහි අද එළිදැක්වූ ඔවුන්ගේ සැලසුමෙන් හෙළිවිය.

විදුලියෙන් ධාවනය කෙරෙන වාහන සඳහා නව සහනාධාර නොමැතිකම සහ බදු සහන දීමනා නොමැතිවීම නිසා බොහෝ ඔස්ට්‍රේලියානුවන් සඳහා විදුලියෙන් ධාවනය කෙරෙන වාහනවල මිල අධික වනු ඇත.

මෙහිදී මිනිසුන්ට අවශ්‍ය වාහන මිල දී ගැනීමට හැකි විය යුතු බව පවසමින්, ශුන්‍ය කාබන් විමෝචන වාහන භාවිතා කිරීමට ඔස්ට්‍රේලියානුවන්ට බල කළ හැකි ප්‍රතිපත්තියක් සැකසීම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පැහැදිලිවම ප්‍රතික්ෂේප කර ඇත.

කෙසේවෙතත්, ඔස්ට්‍රේලියාවේ විදුලියෙන් ධාවනය කෙරෙන වාහන ආරෝපණය කිරීමේ යටිතල පහසුකම් සඳහා ඩොලර් මිලියන 250ක් ආයෝජනය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වේ.

ගෝලීය වශයෙන් ඔස්ට්‍රේලියාව සසඳන කල

ඔස්ට්‍රේලියාවේ විදුලියෙන් ධාවනය කෙරෙන වාහන අලෙවිය ලෝකයට, විශේෂයෙන් බොහෝ යුරෝපීය රටවලට සාපේක්ෂව අඩු මට්ටමක ඇත.

පසුගිය අගෝස්තු මාසයේදී නිකුත් කරන ලද නවතම මෝටර් රථ විකුණුම් දත්තවලට අනුව 2021 පළමු භාගයේදී ඔස්ට්‍රේලියාවේ විදුලියෙන් ධාවනය කෙරෙන වාහන 8,688 ක් අලෙවි වී ඇති බවය.

විදුලි වාහන කවුන්සිලයට අනුව මෙය ඔස්ට්‍රේලියානු සැහැල්ලු වාහන වෙළෙඳපොළේ අලෙවි වූ මුළු ප්‍රමාණයෙන් 2% කටත් වඩා අඩු ප්‍රමාණයක් විය.
ලොව ප්‍රමුඛතම විදුලි වාහන භාවිතා කරන රට ලෙස නෝර්වේ රාජ්‍යය හැඳින්වේ.

එහි වසර 2020 දී අලෙවි වූ සියලුම සැහැල්ලු වාහනවලින් 74.8% ක් පමණ විදුලි වාහන විය.

මේ අතර එක්සත් රාජධානියේ එම ප්‍රතිශතය 10.7% ක් වූ අතර චීනයේ 6.2% ක් විය. එමෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ එම ප්‍රතිශතය 2.3% ක් විය.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ප්‍රතිචාරය මගින් විදුලි වාහන ලබා ගැනීම වැඩි කිරීමේදී අවශ්‍ය ප්‍රමාණයෙන් 5% ක් පමණක් ආමන්ත්‍රණය කර ඇති බව ඔස්ට්‍රේලියාවේ විදුලි වාහන කවුන්සිලයේ ප්‍රධාන විධායක Behyad Jafari පැවසුවේය.
Prime Minister Scott Morrison inside an electric vehicle at an engineering facility specialising in renewable technology during a visit to the Hunter Valley, Monday, November 8, 2021. (AAP Image/Mick Tsikas) NO ARCHIVING
Prime Minister Scott Morrison inside an electric vehicle at an engineering facility specialising in renewable technology during a visit to the Hunter Valley. Source: AAP

ඔස්ට්‍රේලියාව දශකයක් පිටුපසින්

විදුලියෙන් ධාවනය කෙරෙන වාහන සම්බන්ධයෙන් බලන කල ඔස්ට්‍රේලියාව දශකයක් පිටුපසින් සිටින බව ඔස්ට්‍රේලියාවේ විදුලි වාහන කවුන්සිලයේ ප්‍රධාන විධායක Behyad Jafari, SBS පුවත් සේවයට පැවසීය.

ඔස්ට්‍රේලියාවේ විදුලි වාහන කවුන්සිලයට අනුව ඔස්ට්‍රේලියාවේ දැනට රට පුරා පොදු චාජර් (ආරෝපණ මධ්‍යස්ථාන) 3,000 ක් පමණ ස්ථාපනය කර ඇත.

කැලිෆෝනියාවේ පමණක් පොදු සහ හවුලේ භාවිත කළ හැකි චාජර් 73,000 ක් ඇති බව ඔවුහු පවසති.

විදුලි වාහන ආශ්‍රිතව ආරෝපණ මධ්‍යස්ථාන සහ යටිතල පහසුකම් සඳහා ආයෝජන අවශ්‍ය වුවද, එය විදුලි වාහන ලබා ගැනීම දිරිමත් කිරීමට සහ වේගවත් කිරීමට ප්‍රමාණවත් නොවන බව ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ බුද්ධි මණ්ඩලයක් වන Grattan ආයතනයේ Tony Wood පැවසීය.
යුරෝපීය සංගමය විසින් අනුගමනය කරන ලද ඉන්ධන කාර්යක්ෂමතා ප්‍රමිතීන් වැනි ආකෘතියක් නොමැතිව, විදුලි වාහන මන්දගාමී ලෙස ලබා ගැනීම ඔස්ට්‍රේලියාවට ගෝලීය වෙළඳපොළට ඇති ප්‍රවේශය අඩාල කළ හැකි බව ද ඔහු ප්‍රකාශ කළේය.

වසර 2025 සිට නව පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථ අලෙවිය තහනම් කරන බව නෝර්වේ සහ දකුණු කොරියාව මේ වන විට නිවේදනය කර ඇත.

තවද එක්සත් රාජධානිය, ජර්මනිය සහ ඊශ්‍රායලය වසර 2030 වන විට විදුලි වාහන ඉලක්කය කරා ළඟා වීමට කැපවී සිටිති.

මේ අතර චීනය, කැනඩාව සහ සිංගප්පූරුව වසර 2035 සහ 2040 අතරේ ෆොසිල ඉන්ධන භාවිත කරන නව වාහන ඉවත් කරනු ඇත.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

කෙසේනමුත්, ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය වසර 2030 වන විට තම නව වාහනවලින් 50% ක් විදුලි වාහනවලට ලබා දීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම 2030-31 වසර වන විට විදුලි වාහනවල අලෙවිය 53% දක්වා වැඩි කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය විසින් විදුලි වාහන පිළිබඳ උපාය මාර්ගයක් නිවේදනය කරන ලදී.

එම ප්‍රාන්ත දෙකම නව විදුලි වාහන මිලදී ගැනීම් සඳහා මූල්‍ය වට්ටම් ද හඳුන්වා දී ඇත.

ඒ අතර ඇතැම් ප්‍රාන්ත හා ටෙරිටරි විදුලි වාහන සඳහා මුද්දර ගාස්තු සහ ලියාපදිංචි ගාස්තු නිදහස් කිරීමටද ඉදිරිපත් වී ඇත.

Share

Published

Updated

By Tom Stayner, Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service