AstraZeneca එන්නත නිසා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය හා ප්‍රාන්ත අගමැතිවරු පැටලෙති

වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම පුද්ගලයෙකු හට AstraZeneca එන්නත ලබාගනීමට අවසර ඇති බවට ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison පැවසීමත් සමග අර්බුදකාරී තත්ත්වයකට යළි පත්වී ඇති ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

Kikao cha dharura cha baraza lamawaziri wakitaifa chajadili utoaji wa chanjo za COVID-19

Kikao cha dharura cha baraza lamawaziri wakitaifa, chajadili utoaji wa chanjo za COVID-19. Source: AAP

ඔස්ට්‍රේලියානුවන් කුමන වර්ගයේ COVID-19 එන්නතක් ලබා ගත යුතුද යන්න පිළිබඳව පරස්පර විරෝධී උපදෙස් වලට මුහුණ දීම නිසා ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය මේ වන විට අවුල් සහගත තත්ත්වයකට පත්වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත් ලබාගත හැකි සියලුම පුද්ගලයින් ට තමාගේ පවුලේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කර AstraZeneca එන්නත ලබාගැනීමට අවසර ඇති බවට පසුගිය සඳුදා ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrisson ප්‍රකාශ කළා.

නමුත් එම උපදෙස මේ වන විට ඇතැම් ප්‍රාන්ත සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

රජයේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි ඉල්ලීම සහ සිහි කැඳවීම නිසා ඔස්ට්‍රේලියානුවාසීන් තම COVID-19 එන්නත ලබා ගැනීමට නැවතත් වැඩි වැඩියෙන් පෙළඹී තිබෙනවා.

නමුත් ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත් ලබාගත හැකි සියලුම පුද්ගලයින් ට තමාගේ පවුලේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කර AstraZeneca එන්නත ලබාගැනීමට අවසර ඇති බවට පසුගිය සඳුදා ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrisson ප්‍රකාශ කිරීමත් සමග තමා ලබාගත යුත්තේ කුමන COVID-19 එන්නතද යන්න පිළිබඳ ඔස්ට්‍රේලියානුවාසීන්ට ගැටළු මතුවී තිබෙනවා.

අගමැති මොරිසන්ගේ එම උපදෙස මේ වන විට ඇතැම් ප්‍රාන්ත සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබීම ඊට තවත් හේතුවක්.

නමුත් AstraZeneca එන්නත ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත් ලබාගත හැකි සියලුම පුද්ගලයින්ට ලබාගැනීමට අවසර දීම පිළිබඳ මධ්‍යම රජයේ තීරණය නිවැරදි බව ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනී Karen Andrews ප්‍රකාශ කළා.

Minister for Home Affairs Karen Andrews
Home Affairs Minister Karen Andrews Source: AAP

ක්වීන්ස්ලන්ත සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජයන් විරුද්ධ වෙයි

එම තීරණය ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය පැහැදිලිවම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වයස අවුරුදු 40 ට අඩු කිසිවෙකුටත් AstraZeneca එන්නත ලබාදීමට තමන්ට අවශ්‍ය නැති බවත් රුධිරය කැටි ගැසීමේ අතුරු ආබාධය නිසා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වයස අවුරුදු 18 පසුවන තරුණ ප්‍රජාව මියැදීමට ඉඩ දීමට තමන්ට නොහැකි බවත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී Jeanette Young පැවසුවා.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය ද ක්වීන්ස්ලන්තයේ මතයට එකඟ වී තිබෙනවා.

AstraZeneca එන්නත ලබාගත යුත්තේ කුමන වයස් ඛාණ්ඩයේ පුද්ගලයින්ට ද කියා ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය සංගමය උපදෙස් ලබා දී තිබෙන බවත් එනිසාම ඔවුන්ගේ උපදෙස් වලට අනුව වයස අවුරුදු 40 ට අඩු කිසිවෙකුටත් AstraZeneca එන්නත ලබා නොදිය හැකි බවත් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැති Mark McGowan පැවසුවා. 

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීනි වෛද්‍ය Kerry Chant ද මේ සම්බන්ධ ප්‍රවේශම්කාරී උපදෙසක් ඉදිරිපත් කළා.

පුද්ගලයන්ට කුමන කොරෝනා එන්නත ලබාගන්නවා ද යන්න පිළිබඳ පෞද්ගලික තේරීම් කළ හැකි බව ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඕස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම පවසා ඇති නමුත් එම තේරීම සහ එහි ප්‍රතිඵල පිළිබඳව ඔවුන්ව දැනුවත් කළ යුතු බව ඇය ප්‍රකාශ කළා.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


අර්බුදයේ ආරම්භය

පසුගිය පෙබරවාරි මාසයේදී ඔස්ට්‍රේලියාවේ ඖෂධ නියාමන ප්‍රධානියා වන චිකිත්සක භාණ්ඩ පරිපාලනය විසින් ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම පුද්ගලයකු හට AstraZeneca එන්නත ලබාදීම සුදුසු යයි අනුමත කළා.

නමුත් පසුව AstraZeneca එන්නත ලබාගන්නා ඇතැම් පුද්ගලයින් හට කලාතුරකින් රුධිරය කැටි ගැසීමේ අතුරු ආබාධයක් ඇතිවන බවට සොයාගැනුනා.

ඒ අනුව වයස අවුරුදු 16 ත් 60 ත් අතරේ පසුවන ඔස්ට්‍රේලියානුවාසීන්ට Pfizer එන්නත ගැනීම සුදුසු බවට ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඕස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම නිර්දේශ කළා.

ඉන් අනතුරුව පසුගිය ජුනි 28 වන දා රාත්‍රියේදී වයස අවුරුදු 18 ට වැඩි සෑම පුද්ගලයෙකු හටම AstraZeneca එන්නත ලබාගත හැකි බවට අගමැති මොරිසන් ප්‍රකාශ කළා. 

දැන් අගමැති මොරිසන් එයින් අදහස් කළේ කුමක්ද යන්න පැහැදිලි කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය   Greg Hunt උත්සාහ දරනවා.

Prime Minister Scott Morrison makes an announcement on Monday evening while isolating at The Lodge, following a National Cabinet meeting.
نخست‌وزیر اسکات موریسن شامگاه روز دوشنبه (۲۸ جون) اعلام کرد که افراد زیر ۴۰ سال می‌توانند در مورد دریافت استرازنکا با داکتر خود مشورت کنند. Source: SBS

ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන දැඩි පසුගාමී තත්ත්වයක

ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් ලබාදීම සමස්ත ඔස්ට්‍රේලියාවෙන් 5% කටත් වඩා අඩු ප්‍රමාණයක් වන බවත් එය දැඩි පසුගාමී තත්ත්වයක් බවත් ජාත්‍යන්තර දත්ත පෙන්වා දෙනවා.

මේ අතර පසුගිය සඳුදා රාත්‍රියේ ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඔස්ට්‍රේලියාවේ හෝටල් නිරෝධායන නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව අවධානය යොමු කළා.

එමෙන්ම ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයින්ගෙන් 20% ක් ඔස්ට්‍රේලියානු පුරවැසියන් හෝ ස්ථිර පදිංචිකරුවන් නොවන බව ඔස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂණ බලකාය පවසනවා.

ක්වීන්ස්ලන්තයට මෑතකදී කොරෝනා වයිරසය ගෙනා පුද්ගලයා අවදානමට ලක්විය හැකි ඔස්ට්‍රේලියානු ජාතිකයෙක් නොව සාමාන්‍ය සංචාරකයෙක් බවත් මේ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk පැවසුවා.

නමුත් චිත්‍රපට, රූපවාහිනී සහ ක්‍රීඩා ක්ෂේත්‍ර වල නිරත පුද්ගලයින් හට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනිය ප්‍රමුඛ ප්‍රාන්ත රජය අවසර දී තිබෙන බවත් එවැනි ක්‍රියා සිදුකර අසාර්ථක වූ විට හිටි හැටියේම ඔවුන් මධ්‍යම රජයට චෝදනා කරන බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනී Karen Andrews පැවසුවා.


4 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now