SKIP TO MAIN CONTENT

රජය නාවුරු දුපතේ රඳවා ඇති සරණාගත පිරිස් රහසේම ඕස්ට්‍රේලියානු ප්‍රධාන භූමියට රැගෙන එයි

Refugee boat
Refugee boat

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Skip to article content

නාවුරු දුපතේ පිහිටි සරණාගත කඳවුරේ රඳවා සිටි සරණාගත පිරිස් හොර රහසේම දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර වෙත කැඳවා ගෙන එනු ලැබ ඇතැයි වාර්තා වේ. සාමාන්‍යයෙන් නාවුරු දුපතේ සිට ඕස්ට්‍රේලියානු ප්‍රධාන භූමිය වෙත ගුවන් ගමන් වාර සිදු නොවෙන නමුත් පසුගිය සඳුදා සිට මෙම නාවුරු සිට පැමිණි ගුවන් යානා ඇඩිලේඩ් හි දක්නට ලැබුණු බව මේ පිලිබඳ තොරතුරු වාර්තාකරණ අංශ සඳහන් කොට සිටී.

ඇඩිලේඩ් නුවර ආශ්‍රිත කතෝලික පූජක තුමෙකු SBS මාධ්‍යට පවසා සිටියේ පසුගිය සති 4 ක කාලය තුලදී මෙලෙස නාවුරු සිට ඇඩිලේඩ් වෙත සරණාගත පවුල් 4 සිට 7 දක්වා වන සංක්‍යාවක් ගුවනින් රැගෙන ආ බවයි. මෙම පවුල් වල සිටින දරුවන් හදිසි ප්‍රතිකාර අවශ්‍ය දරුවන් ලෙසට හඳුනාගෙන ඇති අතර ඔවුන් මේ වන විට ඇඩිලේඩ් හි කාන්තා සහ ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බවද ඔහු හෙළිකොට තිබේ.

මෙම සිදුවීමෙන් පෙනී යනුයේ ප්‍රධාන භූමියෙන් පිටත පවත්වාගෙන යනු ලබන සරණාගත මධ්‍යස්ථාන වල නිසි සෞඛ්‍ය පහසුකම් නොමැති බව යැයි 'සරණාගත ක්‍රියාකාරී සාමුහිකයේ ඉයන් රිංටුල් පවසයි.

ඕස්ට්‍රේලියාවේ වත්මන් පාලක පක්ෂය වන ලිබරල් සන්ධානය බලයට පත්වන විටදී ලබාදුන් චන්ද පොරොන්දුවක් වන offshore detention process ක්‍රියා පරිපාටියට අනුව යමින් මෙරටට බෝට්ටු මඟින් පැමිණෙන සරණාගතයින් ඕස්ට්‍රේලියානු ප්‍රධාන භූමියට භාර නොගත් අතර ඔවුන් ආපසු හරවා යැවීම හෝ ඕස්ට්‍රේලියානු ප්‍රධාන භූමියට අයත් නොවන භුමි වල රඳවා තැබිණ.

නාවුරු හි සරණාගත පවුල්වල ළමුන් ඕස්ට්‍රේලියානු ප්‍රධාන භූමියට ගෙන ඒමට සැලසුම්

මේ අතර නාවුරු දුපතේ දැනට රඳවා සිටින සරණාගත පවුල්වල දරුවන් මේ වසර අවසානය වනවිට ඕස්ට්‍රේලියානු ප්‍රධාන භුමියෙහි නැවත ස්ථාපිත කිරීමට රජය සැලසුම් කරමින් පවතින බවට නිලනොවන වාර්තා, කරුණු අනාවරණය කොට සිටී. වාර්තාවන පරිදි සරණාගත පවුල්වල ළමුන් 40 දෙනෙකු මේ වන විට නාවුරු සරණාගත කඳවුරෙහි රැඳී සිටි.

වසර 2012 සිට මේ දක්වා කාලය තුලදී නාවුරු සරණාගත කඳවුර තුල දරුවන් 46 දෙනෙකු උපත ලබා තිබේ. එසේම පසුගිය වසර කිහිපය තුලදී විවිද කාරනා මත ප්‍රධාන භුමියෙන් පිටත පිහිටා ඇති සරණාගත කඳවුරු වල සිට ඔස්ට්‍රේලියාවට රැගෙන ආ දරුවන් සංඛ්‍යාව 244ක් ලෙසට වාර්තා වේ.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now