2018 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ සිවාන දිනය වන ඊයේ (18/01) දිනය අවසන් වන විට කාන්තා හා පිරිම් අංශ වලින් ලොව සුපිරි ටෙනිස් තරු කිහිපයක්ම තුන්වන වටයට සුදුසුකම් ලබන්නට සමත් විය.
ඊයේ දිනයේදී මෙල්බන් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ට ආසන්න වූ අතර සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරග කිරීමට සිදු වුයේ මෙම අධික උෂ්ණත්වය මධ්‍යයේය.

ඒ අනුව රුසියානු සුපිරි ටෙනිස් ක්‍රීඩිකා Maria Sharapova සිය ප්‍රතිවාදී ලැටීවියානු ක්‍රීඩිකා ඇනස්ටේසිජා සෙවස්ටෝවා ව 6-1 7-6 ලෙස පරාජයට පත් කරමින් තෙවන වටය සඳහා සුදුසුකම් ලැබුවාය.
මේ අතර ලොව හිටපු අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව වන ජර්මනියේ Angelique Kerber ක්‍රොයේෂියා වේ Donna Vekic ව 6-4 6-1 ලෙස පරාජයට පත් කරමින් තෙවන වටය සඳහා සුදුසකම් ලැබුවාය.
ඊයේ Angelique Kerber සිය 30 වන උපන්දිනය සැමරීමද විශේෂත්වයකි.

කෙසේවතත්, තුන්වැනි වටයේදී Maria Sharapova සහ Angelique Kerber මුහුණට මුහුණ තරග වදිනු ඇත.
මේ අතර සුපිරි ටෙනිස් ශූර සර්බියාවේ Novak Djokovic ප්‍රංශයේ Gael Monfils ව 4-6 6-3 6-1 6-3 ලෙස පරාජයට පත් කරමින් තුන්වන වටය සඳහා සුදුසුකම් ලැබුවේය.
ඒ සමගින් ගිය වර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ශූරයා වන ස්විට්සර්ලන්තයේ Roger Federer ඊයේ දිනයේදී ජර්මනියේ Jan-Lennard Struff ව 6-4 6-4 7-6 පරාජයට පත් කරමින් තෙවන වටය සඳහා සුදුසුකම් ලැබුවේය.
ඊයේ පැවති තරග වල සාරංශය පහත පරිද වේ.
ROD LAVER ARENA
Maria Sharapova (RUS) 6-1 7-6 ක් ලෙස Anastasija Sevastova (LAT) පරාජයට පත් කළාය.
Su-Wei Hsieh (TPE) 7-6 6-4 ක් ලෙස Garbine Muguruza (SPA) පරාජයට පත් කළාය.
Novak Djokovic (SER) 4-6 6-3 6-1 6-3 ක් ලෙස Gael Monfils (FRA) පරාජයට පත් කළේය.
Ashleigh Barty (AUS) 5-7 6-4 6-1 ක් ලෙස Camila Giorgi (ITA) පරාජයට පත් කළාය.
Roger Federer (SUI) 6-4 6-4 7-6 ක් ලෙස Jan-Lennard Struff (GER) පරාජයට පත් කළේය.
MARGARET COURT ARENA
Dominic Thiem (AUT) 6-7 3-6 6-3 6-2 6-3 ක් ලෙස Denis Kudla (USA) පරාජයට පත් කළේය.
Angelique Kerber (GER) 6-4 6-1 ක් ලෙස Donna Vekic (CRO) පරාජයට පත් කළාය.
Madison Keys (USA) 6-0 6-1 ක් ලෙස Ekaterina Alexandrova (RUS) පරාජයට පත් කළාය.
Simona Halep (ROM) 6-2 6-2 ක් ලෙස Eugenie Bouchard (CAN) පරාජයට පත් කළාය.
Tennys Sandgren (USA) 6-2 6-1 6-4 ක් ලෙස Stan Wawrinka (SUI) පරාජයට පත් කළේය.
HISENSE ARENA
Caroline Garcia (FRA) 6-7 6-2 8-6 ක් ලෙස Marketa Vondrousova (CZE) පරාජයට පත් කළේය.
Karolina Pliskova (CZE) 6-1 6-1 ක් ලෙස Beatriz Haddad Maia (BRA) පරාජයට පත් කළාය.
Juan Martin Del Potro (ARG) 6-4 7-6 6-7 6-4 ක් ලෙස Karen Khachanov (RUS) පරාජයට පත් කළේය.
Alexander Zverev (GER) 6-1 6-3 4-6 6-3 ක් ලෙස Peter Gojowczyk (GER) පරාජයට පත් කළේය.

