වික්ටෝරියානු සෙනට් සභික Sarah Henderson නම් නොකළ කම්කරු පක්ෂ මන්ත්‍රීවරයෙකුට එරෙහි ස්ත්‍රී දූෂණ චෝදනාවක් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියට යොමු කර තිබේ.
එම ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් චූදිත තැනැත්තාගෙන් තමාට ඊමේල් පණිවිඩයක් ලැබී ඇති බව ඊයේ (28/02) දිනයේදී තම ට්විටර් ගිණුමේ ට්විටර් පණිවිඩයක් තබමින් සෙනට් සභික Sarah Henderson කියා සිටියාය.
Highlights
- කම්කරු පක්ෂ මන්ත්‍රීවරයෙකුට එරෙහි ස්ත්‍රී දූෂණ චෝදනාවක් සෙනට් සභික Sarah Henderson ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියට යොමු කර තිබේ.
- ඓතිහාසික ස්ත්‍රී දූෂණ චෝදනාවකට ලක්වූ පුද්ගලෙයකු වත්මන් රජයේ කැබිනට් අමාත්‍යවරයකු ලෙස සිටින බවට නිර්ණාමික ලිපි තුනක්.
- සාපරාධී හැසිරීම් පිළිබඳ චෝදනා වහාම වාර්තා කළ යුතු බවට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් කොමසාරිස් ගෙන් අගමැති මොරිසන්ට ලිපියක්.
"මේ වන විට ෆෙඩරල් කම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන පිරිමි පුද්ගලයෙකු විසින් තමන්ව දූෂණය කර ඇති බවට චෝදනා කරමින් කාන්තාවක්ගෙන් ලැබුණු ඊමේල් පණිවිඩයක් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියට යොමු කළෙමි." යන්න සෙනට් සභික Sarah Henderson ගේ ප්‍රකාශයේ සටහන් කර තිබුණි.
"මෙම කාරණය වහාම ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය වෙත යොමු කිරීමේදී, කොමසාරිස් Kershaw විසින් 2021 පෙබරවාරි 24 වන දින ඔහුගේ ලිපියේ දක්වා ඇති ක්‍රියා පටිපාටි අනුගමනය කර ඇත. මා මෙම ප්‍රකාශය කරන්නේ පූර්ණ විනිවිදභාවයකින් යුතුවය." යනුවෙන් ද ඇය එහිදී සටහන් කර තිබේ.
සාපරාධී හැසිරීම් පිළිබඳ චෝදනා වහාම වාර්තා කළ යුතුයි
සාපරාධී හැසිරීම් පිළිබඳ චෝදනා වහාම වාර්තා කළ යුතුය යන ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ කොමසාරිස් Reece Kershaw විසින් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison වෙත පසුගිය සතියේදී එවන ලද ලිපියක් ඇසුරුකොටගෙන සෙනට් සභික Sarah Henderson මේ බව සඳහන් කර තිබේ.
"සාපරාධී හැසිරීම් පිළිබඳ චෝදනා කාලෝචිත ලෙස යොමු කිරීමේ වැදගත්කම මට තදින්ම ප්‍රකාශ කළ නොහැකිය" යනුවෙන් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ කොමසාරිස් Reece Kershaw පවසා ඇත.
සාපරාධී හැසිරීම් වාර්තා කිරීමට අපොහොසත් වුවහොත් හෝ මාධ්‍ය ඔස්සේ හෝ තුන්වන පාර්ශවයක් ඔස්සේ වැනි වෙනත් මාර්ග ඔස්සේ චෝදනා සන්නිවේදනය කිරීමට හෝ බෙදා හැරීමට තෝරා ගතහොත් හෝ පසුව සිදුවන ඕනෑම පොලිස් පරීක්ෂණයකට අගතියක් කිරීමේ අවදානමක් පවතින බව ඔහු කියා සිටියේය.
සාපරාධී හැසිරීම් වාර්තා කිරීමට ප්‍රමාද වුවහොත් ප්‍රධාන සාක්ෂි අහිමි වීම, වරද දිගටම කරගෙන යාම සහ චෝදනාවට ලක්වූ තැනැත්තා විසින් නැවත මුදල් ලබා දීම සිදුවිය හැකිය යනුවෙන්ද පවසා තිබේ.

නිර්නාමික ලිපි
ෆෙඩරල් කැබිනට් අමාත්‍යවරයකුට එරෙහිව ස්ත්‍රී දූෂණ චෝදනාවක් කරමින් අගමැති මොරිසන්, කම්කරු පක්ෂයේ සෙනෙට් නායක Penny Wong සහ ග්‍රීන්ස් පක්ෂයේ සෙනෙට් සභික Sarah Hanson-Young වෙත යවන ලද ලිපියක් පිළිබඳ පොලිස් ආයතන තුනකට දැනුම් දී ඇති බව ABC රූපවාහිනියේ Four Corners අනාවරණය කළේය.
අතීතයේ ස්ත්‍රී දූෂණ චෝදනාවකට ලක්වූ පුද්ගලෙයකු කැබිනට් අමාත්‍යවරයකු ලෙස කැබිනට් මණ්ඩලයේ සිටිය යුතුද යන්න පිළිබඳව අගමැති ස්කොට් මොරිසන් යළි සිතා බැලිය යුතු බව කම්කරු පක්ෂ නායක Anthony Albanese පැවසීය.
මෙම චෝදනා දේශපාලන මැදිහත්වීමකින් තොරවම ඉතා සූක්ෂම ලෙස විමර්ශනය කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

දූෂණ චෝදනාවක් සම්බන්ධව තමන්ට නිර්ණාමික ලිපි ලැබුණු බවට සෙනට් සභික Wong සහ සෙනට් සභික Sarah Hanson-Young දෙදෙනාම තහවුරු කර තිබේ.
2019 වසරේ නොවැම්බර් මාසයේදී ඇඩිලේඩ් හි පැමිණිලිකාරිය වෙත ගිය අවස්ථාවේදී තමා මුලින්ම මෙම චෝදනාව දැනගත් බව සෙනට් සභික Wong පසුගිය සෙනසුරාදා (27/02) ප්‍රකශයක් නිකුත් කරමින් සඳහන් කළාය.
"වර්තමාන ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සිටින ජ්‍යෙෂ්ඨයකු වසර ගණනාවකට පෙර තමන්ව දූෂණය කළ බව අදාළ පැමිණිලිකාරිය චෝදනා කළා. ඇය මේ සම්බන්ධව නිව් සවුත් වේල්ස් පොලිසියට පැමිණිලි කිරීමට අදහස් කළා." යනුවෙන් සෙනට් සභික Wong පැවසුවාය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී, අතීතයේ ස්ත්‍රී දූෂණයකට සම්බන්ධව මෙම චෝදනාව ලැබුණු බව නිව් සවුත් වේල්ස් පොලිසිය පවසයි.
චෝදනාවට මැදිවී සිටි 49 හැවිරිදි කාන්තාව මිය යාමත් සමඟ එහි විමර්ශනය අත්හිටුවා ඇති බවද සඳහන්.
මෙම චෝදනා සඳහා නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෙනට් සභික Hanson-Young ද අගමැති මොරිසන් වෙත දන්වා සිටියි.
මෙම චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ග්‍රීන්ස් පක්සැහැ නායක Adam Bandt ද අගමැති මොරිසන්ගෙන් ඉල්ලා සිටියේය.

