පෙබරවාරි 26 මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියානු ප්‍රාන්තයේ ලිහිල් වන කොරෝනා නීති මෙන්න (SBS සිංහල/ වාර්තා)

පෙබරවාරි 26 වන දින සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියානු ප්‍රාන්තයේ පුද්ගල ඒකරාශිවීම් උදෙසා මෙන්ම ඇතැම් ස්ථාන වල මුව ආවරණ පැළඳීම සම්බන්ධ නීති ලිහිල් කෙරේ.

Melbourne CBD.

Source: Getty Images

අද (26/02) මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා නීති කිහිපයක් ලිහිල් කිරීමට තීරණය කර තිබේ.

ඒ පිළිබඳ වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews අද දහවල් නිල වශයෙන් නිවේදනය කළේය.

ඒ අනුව පසුගිය නත්තල් සමයේදී වික්ටෝරියානු ප්‍රාන්තයට පනවා තිබූ කොරෝනා නීති මට්ටමට යළිත් වික්ටෝරියානු ප්‍රාන්තය ගෙන ඒමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය අදහස් කරයි.


Highlights

  • පුද්ගලිකව නිවාස වල රැස්විය හැකි උපරිම පිරිස 5 සිට 30 දක්වා ඉහළ දැමේ.
  • එළිමහනේ එකට රැස්විය හැකි උපරිම පිරිස 100 දක්වා ඉහළ දැමේ.
  • රාජ්‍ය හා පුද්ගලික අංශ වල සේවක ධාරිතාවෙන් 75% ක් දක්වා කාර්යාල පරිශ්‍ර වෙත ගෙන්වා ගත හැකිය.

පෙබරවාරි 26 වන දින මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියානු ප්‍රාන්තයේ ලිහිල් වන කොරෝනා නීති

  • පුද්ගලිකව නිවාස වල රැස්විය හැකි උපරිම පුද්ගල ප්‍රමාණය 5 සිට 30 දක්වා ඉහළ දැමේ.
  • එළිමහනේ එකට රැස්විය හැකි උපරිම පුද්ගල ප්‍රමාණය 100 දක්වා ඉහළ දැමේ.
  • පොදු ප්‍රවාහන සේවා, කුලී රථ වල, Aged care මධ්‍යස්ථාන වැනි අවදානමට ලක්විය හැකි ස්ථාන වල, සුපිරි වෙළෙඳ සැල් සහ සාප්පු සංකීර්ණ වල හැර අනෙකුත් ස්ථාන වල මුව ආවරණ අනිවාර්යෙන් පැළදීමේ නීතිය ඉවත් කෙරේ.
  • රාජ්‍ය හා පුද්ගලික අංශ වල කාර්යාල සඳහා සේවක ධාරිතාවෙන් 75% ක් දක්වා කාර්යාල පරිශ්‍ර වෙත ගෙන්වා ගත හැකිය.
  • අවන්හල්, pubs, ආපන ශාලා වැනි ස්ථාන වල අමුත්තන් අසුන් ගැනීමේදී වර්ග මීටර දෙකකට එක් පුද්ගලෙයකු බැගින්වූ නීතිය ක්‍රියාත්මක වන අතර QR code මගින් ඔවුන්ගේ විස්තර ලබාගත යුතුය.
  • සිල්ලර වෙළෙඳ සැල් සඳහා ද ඉහත නීතිය බලපායි.
  • අවමංගල හා විවාහ උත්සව වලට, රාත්‍රී සමාජ ශාලා, පුස්තකාල, RSLs සහ ප්‍රජා මධ්‍යස්ථාන වලට ද වර්ග මීටර දෙකකට එක් පුද්ගලෙයකු බැගින්වූ නීතිය ක්‍රියාත්මක වේ.
  • QR codes ක්‍රමය ක්‍රියාත්මක කෙරෙන රූප ලාවන්‍යාගාර සඳහා ද වර්ග මීටර දෙකකට එක් පුද්ගලෙයකු බැගින්වූ නීතිය ක්‍රියාත්මක වන නමුත් පාරිභෝගිකයින් ගේ තොරතුරු ඉලෙක්ට්‍රොනික නොවන අයුරින් (manual) ලබාගන්නා රූප ලාවන්‍යාගාර සඳහා එය වර්ග මීටර හතරකට එක් පුද්ගලෙයකු බැගින් වේ.
Daniel Andrews
Victorian Premier Daniel Andrews Source: AAP Image/Erik Anderson

ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක්

වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හමුවී තිබේ.

නොකඩවා දින 6 ක් වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවුණු පසුබිමක අද (26/02) පෙරවරුවේ ප්‍රාන්ත රජය මේ බව තහවුරු කළේය.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

අදාළ ආසාදිතයින් දෙදෙනා පෙර හමුවූ ආසාදිතයින් ගේ පළමු පෙළ ආශ්‍රිතයින් බවත් ඔවුන්ගේ ආසාදන කාලය තුළ ඔවුන් නිරෝධායනය වෙමින් සිටි බවත් වික්ටෝරියානු සෞඛ්‍ය බලධාරීහු පවසති.

අදාළ ආසාදිතයින් ගෙන් වික්ටෝරියානු ප්‍රජාවට අවදානමක් නොමැති බවද ප්‍රාන්ත රජය ප්‍රකාශ කර සිටියේය.

හෝටල් නිරෝධායනයේ දී හමුවූ කොරෝනා ආසාදිතයින් ද ඇතුළුව මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ සක්‍රීය ආසාදිතයින් ගණන 17 කි.


Share

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now