ඔස්ට්‍රේලියාවේ කොවිඩ්වලට ගොදුරු විය හැකි පුද්ගලයින්ට මේ වසර අවසානයේදී බූස්ටර් එන්නත් (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියානු තාක්‍ෂණික උපදේශක කණ්ඩායමේ අනුමැතිය අනුව ඔස්ට්‍රේලියාව තුළ බූස්ටර් එන්නත් ලබාදීම 2021 අග භාගයේදී ආරම්භ කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජයන් අපේක්ෂාවෙන් සිටී.

Image for reference only.

Pfizer booster shot Source: AAP

මේ වසර අවසානයට පෙර කොවිඩ් 19 බූස්ටර් එන්නත ඔස්ට්‍රේලියානුවාසීන්ට ලබා ගත හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

නමුත් මේ වසරේදී බූස්ටර් එන්නත ලබාගැනීමට අවසර ලැබෙන්නේ COVID-19 වලට ගොදුරු විය හැකි ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ ඔස්ට්‍රේලියානුවාසීන්ට බවද මධ්‍යම රජය අවධාරණය කරයි.


Highlights

  • කොවිඩ් වයිරසයට ගොදුරු වීමේ බරපතල අවදානමක් සහිත ප්‍රතිශක්තිකරණය දුර්වල ඔස්ට්‍රේලියානුවාසීන්ට මේ වසර අවසානයේදී බූස්ටර් එන්නත ලබාදීමට මධ්‍යම රජයේ අවධානය යොමුවී තිබේ.
  • මේ වන විට ඇමෙරිකාව, එක්සත් රාජධානිය, ඊශ්‍රායලය සහ ප්‍රංශය වැනි රටවල මේ වන විට කොවිඩ් බූස්ටර් එන්නත ලබාදීම ආරම්භ කර තිබේ.
  • විදේශ රටවල එවැනි බූස්ටර් එන්නත් වැඩසටහන් සමීපව අධීක්ෂණය කරමින් සිටින බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීහු පවසති.

ඔස්ට්‍රේලියානුවාසීන්ට බූස්ටර් එන්නත

ඔස්ට්‍රේලියානුවාසීන්ට තුන්වන කොවිඩ් එන්නත් මාත්‍රාව 2022 වසරේදී ඉතා පුළුල් ලෙස ලබාදීමට පෙර මේ වසර අවසානයේදී කොවිඩ් වයිරසයට ගොදුරු වීමේ බරපතල අවදානමක් සහිත ප්‍රතිශක්තිකරණය දුර්වල ඔස්ට්‍රේලියානුවාසීන්ට බූස්ටර් එන්නත ලබාදීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අවධානය යොමුවී තිබේ.

මේ වන විට ඇමෙරිකාව, එක්සත් රාජධානිය, ඊශ්‍රායලය සහ ප්‍රංශය වැනි රටවල මේ වන විට කොවිඩ් බූස්ටර් එන්නත ලබාදීම ආරම්භ කර තිබේ.

විදේශ රටවල එවැනි බූස්ටර් එන්නත් වැඩසටහන් සමීපව අධීක්ෂණය කරමින් සිටින බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීහු පවසති.
කොවිඩ් එන්නතේ තුන්වන මාත්‍රාවක් ලබාගැනීම පිළිබඳ විද්‍යාව තවමත් නිරවුල් මතයක් ප්‍රකාශ කර නැති නමුත් ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඒ සඳහා උපාය මාර්ගයක් සකස් කරමින් සිටින බව ඔස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේ ප්‍රධානියා වන ලුතිනන් ජෙනරාල් John Frewen පැවසීය.

ඇතැම් විට ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල ඔස්ට්‍රේලියානුවාසීන්  සඳහා තුන්වන මාත්‍රාවක් ලබාදීමට අවස්ථාවක් ඇති අතර එය  ඇතැම් විට මේ වසර අවසානයේදී සිදුකිරීමට හැකිවෙතැයි ඔහු ප්‍රකාශ කළේය.

නමුත් එසේ නොවුනහොත් කොවිඩ් බූස්ටර් එන්නත් සඳහා වන සැලැස්ම මේ වසර අග හෝ බොහෝ දුරට ලබන වසර වන විට හෝ ක්‍රියාත්මක වනු ඇති බවත් එය flu එන්නත ආකාරයෙන් වනු ඇති බවත් John Frewen පැවසීය.
COVID-19 Taskforce Commander Lieutenant General John Frewen
COVID-19 Taskforce Commander Lieutenant General John Frewen. Source: AAP

කොවිඩ් එන්නත්වල ප්‍රතිශක්තිය රඳන කාලය

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට එරෙහිව පවා අවම වශයෙන් මාස හයක් කොවිඩ් රෝගීන්ව රෝහල් ගත වීම වැළැක්වීම සඳහා Pfizer එන්නත 90% ඵලදායී බව පසුගිය සඳුදා ප්‍රකාශයට පත් කරන ලද ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන අධ්‍යයනයක් හෙළි කළේය.

නමුත් එන්නත් මාත්‍රා දෙකක් ලබා ගැනීමෙන් පසු මාසයක් ඇතුළත කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් ආරක්ෂා වීම 88% ක් බවත් එය මාස හයකට පසු 47% ක් දක්වා අඩු වූ බවත් හෙළිවී තිබේ.
මේ අතර ධනවත් රටවල බූස්ටර් එන්නත් වැඩසටහන්වලට දැඩි විවේචන එල්ල වෙමින් පවතියි.

බොහෝ දුප්පත් රටවල් තවමත් තම ජනයාට කොවිඩ් එන්නත් ලබා දීමට උත්සාහ කරන අවස්ථාවකදී ධනවත් රටවල බූස්ටර් එන්නත් වැඩසටහන් ආරම්භ කිරීම මෙම විවේචනවලට ප්‍රධාන හේතුව වී තිබේ.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ඔස්ට්‍රේලියානු තාක්‍ෂණික උපදේශක කණ්ඩායමේ මතය

මේ අතර තම කොවිඩ් එන්නත්කරණය සම්පූර්ණ කිරීම සඳහා තුන්වන මාත්‍රාවක් අවශ්‍ය විය හැකි කුඩා පිරිසක් පිළිබඳ යාවත්කාලීන උපදෙස් ලබා දීමට ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්‍ෂණික උපදේශක කණ්ඩායම ඉදිරි සති කිහිපය තුළදී කටයුතු කරනු ඇත.

අනාගතයේදී ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ජනයා සඳහා අතිරේක බූස්ටර් මාත්‍රාවන් අවශ්‍ය විය හැකි යැයි අපේක්ෂා කරන බව පසුගිය මාසයේදී ඔස්ට්‍රේලියානු තාක්‍ෂණික උපදේශක කණ්ඩායම පැවසීය.

කෙසේහෝ ඔස්ට්‍රේලියානු තාක්‍ෂණික උපදේශක කණ්ඩායමේ අනුමැතිය අනුව ඔස්ට්‍රේලියාව තුළ බූස්ටර් එන්නත් ලබාදීම 2021 අග භාගයේදී ආරම්භ කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජයන් අපේක්ෂාවෙන් සිටී.

Share

Published

By Madhura Seneviratne
Source: AAP, SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service