ඔස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත ලබාගත් අයට ඩොලර් මිලියන ගණනක ලොතරැයියක් (SBS සිංහල/ වාර්තා)

"Million Dollar Vax campaign" නම්වූ මෙම වැඩසටහන යටතේ ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 4.1 ක ත්‍යාග මුදලක් පිරිනැමීමට තීරණය කර තිබේ.

A person receives a Pfizer COVID vaccination (file image)

A campaign will give away $4.1 million worth of prizes, with one winner to claim $1 million in cash. (AAP) Source: AAP

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් සඳහා ඩොලර් මිලියන ගණනක මුදල් තෑගි ලබාදෙන ලොතරැයියක් දියත් කර තිබේ.

 "Million Dollar Vax campaign" නමින් මෙම වැඩසටහන නම් කර ඇත.


Highlights

  • මෙහි පළමු ත්‍යාගය ලෙස ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක මුදලක් පිරි නැමෙන අතර එය 2021 නොවැම්බර් 05 වනදා දිනුම් අදියි.
  • ඊට අමතරව ඩොලර් 1,000 තෑගි වවුචර 3,100 ක් ලබා දීමට ඔක්තෝබර් මාසය පුරාවට දිනුම් ඇදීම් සිදුකරයි.
  • මේ සඳහා සහභාගී වීමට ඔබ ඔක්තෝබර් 31 ට පෙර කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන තිබිය යුතු අතර දෙසැම්බර් 31 ට පෙර දෙවැනි මාත්‍රාව ලබාගත යුතුය.

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් ලොතරැයිය

"Million Dollar Vax campaign" නම්වූ මෙම වැඩසටහන යටතේ ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 4.1 ක ත්‍යාග මුදලක් පිරිනැමීමට තීරණය කර තිබේ.

එහිදී පළමු ත්‍යාගය ලෙස ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක මුදලක් පිරි නැමෙන බවත් එය 2021 නොවැම්බර් 05 වනදා දිනුම් අදින බවත් වාර්තා වේ.

මේ අතර ඩොලර් 1,000 තෑගි වවුචර 3,100 ක් ලබා දීමටද ඔක්තෝබර් මාසය පුරාවට දිනුම් අදින බව සංවිධායකයෝ පවසති.

දානපතියන් සහ සමාගම් විසින් මේ සඳහා අරමුදල් සපයයි.

ජාතික සැලැස්ම යටතේ ඔස්ට්‍රේලියාව නැවත විවෘත කිරීමේ ප්‍රධාන ඉලක්කයක් වූ ජාතික කොවිඩ් පූර්ණ එන්නත් අනුපාතය 80% ට වඩා ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.

COVID-19 models use mathematics and computer science to create simulated populations.
COVID-19 models help governments predict demand on public health systems and decide how and when to increase or reduce restrictions. Source: SBS News

දිනුම් ඇදීමට සහභාගී වන්නේ කෙසේද?

වයස අවුරුදු 18 ට වැඩි ඔස්ට්‍රේලියාවේ වාසය කරන ඕනෑම පුද්ගලයකු හට මේ සඳහා සහභාගී විය හැකිය.

නමුත් ඒ සඳහා ඔබ ඔක්තෝබර් 31 ට පෙර කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන තිබිය යුතු අතර දෙසැම්බර් 31 ට පෙර දෙවැනි මාත්‍රාව ලබාගත යුතුය.

එක් පුද්ගලයෙකු හට එක් වරක් පමණක් මෙම දිනුම් ඇදීමට සහභාගී විය හැකිය.

ඔක්තෝබර් 01 දා ඇරඹි මෙම ලොතරැයි වැඩසටහන ඔක්තෝබර් 31 මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

ඒ අතර කාලය තුළ ඔබ මේ සඳහා සහභාගී විය යුතු නමුත් ඔක්තෝබර් 31 මධ්‍යම රාත්‍රියෙන් පසුව සහභාගී වීමට අවසර නොමැත.

මේ සඳහා ඇතුළු වීමට කිසිදු ගාස්තුවක් අය නොකරන බවද සංවිධායකයෝ පවසති.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


දිරි ගැන්වීමක් නොවේ ප්‍රදානයක් පමණයි

කොවිඩ් එන්නත ලබා ගැනීමට පසුබට වන ඔස්ට්‍රේලියානුවන්ට කොවිඩ් එන්නත ලබා ගැනීම සඳහා මෙම ලොතරැයි වැඩසටහන නිර්මාණය කර නැති බව  Million Dollar Vax සංවිධානයේ Craig Winkler පැවසීය.

කොවිඩ් එන්නත ලබාගැනීමට අපේක්ෂා කරන උදවියට වඩා මේ වන විට එන්නත ලබාගත් උදවියට ත්‍යාග පිරි නැමීම සඳහා මෙම ලොතරැයි වැඩසටහන නිර්මාණය කර ඇතැයි ඔහු පැහැදිලි කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ Ohio  හි 'Vax-A-Million' වැඩසටහනේ ආභාසය මේ සඳහා ලැබී ඇත.

කොවිඩ් වයිරසයෙන් ජීවිත බේරා ගැනීම සහ සෞඛ්‍ය සේවකයින්ගේ පීඩනය ලිහිල් කිරීම හරහා මෙය පුළුල් වශයෙන් ප්‍රජාවට ප්‍රයෝජනයක් වනු ඇති බව Philanthropy Australia හි ප්‍රධාන විධායක Jack Heath පැවසීය.


Share

3 min read

Published

By Madhura Seneviratne

Source: AAP, SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now