ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර කලාපයේ ප්‍රාන්තවලට විදුලිය ඇනහිටීම් සඳහා මුහුණ දිය හැකි බවට Australian Energy Market Operator (AEMO) අනතුරු අඟවා තිබේ.
ක්වීන්ස්ලන්ත සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවලට මෙම විදුලිය ඇනහිටීමේ අවදානම් දැඩිව පවතින බව ඔවුහු මේ වන විට තහවුරු කර තිබේ.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
ක්වීන්ස්ලන්ත සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවලට විදුලිය ඇනහිටීම්
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ජුනි 13 වන දා සඳුදා පස්වරු 5.30 සිට රාත්‍රී 8 දක්වා සැලකිය යුතු විදුලිය විසන්ධි වීමේ අවදානමක් ඇති බව Australian Energy Market Operator දැනුම් දෙයි.
එමෙන්ම විදුලිය සැපයුම් හිඟයක් හේතුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ද ජුනි 14 වනදා අඟහරුවාදා රාත්‍රී 7 සිට විදුලිය ඇනහිටීම් සිදුවිය හැකි බවට අනතුරු අඟවා ඇත.
ගල් අඟුරු බලාගාරවල ඇනහිටීම්, නිවෙස්වල Heating පහසුකම් සඳහා ඉහළ ඉල්ලුමක් පැවතීම යන සාධක ඔස්ට්‍රේලියානු විදුලිබල පද්ධතියට දැඩි පීඩනයක් එල්ල කරයි.
ජුනි 12 වනදා ඉරිදා රාත්‍රියේ Australian Energy Market Operator විසින් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ විදුලිය තොග මිල මෙගාවොට් පැයකට ඩොලර් 300කට සීමා කිරීමේ පියවර ගත්තේය.
වසර 2019 දී වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවලටද මීට සමාන සීමාවන් පැනවිණි.
විදුලිය සැපයීම අඩුවීමේ බිය මධ්‍යයේ, ඉල්ලුමේ අඩු සපුරාලීම සඳහා ක්වීන්ස්ලන්තයේ සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ විදුලිය සැපයීමට Australian Energy Market Operator විසින් විදුලි ජනක යන්ත්‍රවල සහයෝගය ලබා ගැනීමට තීරණය කර ඇත.
"විදුලියබල පද්ධතියේ ආරක්ෂාව සහ විශ්වසනීයත්වය පවත්වා ගැනීම පිණිස AEMO විසින් ගබඩා තත්ත්වයන් වැඩිදියුණු කිරීම සඳහා පාරිභෝගිකයින්ගේ ඉල්ලුම අඛණ්ඩව සපුරාලීමට ඇතැම් විදුලි ජනක යන්ත්‍ර වෙත විදුලිය සැපයුම යොමු කර තිබෙනවා." යනුවෙන් AEMO හි නියෝජිතයෙකු පැවසීය.
මේ මොහොතේදී පාරිභෝගික සැපයුමට බාධාවක් නැති බවද ඔහු පැවසීය.

ගෑස් අර්බුදය මැඩලන්න දැමූ gas trigger යාන්ත්‍රණය
කෙටිකාලීන බලශක්ති අර්බුදයට මුහුණ දීම සඳහා වත්මන් ඔස්ට්‍රේලියානු රජය දින 90 ක් සඳහා ගෑස් මිල සහ ප්‍රමාණය පාලනයට ගෙන ඒම ගැන සලකා බැලිය යුතු බව හිටපු අගමැති Malcolm Turnbull මීට පෙර පැවසුවේය.
එහෙත් ජාත්‍යන්තර ගෑස් මිලෙහි ඉහළ යාම, ගල් අඟුරු බලාගාරවල ඇනහිටීම් සහ ශීත කාලයත් සමග ගෑස් සැපයුමේ පීඩනය වැඩිවීම සමඟ කටයුතු කිරීමට ප්‍රාන්තවල සහය ඇතිව ක්‍රියාත්මක කරන ලද පාලනයන් අවශ්‍ය බව ඔහු අනතුරුව පැවසීය.
"අපට මේ මොහොතේ අර්බුදයක් තිබෙනවා. ආණ්ඩුව එදා මා මෙන් අද තීරණාත්මක විය යුතුයි" හිටපු අගමැති Malcolm Turnbull, ABC පුවත් වෙත පැවසීය.
"ඔවුන් එය කිරීමට යන බව පවසන මොහොතේ, ගෑස් සමාගම් ගෑස් සොයා ගෙන අඩු මිලට එය ලබා දීමට එකඟ වනු ඇති." යනුවෙන්ද ඔහු සඳහන් කළේය.
ජාතික ගෑස් සැපයුම ඉහළ නැංවීම සඳහා නිර්මාණය කරන ලද trigger යාන්ත්‍රණයක් තම රජය ක්‍රියාත්මක කිරීම පිළිබඳ එල්ලවන චෝදනා හිටපු අගමැති Malcolm Turnbull ප්‍රතික්ෂේප කළේය.
පසුගිය සතියේ බලශක්ති අමාත්‍යවරුන්ගේ රැස්වීමකින් පසුව කම්කරු රජය විසින් එම යාන්ත්‍රණය දැන් සමාලෝචනය කරමින් පවතී.
ගෑස් trigger යාන්ත්‍රණය ඕස්ට්‍රේලියාවේ ගෘහස්ථ ගෑස් සැපයුමේ දැඩි හිඟයක් ඇත්නම් ගෑස් අපනයනය සීමා කිරීමට ගෑස් සමාගම්වලට බල කරයි.
මෙම යාන්ත්‍රණය ජනවාරි මාසයේදී කල් ඉකුත් වීමට නියමිතව තිබියදී, එය අලුත් කිරීමට රජය එකඟ වී ඇති බැවින් එය අවශ්‍ය නම් පසුව භාවිතා කළ හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සම්පත් පිළිබඳ ඇමතිනි Madeleine King පැවසුවාය.
වත්මන් බලශක්ති වෙළෙඳපොළ ගැටලු පසුගිය මොරිසන් රජයේ වරදක් බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ පාරිසරික කටයුතු පිළිබඳ ඇමතිනි Tanya Plibersek ප්‍රකාශ කළාය.
නමුත් එම චෝදනා නැෂනල්ස් පක්ෂයේ නායක David Littleproud ප්‍රතික්ෂේප කළේය.

