නව ඕස්ට්‍රේලියානු නෝට්ටු වල ඉතා කුඩා වෙනස් කමක් මගින් පෙනීමේ දුර්වලතා සහ අන්ධ පුද්ගලයන්ට නෝට්ටු පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනු ඇති. ඉතා කුඩා ප්‍රමාණයේ පිටට නෙරා ඇති තිත් දෙකක් මෙම ඩොලර් 5 නොට්ටුවට ඇතුලත් කර ඇති අතර එය මධ්‍යම බැංකුව විසින් සැප්තැම්බර් 1 වැනිදා එළිදැක්වේ. Vision Australia හි ප්‍රතිපත්ති උපදේශක Bruce Maguire පවසන්නේ මෙම වෙනස නිසා පෙනීමේ දුර්වලතා ඇති ඕස්ට්‍රේලියානුවන් 360,000කට පමණ සහනයක් ලැබෙන බවයි. ඉතිහාසයේ ප්‍රථම වරට මුදල් නෝට්ටුවක් අල්ලා එය කුමක්ද යනුවෙන් පුද්ගලයෙකුට කිව හැකි වන බව Maguire මහතා පවසනවා.
එසේම දැනට අන්ධ පුද්ගලයන්ට ඇති වාසි ලෙස, පාර පැනීමේ ඇති හඬක් නැගීම ආදී කරුණු විවිද ප්‍රාන්ත වලට පමණක් සීමා වුවත්, මෙම නව මුදල් නෝට්ටු හඳුනාගැනීමේ ක්‍රමය ඕස්ට්‍රේලියාවේ සියළු ප්‍රන්තවල වෙසෙන අන්ධ ජනයාට බලපාන පොදු සහනයක් වීම විශේෂයක්.

සිඩ්නි නුවර තරුණයකු වන Connor McLeod විසින් ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසමට මුදල් නෝට්ටු හඳුනා ගැනීමට හැකි වන ලෙසට සකස් කරන ලෙස අත්සන් 56000ක් පමණ රැගත් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම තුලින් මධ්‍යම බැංකුව මෙය ක්‍රියාත්මක කිරීම ඉක්මන් කර ඇති බවද සඳහන්.
මෙසේ අතට හසුවන ලෙස තිත් සහිත වෙනත් නෝට්ටු වල එම තිත් මැකී යාම සිදු වුවද මෙම නෝට්ටු එය සිදු නොවන නව තාක්ෂණයක් යොදා ගන්න බවත්, ඔස්ට්‍රේලියාව එම තාක්ෂනය යොදා ගන්නා රටවල් කිහිපයකින් එකක්.
අතීතයේදී පෙනීමේ දුර්වලතා ඇති පුද්ගලයන් මුදල් නෝට්ටු හඳුනා ගත්තේ මේ ආකාරයටයි
- වෙනත් කෙනෙකුගෙන් ඇසීම හෝ ඉතිරි මුදල් දෙන පුද්ගලයා අවංක යයි සිතීම
- මුදල් වල ප්‍රමාණය මන ගත හැකි ප්ලාස්ටික් උපකරණයක් යොදා ගැනීම, නමුත් මෙය ඉතා කාලය ගත වන නිසා ඉක්මන්නින් පාවිච්චි කල නොහැකියි
- smart phone app එකක් යොදා ගැනීම , නමුත් touch screen භාවිතය අපහසු නිසා smart phone භාවිතය ඉතාම අඩුයි.

