SKIP TO MAIN CONTENT

ජාත්‍යන්තර සිසුන්ට සහ සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාවේ දේශ සීමා විවෘත කිරීම කල් දමයි (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියානු වීසා හිමියන්ට ඔස්ට්‍රේලියාවේ දේශ සීමා දෙසැම්බර් 15 දින යළි විවෘත කෙරෙනු ඇත.

Australian border remain closed
The arrivals hall at the International Airport in Brisbane Source: AAP

3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියානු වීසා හිමියන්ට ඔස්ට්‍රේලියාවේ දේශ සීමා යළි විවෘත කිරීම සති දෙකකින් කල් දමා තිබේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අද (29/11) පස්වරුවේ මෙම තීරණය ගෙන ඇත.


Highlights

  • ඔස්ට්‍රේලියානු වීසා හිමියන්ට ඔස්ට්‍රේලියාවේ දේශ සීමා දෙසැම්බර් 15 දින යළි විවෘත කෙරෙනු ඇත.
  • නවතම කොවිඩ් ප්‍රභේදය වන Omicron ප්‍රභේදය මේ වන විට ඔස්ට්‍රේලියාවට පැමිණ තිබීම සහ ලොව පුරා එය පැතිරෙමින් යාම මෙම සංශෝධනයට ප්‍රධාන හේතුව වේ.
  • ජපානයේ සහ දකුණු කොරියාවේ පුරවැසියන්ටද ඔස්ට්‍රේලියාවේ දේශ සීමා යළි විවෘත කිරීම දෙසැම්බර් 15 දින දක්වා කල් දමා තිබේ.

වීසා හිමියන්ට ඔස්ට්‍රේලියාවේ දේශ සීමා යළි විවෘත කිරීම කල් දමයි

දෙසැම්බර් 01 සිට පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ජාත්‍යන්තර සිසුන්ට, නිපුණතා සංක්‍රමණිකයින්ට මෙන්ම තාවකාලික වීසා හිමියන්ට ඔස්ට්‍රේලියානු දේශ සීමා යළි විවෘත කිරීමට තීරණය කර තිබුණි.

නමුත් එය සති දෙකකින් කල් දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අද තීරණය කළේය.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය Paul Kelly ගේ උපදෙස් මත මෙම පියවර ගත් බව සඳහන්.

ඒ අනුව අදාළ වීසා හිමියන්ට ඔස්ට්‍රේලියාවේ දේශ සීමා දෙසැම්බර් 15 දින යළි විවෘත කෙරෙනු ඇත.

නවතම කොවිඩ් ප්‍රභේදය වන Omicron ප්‍රභේදය මේ වන විට ඔස්ට්‍රේලියාවට පැමිණ තිබීම සහ ලොව පුරා එය පැතිරෙමින් යාම මෙම සංශෝධනයට ප්‍රධාන හේතුව වේ.

Omicron ප්‍රභේදය පිළිබඳවත් ඊට එරෙහිව කොවිඩ් එන්නතෙහි කාර්යක්ෂමතාවය පිළිබඳවත් නව ප්‍රභේදයේ රෝග පරාසය පිළිබඳවත් මනා අවබෝධයක් ලබාගත යුතු බව මහාචාර්ය Paul Kelly පැවසුවේය.

ඒ සඳහා කාලයක් අවශ්‍ය බවත් මෙම සංශෝධන එනිසා සිදුකල බවත් ඔහු සඳහන් කළේය.

ජපානයේ සහ දකුණු කොරියාවේ පුරවැසියන්ටද ඔස්ට්‍රේලියාවේ දේශ සීමා යළි විවෘත කිරීම දෙසැම්බර් 15 දින දක්වා කල් දමා තිබේ.

Omicron ප්‍රභේදයට ඔස්ට්‍රේලියාව ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට අගමැති Scott Morrison විසින් හෙට දිනයේදී ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවා තිබේ.

Australia's Acting Chief Medical Officer Paul Kelly talks to the media on Saturday.
Australia's Chief Medical Officer Paul Kelly. Source: AAP

මෙම සංශෝධනය බලපාන වීසා හිමියන් වර්ග

  • ජාත්‍යන්තර සිසුන්
  • නිපුණතා සංක්‍රමණිකයින්
  • humanitarian වීසා හිමියන්
  • working holiday වීසා හිමියන්
  • තාවකාලික රැකියා වීසා හිමියන්
  • provisional family වීසා හිමියන්

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ඔස්ට්‍රේලියාවේ නිරෝධායන නීති ද වෙනස් වෙයි

පහත සඳහන් අප්‍රිකාව ආශ්‍රිත රටවල් නවයක ඔස්ට්‍රේලියානු පුරවැසියන් නොවන අයට ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් තාවකාලිකව තහනම් කර තිබේ.

  1. දකුණු අප්‍රිකාව
  2. ලෙසෝතෝ
  3. බොට්ස්වානා
  4. සිම්බාබ්වේ
  5. මොසැම්බික්
  6. නැමීබියාව
  7. Eswatini
  8. මලාවි
  9. සීෂෙල්ස්

එමෙන්ම එම රටවල සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඔස්ට්‍රේලියානු පුරවැසියන් සහ ස්ථිර පදිංචිලාභීන් ඔස්ට්‍රේලියාවට පැමිණ දින 14 ක් නිරෝධායනය විය යුතුය.

මෙම නව Omicron ප්‍රභේදය ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමග ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්තවල නිරෝධායන නීති ද සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඉහත රටවලින් හැර වෙනත් විදෙස් රටවල සිට නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙන සංචාරකයින් පැය 72 ක් තම නිවෙස්වල නිරෝධායනය විය යුතුය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now