SKIP TO MAIN CONTENT

මුව ආවරණ පැළඳ නොසිටීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැතිට පොලීසියෙන් දඩයක් (SBS සිංහල/ වාර්තා)

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මහජන සෞඛ්‍ය පනත යටතේ නිවසින් බැහැරව අනෙකුත් ස්ථානවල මුව ආවරණ අනිවාර්යෙන් පැළඳිය යුතුය යන නීතිය උල්ලංඝනය කිරීම නිසා Barnaby Joyce හට මෙම දඩය නියම කර තිබේ.

Deputy Prime Minister Barnaby Joyce has been fined by police for not wearing a mask in public.
Deputy Prime Minister Barnaby Joyce has been fined by police for not wearing a mask in public. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: AAP, SBS



Skip to article content

ප්‍රසිද්ධ ස්ථානයක මුව ආවරණයක් (face mask) පැළඳ නොසිටීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති සහ නැෂනල්ස් පක්ෂයේ නායක Barnaby Joyce හට දඩ නියම කර තිබේ.

තමා වාසය කරන Armidale ප්‍රදේශයේදී තම මෝටර් රථයට ඉන්ධන පිරවීමෙන් පසුව ඒ සඳහා මුදල් ගෙවන විට Barnaby Joyce මුව ආවරණයක් පැළඳ නොසිටී අතර එය දකින ලද එම ප්‍රදේශවාසියෙකු විසින් ඒ පිළිබඳ පැමිණිලි කර තිබේ.

පසුව ඔහු හට $200 ක දඩයක් නියම කර ඇත.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මහජන සෞඛ්‍ය පනත යටතේ නිවසින් බැහැරව අනෙකුත් ස්ථානවල මුව ආවරණ අනිවාර්යෙන් පැළඳිය යුතුය යන නීතිය උල්ලංඝනය කිරීම නිසා Barnaby Joyce හට මෙම දඩය නියම කර තිබේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

මහජන සෞඛ්‍ය පනත යටතේ ඇති නීති 54 න් එය එක් නීතියක් බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ හදිසි මෙහෙයුම් පාලක හා නියෝජ්‍ය කොමසාරිස් Gary Worboys පැවසීය.

"අදාළ නීතිය උල්ලංඝනය කිරීම පිළිබඳ පොලීසිය දැනුවත් කෙරුණු අතර ඔවුන් ඒ පිළිබඳ ක්‍රියා මාර්ග ගත්තා. Barnaby Joyce සිදුකළ වරදට සමාව අයැද සිටි අතර පොලීසිය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් දඩය බාරගත්තා." යනුවෙන් Gary Worboys පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now