2022 වසරේදී ඔස්ට්‍රේලියාවේ තම වෘත්තීය වර්ධනය සඳහා හොඳම සේවා ස්ථාන 25 නම් කර තිබේ.
ලෝක ප්‍රකට රැකියා සම්බන්ධ ජාලයක් වන LinkedIn විසින් මෙම ලැයිස්තුව ඉදිරිපත් කර ඇත.
Highlights
- 2022 වසරේදී ඔස්ට්‍රේලියාවේ තම වෘත්තීය වර්ධනය සඳහා හොඳම සේවා ස්ථාන 25 ක ලැයිස්තුවක් LinkedIn විසින් මේ වන විට ප්‍රකාශ කර ඇත.
- 2022 වසරේදී ඔස්ට්‍රේලියාවේ තම වෘත්තීය වර්ධනය සඳහා හොඳම සේවා ස්ථාන 25 ක ලැයිස්තුවක් LinkedIn විසින් මේ වන විට ප්‍රකාශ කර ඇත.
- ප්‍රධාන බැංකු හතර සමග තියුණු තරගයක් දෙමින් මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්වීමට Woolworths සමාගමට හැකිවී තිබේ.
2022 වසරේදී ඔස්ට්‍රේලියාවේ හොඳම සේවා ස්ථාන
2022 වසරේදී ඔස්ට්‍රේලියාවේ රැකියා කිරීමට ඇති හොඳම සේවා ස්ථානය ලෙස නම් කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරෙන් එකක් වන Commonwealth බැංකුවය.
ඊට අමතරව සෙසු ප්‍රධාන බැංකු ත්‍රිත්වය වන NAB, Westpac සහ ANZ යන බැංකු ද 2022 වසරේදී ඔස්ට්‍රේලියාවේ රැකියා කිරීමට ඇති හොඳම සේවා ස්ථාන ලැයිස්තුවේ පළමු 5 අතරට පැමිණ තිබේ.
2022 වසරේදී ඔස්ට්‍රේලියාවේ තම වෘත්තීය වර්ධනය සඳහා හොඳම සේවා ස්ථාන 25 ක ලැයිස්තුවක් LinkedIn විසින් මේ වන විට ප්‍රකාශ කර ඇත.
ප්‍රධාන බැංකු හතර සමග තියුණු තරගයක් දෙමින් මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්වීමට Woolworths සමාගමට හැකිවී තිබේ.
කොවිඩ් වසංගතයත් සමග Woolworths සුපිරි වෙළඳසැල් ජාලය තම e-commerce සේවාවන් වඩාත් පුළුල් කර ඇත.
පසුගිය වසරේ මේ කාලයේදී නිවසටම භාණ්ඩ බෙදා හැරීම සඳහා වන ස්වයංක්‍රීය ගබඩාවක් උදෙසා ඩොලර් මිලියන 100 ක ආයෝජනයක් Woolworths සමාගම නිවේදනය කළේය.
Woolworths සහ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතර පසුගිය වසරේ හොඳම සමාගම් ලැයිස්තුවේ ඔවුන්ගේ ස්ථානවල වර්ධනයක් සටහන් කර ඇත.

තාක්ෂණික හා උපදේශන සමාගම්
ලෝකයේ තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගම් වන Amazon සහ IBM මෙවර ඔස්ට්‍රේලියාවේ හොඳම රැකියා ස්ථාන 25 ලැයිස්තුවෙන් ඉවතට විසිවී තිබේ.
නමුත් Google මව් සමාගම වන Alphabet මෙවර ලැයිස්තුවේ අංක 10 ස්ථානයේ රැඳී සිටියි.
මේ අතර ඔස්ට්‍රේලියාවේ තාක්ෂණික දැවැන්තයෙකු වන Atlassian සමාගම මෙවර ලැයිස්තුවේ 13 වන ස්ථානය දක්වා ස්ථාන හතරකින් ඉහළට පැමිණ තිබේ.
නමුත් ලෝක ප්‍රසිද්ධ design සමාගමක් වන Canva ආයතනය මෙවර ද මෙම 25 දෙනාගේ ලැයිස්තුවෙන් ගිලිහී ඇත.
මේ අතර විශාල උපදේශන සමාගම් හතරක් වන Deloitte, EY, PwC, සහ KPMG 2022 වසරේ ඔස්ට්‍රේලියාවේ වෘත්තීය වර්ධනය සඳහා හොඳම සමාගම් 25 අතර විසිරී ඇත.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
2022 වසරේදී ඔස්ට්‍රේලියාවේ හොඳම සේවා ස්ථාන 25
- Commonwealth Bank
- Woolworths Group
- NAB
- Westpac Group
- ANZ
- Telstra
- WPP
- Salesforce
- DXC Technology
- Alphabet
- Tata Consultancy Services
- Deloitte
- Atlassian
- Allianz
- Bosch
- Optus (Singtel)
- PwC
- BP
- Monash Health
- EY
- Accenture
- Dell Technologies
- KPMG
- UBS
- Oracle

