SKIP TO MAIN CONTENT

Breaking News : ලබන වසරේ සිට ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල පාඨමාලා ගාස්තු තවත් ඉහළට. (SBS සිංහල/වාර්තා)

එය ප්‍රතිශත ලෙස ගත් කළ ලබන වසරේ 1.8% ක වැඩි වීමක්ද 2021 වන විට 7.5% ක වැඩි වීමක්ද ලෙස වන බව සඳහන් වේ.

Australia Budget 2017
Source: SBS

2 min read

Published

Updated

By David Sharaz, Madhura Seneviratne

Source: SBS News, ABC News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ මීළඟ අය වැයෙන් ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල සඳහා ලබා දෙන ප්‍රතිපාදන ඩොලර් බිලියන 2.8 ක් කපා හැරීමට රජය අපේක්ෂා කරන බව අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍ය  Simon Birmingham  ඊයේ  (01/05) පැවසුවේය.

මේ හේතුවෙන් විශ්ව විද්‍යාල සිසුන් හට ලබන වසරේ සිට තම පාඨමාලා ගාස්තු සඳහා ඉහළ වියදමක් දැරීමට සිදු වනු ඇත.

එය ප්‍රතිශත ලෙස ගත් කළ ලබන වසරේ 1.8% ක වැඩි වීමක්ද 2021 වන විට 7.5% ක වැඩි වීමක්ද ලෙස වන බව සඳහන් වේ.

ඒ අනුව මෙම වෙනස්කම් හේතුවෙන් වසර හතරක පාඨමාලාවක ගාස්තු ඩොලර් 2000 ත් 3600 ත් අතර ප්‍රමාණයකින් වැඩි වනු ඇති බවද රජය පවසයි.

මෙම වෙනස්කම් වලින් අනතුරුව ඔස්ට්‍රේලියාවේ මිල අධිකතම පාඨමාලාව වන වසර හයේ වෛද්‍ය උපාධිය සඳහා ඩොලර් 75,000 ක පමණ මුදලක් වැය වනු ඇති බව වාර්තා වේ.

මෙම නව ප්‍රතිපත්තිය මැන බලන  ලද,නූතන සමතුලිත එකක් බව බව අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍ය  Simon Birmingham පෙන්වා දෙන අතර තවමත් සිසුන්ගේ පාඨමාලා ගාස්තු වලින් බහුතරයක් රජය විසින් ගෙවන බවද ඔහු සඳහන් කළේය.

මෙම වෙනස්කම් ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන ණය ක්‍රමයටද බලපාන බව වාර්තා වේ.

උසස් අධ්‍යාපන ණය ආපසු ගෙවීමේදී අයදුම්කරුවගේ වාර්ෂික ආදායම් ප්‍රමාණය පහත හෙළයි.

ඒ අනුව පොදුරාජ්‍ය මණ්ඩලීය උසස් අධ්‍යාපන ණය ක්‍රමය යටතේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි හෝ ස්ථිර පදිංචිය හිමි උපාධිධාරීන් තමන් ලබා ගන්නා අධ්‍යාපනික ණය මුදල ගෙවීමට මෙතෙක් කලක් ඩොලර් 55,000 කට සීමා කළ තම වාර්ෂික වැටුප මෙවර අය වැයෙන් ලබන වසරේ ජූලි මස සිට ක්‍රියාත්මක වන පරිදි ඩොලර් 42,000 දක්වා පහත හෙළා ඇති බවද වාර්තා වේ.

කෙසේවෙතත්, ආදායම් තත්ත්වය මත නැවත ගෙවීමේ පොළී අනුපාතිකය 1% සිට 10% දක්වා වෙනස් විය හැකි බවද වාර්තා වේ.

මේ අතර ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ පර්යේෂණ විශ්ව විද්‍යාල 8 වන මෙල්බන් විශ්ව විද්‍යාලය, ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය, සිඩ්නි විශ්ව විද්‍යාලය, ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය, බටහිර ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලය, ඇඩිලේඩ් විශ්ව විද්‍යාලය, Monash විශ්ව විද්‍යාලය සහ සිඩ්නි විශ්ව UNSW  විද්‍යාලය රජයේ මෙම නව වෙනස්කම් තරයේ ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now