ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමේදී හඳුන්වාදුන් නවතම වෙනස්කම් 6 මෙන්න. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය සඳහා අයදුම් කරනු ලබන ක්‍රමවේදය සඳහා ඔස්ට්‍රේලියානු රජය විසින් පසුගිය අප්‍රේල් 20 වන දින නව වෙනස්කම් කිහිපයක් හඳුන්වා දෙනු ලැබීය.

Australian citizenship

Source: SBS

මෙතෙක් කලක් ඔස්ට්‍රේලියානු පුරවසිභාවය ලබා දීමේ ක්‍රමවේදය සඳහා නව ප්‍රතිසංස්කරන හඳුන්වා දෙන බව පසුගිය අප්‍රේල් 20 වන දින ඔස්ට්‍රේලියානු රජය විසින් නිවේදනය කළේය.

ඔස්ට්‍රේලියානු වටිනාකම් වලට මුල් තැන දීමට මෙම වෙනස්කම් හඳුන්වා දුන් බව අගමැති ටර්න්බුල් ඔහුගේ නිල කතාවේදී ප්‍රකාශ කළේය.

අප්‍රේල් 20 වන දිනට පසුව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමේදී හඳුන්වා දී ඇති නව වෙනස්කම් 6 පහත පරිදි වේ.

1. පුරවැසිභාවය සඳහා අයදුම් කරනු ලබන සියලු අයදුම්කරුවන් කියවීම, ලිවීම, ශ්‍රවණය කිරීම සහ කතා කිරීම යන අංග ඇතුළත් නිර්දේශිත ඉංග්‍රීසි පරීක්ෂණයකට මුහුණ දී සමත් විය යුතුය;

2. අයදුම්කරුවන් පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට පෙර ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි කරුවෙකු ලෙස වසර 4 ක් (මෙතෙක් පැවතියේ වසරක කාලයකි) ඔස්ට්‍රේලියාව තුළ වාසය කළ යුතුය;

3. ඔස්ට්‍රේලියානු වටිනාකම්, ගෘහස්ත හිංසනය හා කාන්තාව කෙරෙහි අවබෝධාත්මක නව බහුවරණ ප්‍රශ්ණ පුරවැසිභාවය සඳහා ලබා දෙන පරීක්ෂණයට ඇතුළත් කර තිබේ;

4. ඔස්ට්‍රේලියානු සාමාජය සමග සම්බන්ධකම් පවත්වන බවට අයදුම්කරුවන් තමන් ගත් පියවර ඉදිරිපත් කළ යුතුය. උදාහරණ ලෙස රැකියාවේ තොරතුරු, ප්‍රජා සංවිධාන වල සාමාජිකත්වය සහ නියමිත වයස් ඛාණ්ඩ වල දරුවන් පාසල් වලට ඇතුළත් කිරීම දැක්විය හැකිය;

5. අයදුම් කරුවන්ට පුරවැසිභාවය සඳහා වූ බහුවරණ පරීක්ෂණය අසමත් විය හැක්කේ උපරිම තුන් වතාවක් පමණි. යම් අයෙකු තුන් වතාවක් අසමත් වුවහොත් ඔහුට හෝ ඇයට එම පරීක්ෂණයට මුහුණ දීමට තවත් වසර දෙකක් බලා සිටිය යුතු වෙයි. (මීට පෙර ඕනෑම වාරයක් එම පරීක්ෂණය සඳහා පෙනී සිටිය හැකිව තිබුණි.);

6. පුරවැසිභාවය සඳහා වූ පරීක්ෂණයේදී යම් අයෙකු වංචා කළහොත් ස්වයංක්‍රීයව අදාළ අයැදුම්කරුව අසමත් වෙයි.

මෙම සියලු වෙනස්කම් 2017 අප්‍රේල් 20 වන දින සිට බලපැවැත්වෙන බව ඔස්ට්‍රේලියානු රජය නිවේදනය කරයි.

*********************************************************************************************

SBS සිංහල සේවය -  සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

********************************************************************************


Share

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now