Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත හා ටෙරිටරි, අද “ඔස්ට්‍රේලියා දිනය” සමරන හැටි. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ප්‍රථම වරට මෙල්බන් පාගමන සඳහා “ශ්‍රී ලංකාවේ පපරේ සංගීත කණ්ඩායම” ද සහභාගී වීමට නියමිත අතර ඔවුන් එහිදී පපරේ සංගීතය පාගමන පුරාවට වාදනය කිරීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.

Australia Day 2018

Source: AAP

අදට (26/01) යෙදී ඇති “ඔස්ට්‍රේලියා දිනය” සැමරීම ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම සහ ටෙරිටරියකම උත්කර්ෂවත් අන්දමින් සිදුවෙයි.

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරි වල “ඔස්ට්‍රේලියා දිනය” සැමරෙන අයුරු මෙම ලිපියෙන් දැක්වෙයි.

Australian Capital Territory (ACT)

ඔස්ට්‍රේලියා ධජය එසවීම

2018 ඔස්ට්‍රේලියා දිනය නිමිත්තෙන් ඔස්ට්‍රේලියානු ජාතික ධජය එසවීමේ නිල උත්සවය සහ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේ ප්‍රධාන උත්සවය අද (26/01) Australian Capital Territory හි Griffin, Lake Burleyහි පෙරවරු 9 ට ආරම්භ වේ.

මල් වෙඩි සංදර්ශනය

ඉන් අනතුරුව අද දින සවස 4 සිට Regatta Point සහ Patrick White Lawns යන ස්ථාන වල විවිධ උත්සව සංවිධානය කර ඇති අතර රාත්‍රී 9 ට මල් වෙඩි සංදර්ශනයක් ACT ටෙරිටරි රජය විසින් සංවිධානය කර තිබේ.

Australia Day 2018
Source: www.australiaday.org.au

වික්ටෝරියා

ඔස්ට්‍රේලියා ධජය එසවීම

2018 ඔස්ට්‍රේලියා දිනය නිමිත්තෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ ඔස්ට්‍රේලියානු ජාතික ධජය එසවීමේ නිල උත්සවය අද පෙරවරු 10.30 සිට 11.00 දක්වා මෙල්බන් නගර ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ.

මේ සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා, ප්‍රාන්ත අගමැතිවරයා සහ මෙල්බන් නගර සභාවේ නගරාධිපතිවරයා සහභාගී වීමට නියමිතය.

ඔස්ට්‍රේලියා දින පාගමන

මෙවර ඔස්ට්‍රේලියා දිනය වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ සංවිධානය කරනු ලබන පාගමන අද පෙරවරු 11 ට මෙල්බන් නගරයේ Swanston වීදියෙන් ආරම්භ වීමට නියමිතය.

පුද්ගලයින් 1000 කටත් අධික සංඛ්‍යාවක් සහභාගී වීමට අපේක්ෂා කරන මෙවර මෙල්බන් පාගමන සඳහා විවිධ ප්‍රජාවන සහ සංස්කෘතික කණ්ඩායම් 80 ක් පමණ සම්බන්ධ වීමට ද නියමිතය.

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ප්‍රථම වරට මෙල්බන් පාගමන සඳහා “ශ්‍රී ලංකාවේ පපරේ සංගීත කණ්ඩායම” ද සහභාගී වීමට නියමිත අතර ඔවුන් එහිදී පපරේ සංගීතය පාගමන පුරාවට වාදනය කිරීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.

මල් වෙඩි සංදර්ශනය

වික්ටෝරියා ප්‍රාන්තයේ “ඔස්ට්‍රේලියා දිනය” සැමරීම අවසන් වන්නේ Docklands හි පැවැත්වීමට නියමිත මල් වෙඩි සංදර්ශනයෙනි.

මෙය අද දින රාත්‍රී 9 ට ආරම්භ වීමට නියමිත බව සඳහන්.

Australia Day 2018
Source: AAP

නිව් සවුත් වේල්ස්

ආචාර වෙඩි මුර සංදර්ශනය

අද පෙරවරු 11.30 සිට 12.15 දක්වා සිඩ්නි වරාය පරිශ්‍රයේ සිට ඔස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාව, ඔස්ට්‍රේලියානු යුධ හමුදාව සහ ඔස්ට්‍රේලියානු ගුවන් හමුදාව එක්ව ආචාර වෙඩි මුර 21 ක් පවත්වා ඔස්ට්‍රේලියා දේශයට ගරු බුහුමන් දැක්වීමට අපේක්ෂාවෙන් සිටියි.

ඔස්ට්‍රේලියා දින පාගමන

ඔස්ට්‍රේලියානු දිනයට සමගාමීව සිඩ්නි වරාය පරිශ්‍රයේදී අද පැවැත්වෙන Harbour Parade හෙවත් වරාය පෙළපාලිය සඳහා විවිධ වර්ණයන්ගෙන් සහ හැඩයන්ගෙන් හැඩ ගැන්වුණු යාත්‍රා සම්බන්ධ වීමට නියමිතය.

මෙය අද පස්වරු 12.45 සිට සවස 2 දක්වා පැවැත්වේ.

මල් වෙඩි සහ සංගීත සංදර්ශනය

සිඩ්නි නුවර Circular Quay හි සිට මෙවර “ඔස්ට්‍රේලියා දිනය” සැමරීමට සජීවී සංගීත සංදර්ශනයක් සහ මල් වෙඩි සංදර්ශනයක් අද දිනයේ පවත්වන අතර එය පස්වරු 6.30 සිට රාත්‍රී 9.30 දක්වා පැවැත්වේ.

Australia Day 2018
Source: www.sydney.com

දකුණු ඔස්ට්‍රේලියාව

මෙවර ඔස්ට්‍රේලියා දින, ජාතික පා ගමන දකුණු ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවරදී පැවැත්වේ.

ඇඩිලේඩ් නුවර King William මාර්ගයේ පිහිටි Elder උද්‍යානයේ සිට සවස 6 ට මෙම පාගමන ආරම්භ වීමට නියමිත බව සඳහන්.

මේ සඳහා පුද්ගලයින් 4,000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිත බව සඳහන්.

විවිධ ප්‍රජා කණ්ඩායම් 100 කට අධික සංඛ්‍යාවක්ද පැරණි මෝටර් රථද, අශ්වයින්, තූර්ය වාදන කණ්ඩායම් ද මේ පාගමන සඳහා එක්වේ.

Australia Day 2018
Source: www.ausdayold.siteinprod.com.au

ක්වීන්ස්ලන්තය

ඔස්ට්‍රේලියා ධජය එසවීම

2018 ඔස්ට්‍රේලියා දිනය නිමිත්තෙන් දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඔස්ට්‍රේලියානු ජාතික ධජය එසවීමේ නිල උත්සවය අද පෙරවරු 10.00 ට Townsville හි Jezzine බැරැක්කදී සිදු කෙරේ.

මල් වෙඩි සංදර්ශනය

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ “ඔස්ට්‍රේලියා දිනය” සැමරීම අවසන් වන්නේ South Bank හි පැවැත්වීමට නියමිත මල් වෙඩි සංදර්ශනයෙනි.

මෙය අද දින රාත්‍රී 8 ට ආරම්භ වීමට නියමිත බව සඳහන්.

Australia Day 2018
Source: AAP

බටහිර ඔස්ට්‍රේලියාව

මල් වෙඩි සංදර්ශනය

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ “ඔස්ට්‍රේලියා දිනය” සැමරීම පිණිස පර්ත් නුවර Swan ගංගාව ආශ්‍රිතව මල් වදී සංදර්ශනයක් පවත්වන්නට නියමිතය,

Australia Day 2018
Source: Getty Images

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


3 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now