ඔස්ට්‍රේලියාවේ යෝජිත Religious discrimination පනත් කෙටුම්පත සම්මත කරගැනීමට යාමේදී අවුල් ජාලයක් (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියානුවන් ආගමික විශ්වාසයන් හෝ ආගමික ක්‍රියාකාරකම් මත වෙනස් කොට සැලකීමෙන් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත යෝජනා කෙරුණි.

Religious Discrimination bill

Australia PM Scott Morrison plans to amend the Religious Discrimination Bill to protect LGBTIQ+ students. Source: AAP

වත්මන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් යෝජිත religious discrimination පනත් කෙටුම්පත සම්මත කරගැනීම උදෙසා අද සිට මධ්‍යම පාර්ලිමේන්තුවේ විවාද පැවැත්වේ.

මෙය සම්මත වුවහොත් විවිධ පාර්ශව වෙත අසාධාරණකම් සහ අකටයුතුකම් සිදුවන බවට මේ දිනවල චෝදනා නැගෙමින් තිබේ.


Highlights

  • ඔස්ට්‍රේලියානුවන් ආගමික විශ්වාසයන් හෝ ආගමික ක්‍රියාකාරකම් මත වෙනස් කොට සැලකීමෙන් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත යෝජනා කෙරුණි.
  • මෙම යෝජිත නීති මගින් ආබාධිතව ජීවත් වන ඔස්ට්‍රේලියානුවන්ට අපහාස කිරීමට සහ පහත් කොට සැලකීමට මිනිසුන්ට වැඩි අවසරයක් ලබා දිය හැකි බව අදාළ ක්ෂේත්‍රවල විශාරදයින්ගේ සංවිධාන එකමුතුව අනතුරු අඟවා තිබේ.
  • වත්මන් ලිබරල් සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරුන් මෙම පනත් කෙටුම්පතට විරුද්ධත්වය එළිපිටම පළ කර තිබේ.

යෝජිත Religious discrimination පනත් කෙටුම්පත

ඔස්ට්‍රේලියානුවන් ආගමික විශ්වාසයන් හෝ ආගමික ක්‍රියාකාරකම් මත වෙනස් කොට සැලකීමෙන් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත යෝජනා කෙරුණි.

ඔස්ට්‍රේලියානුවන් වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිය සහ ආබාධිතභාවය මත වෙනස් කොට සැලකීමෙන් ආරක්ෂා කර ඇති ආකාරයටම මෙහිදීද ආගමික විශ්වාසයන් හෝ ආගමික ක්‍රියාකාරකම් මත වෙනස් කොට සැලකීමෙන් ආරක්ෂා කෙරේ.

කෙසේනමුත් මෙම යෝජිත නීති මගින් ආබාධිතව ජීවත් වන ඔස්ට්‍රේලියානුවන්ට අපහාස කිරීමට සහ පහත් කොට සැලකීමට මිනිසුන්ට වැඩි අවසරයක් ලබා දිය හැකි බව අදාළ ක්ෂේත්‍රවල විශාරදයින්ගේ සංවිධාන එකමුතුව අනතුරු අඟවා තිබේ.

ඔස්ට්‍රේලියානු ආබාධිත සංවිධාන සම්මේලනය සහ අනෙකුත් නියෝජිත කණ්ඩායම් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට මේ බව ලිඛිතව දන්වා ඇත.

ඊට අමතරව ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මේ සඳහා විරුද්ධත්වය පළ කර තිබේ.
මෙම යෝජිත නීති සම්පාදනය හරහා ඇති විය හැකි “හානිකර බලපෑම් පිළිබඳව ගැඹුරින් සැලකිලිමත් වන” ලෙස සාමාජිකයින් 17 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ දිනයේදී ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

"ආගමේ පදනම මත වෙනස් කොට සැලකීමෙන් ආරක්ෂා වීමට අපි සියලු දෙනාම සහාය දෙනවා. ඕනෑම දියුණු ප්‍රජාතන්ත්‍රවාදයකට ආගමික නිදහස අත්‍යවශ්‍ය සාධකයක්. නමුත් මෙය නිසා අන් අයගේ අයිතිවාසිකම් සහ ගෞරවය අහිමි කිරීමට ඉඩ නොදිය යුතුයි." යනුවෙන් අදාළ කණ්ඩායම මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් කර ඇත.

පුද්ගලයෙකුගේ ඇදහිල්ල අවංකව ප්‍රකාශ කරන තාක්කල් අන්‍යයන් අමනාප කරන, අවමන් කරන හෝ අපහාස කරන අදහස් දැක්වීමට ඉඩ සලසන විශ්වාසයේ ප්‍රකාශවලට (statements of belief) අවසර දෙන පනත් කෙටුම්පතේ විධිවිධාන පිළිබඳව තමන්ට විශේෂ සැලකිල්ලක් ඇති බව එම කණ්ඩායම තවදුරටත් පැවසීය.

ආබාධ සහිත පුද්ගලයින්ව හෑල්ලුවට ලක් කළ හැකියි

බොහෝ විට ආබාධ සහිත පුද්ගලයින් තමන් කළ පාපයේ හෝ කර්මයේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ ආබාධිතභාවය හෑල්ලූවට ලක් කරන ආගමික විශ්වාසයන්හි ප්‍රකාශවලට මෙහිදී යටත් වන බව ඔස්ට්‍රේලියානු ආබාධිත සංවිධාන සම්මේලනය සහ අනෙකුත් නියෝජිත කණ්ඩායම් පැවසීය.

ආබාධිතභාවය අදාළ පුද්ගලයින්ගේ හෝ ඔවුන්ගේ දෙමව්පියන්ගේ පව්වලට දෙවියන් වහන්සේගෙන් ලැබෙන දඬුවමක් බවත් යාච්ඤාවෙන් සුවය ලැබිය හැකි බවත්, ඔවුන් පෙර ජීවිතයේ කළ දේ සඳහා ඔවුන්ගේ ආබාධිතභාවයෙන් පීඩා විඳීමට සුදුසු බවත් මිනිසුන් විසින් පවසන බවද එම කණ්ඩායම සඳහන් කළේය.

මේවා අන්තවාදී ආගමික අදහස් සහ ප්‍රකාශයන් ලෙස පෙනුනද, ඒවා ආබාධ සහිත පුද්ගලයන් සඳහා පොදුවේ ප්‍රකාශ කරන අදහස් වන අතර, ඔවුන් පෞද්ගලිකව ආගමික මූලධර්ම විශ්වාස කරන තාක්කල්, පනත් කෙටුම්පත මෙම අදහස් නීත්‍යානුකූල කරනු ඇති බවද ඔස්ට්‍රේලියානු ආබාධිත සංවිධාන සම්මේලනය සහ අනෙකුත් නියෝජිත කණ්ඩායම් පෙන්වා දුන්නේය.
"එවැනි අදහස් ප්‍රකාශ කරන පුද්ගලයෙකු සද්භාවයෙන් ක්‍රියා නොකරන බව ඔප්පු කිරීම අතිශයින් දුෂ්කර වනු ඇති, මන්ද ඔවුන් ප්‍රකාශ කරන්නේ සැබෑ ලෙසම ඔවුන් දරන ආගම්වල මතයන් වන අතර එම ආගම් අදාළ පුද්ගලයා බේරා ගැනීමට උත්සාහ කරයි." යනුවෙන් ද එම කණ්ඩායම පැහැදිලි කළේය.

එනිසා එවැනි අන්තවාදී ප්‍රකාශයන් පිළිබඳ යෝජිත පනත් කෙටුම්පතේ ඇති සීමාවන් ආබාධ සහිත පුද්ගලයින්ගේ අභිමානයට හා මනුෂ්‍යත්වයට හානි කරන අවමන් සහගත ප්‍රකාශවලින් ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් නොවන බව සඳහන්.

LGBTIQ+, සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ වූ සහ ඇබෝර්ජීනියානු හා ටෝරස් දූපත්වාසී ප්‍රජාවන් වැනි කණ්ඩායම්වලට අයත් ආබාධිත පුද්ගලයින් දැනටමත් විවිධ වෙනස්කම්වලට මුහුණ දෙන බැවින් මෙම පනත හරහා ඉහළ බලපෑමක් ඇති විය හැකි බවද පැවසේ.
Prime Minister Scott Morrison speaks to the media during a press conference in Canberra, Monday, February 7, 2022.
Prime Minister Scott Morrison Source: AAP

යෝජිත පනත් කෙටුම්පත සම්මත කරගැනීමට දැඩි වෙහෙසක්

Religious discrimination යෝජිත පනත් කෙටුම්පත සම්මත කරගැනීම උදෙසා විවාද කිරීම අද (08/02) ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේදී ආරම්භ විය.

නමුත් වත්මන් ලිබරල් සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරුන් මෙම පනත් කෙටුම්පතට විරුද්ධත්වය එළිපිටම පළ කර තිබේ.

මෙම පනත් කෙටුම්පත අනෙක් පුද්ගලයින්ට වඩා ආගමික අයිතිවාසිකම් වරප්‍රසාද ලබා දෙන බව ඇතැමුන් පවසයි.

පසුගිය වසරේ ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයේ අසුන්ගත් ලිබරල් මන්ත්‍රීනී Bridget Archer මෙයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ඇති බව පෙනේ.
යෝජිත නීති මගින් LGBTIQ+ සිසුන් ආරක්ෂා කරන ප්‍රාන්තවල anti-discrimination නීති අභිබවා යනු ඇති බව ඇය ABC රුපවාහිනියට පැවසීය.

මෙම පනත් කෙටුම්පත පසුගිය වසරේ සෙනෙට් සභාවේ රජයේ ප්‍රධානත්වයෙන් යුත් නීති කටයුතු සහ මානව හිමිකම් කමිටු වෙත යවා ඇති අතර, සංශෝධන මාලාවකින් පසුව එය සම්මත කරන ලෙස එම කමිටු දෙකම පසුගිය සතියේ නිර්දේශ කළේය.

LGBTIQ+ සිසුන් ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය හෝ ලිංගිකත්වය මත පදනම්ව ආගමික පාසල්වලින් නෙරපා හැරීමෙන් ආරක්ෂා කිරීම සඳහා මෙම පනත් කෙටුම්පතට සංශෝධනයක් එකතු කරන බව අගමැති Scott Morrison පසුගිය සතියේදී පැවසීය.

Share

Published

Updated

By Evan Young, Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ යෝජිත Religious discrimination පනත් කෙටුම්පත සම්මත කරගැනීමට යාමේදී අවුල් ජාලයක් (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala