විදෙස් මැදිහත්වීම්වලින් ඔස්ට්‍රේලියානු මහ මැතිවරණ ප්‍රතිඵලය වෙනස් කළ හැකිද? (SBS සිංහල/ වාර්තා)

දේශපාලන පක්ෂවලට විශාල ධන පරිත්‍යාග සහ හොඳින් සංවිධානය කරන ලද වැරදි තොරතුරු පැතිරීමේ ව්‍යාපාර වෙනත් රටවල දේශපාලන පද්ධතිවලට මැදිහත් වීමට ඇතැම් රටවල් භාවිතා කළ හැකි උපක්‍රමවලින් කිහිපයකි.

Vote counting in process at a past federal election.

A paper-based voting system differentiates the federal election process in Australia from countries such as the US, where some states offer online voting. Source: Getty Images AsiaPac

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය එළඹෙන මැයි මාසය අවසන් වීමට පෙර පැවැත්වීමට නියමිතය.

ඒ සමග ඔස්ට්‍රේලියානු දේශපාලනයට විදේශ මැදිහත්වීම් සහ බලපෑම් පිළිබඳ යළිත් කතා බහ වීමට පටන් ගෙන තිබේ.

මේ පිළිබඳ ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති Malcolm Turnbull වසර 4 කට පමණ පෙර බරපතල ලෙස හෙළිදරව් කළේය.

ඊට අමතරව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජනරාල් Mike Burgess ද පසුගියදා ඔස්ට්‍රේලියානු දේශපාලනයට විදේශ මැදිහත්වීම් පිළිබඳ අනතුරු ඇඟවීම් සිදු කළේය.


Highlights

  • විදේශ මැදිහත්වීම් යනු වෙනත් රටවල ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියාවලීන් සහ ප්‍රතිඵලවලට රහසිගතව බලපෑම් කිරීමට විදේශීය රජයන් දරන උත්සාහයන් වේ.
  • චීනය සහ රුසියාව විදේශ මැදිහත්වීම් සම්බන්ධයෙන් විශාලතම තර්ජන දෙක බවට හඳුනාගෙන තිබේ.
  • ඉලක්කගත රටවල ව්‍යාකුලත්වයක්, අවිනිශ්චිතභාවයක් සහ බෙදීම් ඇති කිරීම විදේශීය මැදිහත්වීම්වල ප්‍රධාන පරමාර්ථය වේ.

විදේශීය මැදිහත්වීම් යනු කුමක්ද? විදේශීය මැදිහත්වීම් සඳහා යොදාගන්නා උපක්‍රම මොනවාද? එහිදී විශාලතම තර්ජන සහ වඩාත්ම අවදානමට ලක්විය හැකි ඉලක්ක කවුද? ඔස්ට්‍රේලියාවේ එලඹෙන ෆෙඩරල් මැතිවරණයට විදේශ මැදිහත්වීම්වලට ඇත්ත වශයෙන්ම බලපෑමක් ඇති කළ හැකිද?

එම ප්‍රශ්න සඳහා පිළිතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
Former prime minister Malcolm Turnbull at the National Press Club
Former prime minister Malcolm Turnbull at the National Press Club Source: AAP

විදේශීය මැදිහත්වීම් යනු කුමක්ද?

"විදේශ මැදිහත්වීම් යනු වෙනත් රටවල ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියාවලීන් සහ ප්‍රතිඵලවලට රහසිගතව බලපෑම් කිරීමට විදේශීය රජයන් දරන උත්සාහයන්" යනුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම බුද්ධි අංශ සේවාව වන ASIO හි හිටපු ප්‍රධානී Dennis Richardson, SBS පුවත් සේවයට පැවසීය.

චීනය සහ රුසියාව විදේශ මැදිහත්වීම් සම්බන්ධයෙන් විශාලතම තර්ජන දෙක බවත් ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඔස්ට්‍රේලියාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් එහි විශාලතම ඉලක්ක බවත් ඔහු පැවසීය.

නමුත් ප්‍රජාතන්ත්‍රවාදී නොවන රටවල් ද ඔවුන්ගේ ඉලක්කයක් විය හැකිය. රුසියාව සහ චීනය අප්‍රිකාවේ ඇතැම් රටවලට, මැදපෙරදිග ඇතැම් රටවලට සහ ඔවුන්ගේම දේශසීමාවේ ඇතැම් රටවලට බලපෑම් කිරීමට උනන්දු වනු ඇති බවත් Dennis Richardson ප්‍රකාශ කළේය.
අදාළ රටවල ව්‍යාකුලත්වයක්, අවිනිශ්චිතභාවයක් සහ බෙදීම් ඇති කිරීම විදේශීය මැදිහත්වීම්වල ප්‍රධාන පරමාර්ථය වේ.

"ඇතැම් විට, විදේශ මැදිහත්වීම් දේශපාලන පක්ෂ තුළ හෝ පාර්ලිමේන්තු තුළ ඒවායේ ප්‍රතිඵලවලට බලපෑම් කිරීමටත්, පවතින ක්‍රමයටම එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදයේ විවෘතභාවය භාවිතා කරමින් ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙනත් දිශාවකට හැරවීමටත් උත්සහ දරනවා." යනුවෙන්ද Dennis Richardson  පැවසීය.

බ්‍රිතාන්‍යයේ Brexit පිළිබඳ ඡන්ද ප්‍රතිඵලයට බලපෑම් කිරීමට සහ 2016 ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරනයට මැදිහත් වීමට දැරූ උත්සාහයන් විදේශ මැදිහත්වීම්වලට වඩාත්ම කැපී පෙනෙන උදාහරණ දෙකක් බව ද ඔහු පෙන්වා දුන්නේය.
Secretary of the Department of Defence Dennis Richardson speaks at the National Press Club in Canberra, Friday, May 12, 2017. (AAP Image/Mick Tsikas) NO ARCHIVING
Dennis Richardson, former chief of ASIO. Source: AAP

විදේශීය මැදිහත්වීම් සඳහා යොදාගන්නා උපක්‍රම

දේශපාලන පක්ෂවලට විශාල ධන පරිත්‍යාග සහ හොඳින් සංවිධානය කරන ලද වැරදි තොරතුරු පැතිරීමේ ව්‍යාපාර වෙනත් රටවල දේශපාලන පද්ධතිවලට මැදිහත් වීමට ඇතැම් රටවල් භාවිතා කළ හැකි උපක්‍රමවලින් කිහිපයකි.

එහිදී මුදල් භාවිතය ඉතා ඵලදායී විය හැකි බව ඔස්ට්‍රේලියානු උපායමාර්ගික ප්‍රතිපත්ති ආයතනයේ (ASPI) ජාත්‍යන්තර සයිබර් ප්‍රතිපත්ති මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Fergus Hanson, SBS පුවත් සේවයට පැවසුවේය.

"ධනවත් පුද්ගලයන් විසින් කරන ලද විශාල ධන පරිත්‍යාගයන් යම් දේශපාලකයෙකු යම් විදේශ ප්‍රතිපත්ති ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රවේශය වෙනස් කිරීමට හේතු වූ අවස්ථා තිබෙනවා" යනුවෙන් Fergus Hanson පැවසීය.
රුසියාව සහ චීනය වැනි රටවල් ව්‍යාජ ඩිජිටල් ගිණුම් හරහා විවධ ප්‍රවණතා හැඩගස්වා ගැනීමට උත්සාහ කරන අතර විශේෂිත රටවල වැරදි තොරතුරු මතු කිරීම සහ ඒවා පැතිරවීම සඳහා තොරතුරු පරිසරයන් (information environments) කෘතිමව හසුරුවන ආකාරය දක්නට ලැබෙන බව ද ඔහු සඳහන් කළේය.

ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල පහක් මේ වන විට ඩිජිටල් වැරදි තොරතුරු ප්‍රචාරණ ව්‍යාපාරවල පුලුල් භාවිතය ඉස්මතු කරන,Understanding Mass Influence නම් ඒකාබද්ධ වාර්තාවක් ගොනු කර තිබේ.

එම වාර්තාවට අනුව, රුසියාවේ රාජ්‍ය අනුග්‍රහය ලබන අන්තර්ජාල පර්යේෂණ ඒජන්සිය Facebook වැනි සමාජ මාධ්‍ය ජාල සක්‍රීයව භාවිතා කරන අතර, ඉහළ සම්පත් සහිත හොඳින් සම්බන්ධීකරණය වූ දින හතේම පැය 24 පුරා ක්‍රියාත්මක වන දහසක් පමණ කාර්ය මණ්ඩලයක් සේවයේ යොදවයි.

රුසියානු අරමුණු සඳහා සහාය විය හැකි වෙනත් රටවල් තුළ වැරදි තොරතුරු පවත්වාගෙන යාම එහි මූලික අරමුණ බවද අදාළ වාර්තාව පෙන්වා දෙයි.
fergus_hanson_web_photo_small.jpg

විදේශීය මැදිහත්වීම්වලට ඔස්ට්‍රේලියානු දේශපාලනයට බලපෑම් කළ හැකිද?

විදේශීය මැදිහත්වීම්වලට ඔස්ට්‍රේලියානු දේශපාලනයට බලපෑම් කළ හැකියි සහ නොහැකියි යන පිළිතුර ඔස්ට්‍රේලියානු උපායමාර්ගික ප්‍රතිපත්ති ආයතනයේ (ASPI) ජාත්‍යන්තර සයිබර් ප්‍රතිපත්ති මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Fergus Hanson ලබාදුන්නේය.

“ඔබ කතා කරන්නේ විදේශීය රාජ්‍යයක් විසින් ස්ථාපනය කරන ලද, තේරී පත් වූ අපේක්ෂකයෙකු ලබා ගැනීම සඳහා භාවිතා කරන විදේශ මැදිහත්වීම් ගැන නම්, ඔව්, නියත වශයෙන්ම, එය සිදුවිය හැකි යැයි මම සිතනවා,” ඔහු පැවසීය.
"නමුත් ෆෙඩරල් මැතිවරණයෙදී කම්කරු පක්ෂයෙන් තේරී පත් වූ අයෙකු ලිබරල් පක්ෂය ලෙස තේරී පත් වීම දක්වා එය වෙනස් කළ හැකිද? මම හිතන්නේ එයට බොහෝ දුරට ඉඩ නැති බවයි." යනුවෙන්ද Fergus Hanson සඳහන් කළේය.

එම පිළිතුරුවලට ASIO හි හිටපු ප්‍රධානී Dennis Richardson ද එකඟ විය.

"ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවලට වඩා බෙහෙවින් ශක්තිමත් ඔස්ට්‍රේලියාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ ක්‍රියාවලීන් සහ ෆෙඩරල් මැතිවරනයේ ප්‍රතිඵලයට සැලකිය යුතු ලෙස බලපෑම් කිරීමට විදේශීය බලපම්කරුවන්ට ඇති හැකියාව සීමිත බව තමන්ද සිතන බව ඔහු පැවසීය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


විදෙස් මැදිහත් වීම් සඳහා ඔස්ට්‍රේලියාවට ඇමෙරිකාවට වඩා අඩු අවදානමක් ඇත්තේ ඇයි?

ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් මැතිවරණ ක්‍රියාවලීන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වෙනස් වන ප්‍රධාන සාධකය වන්නේ ඇමෙරිකාවේ බොහෝ ප්‍රාන්තවල භාවිත කරන online ඡන්ද ක්‍රමයට වඩා ඔස්ට්‍රේලියාවේ ඡන්ද පත්‍රිකා මත පදනම් වූ ඡන්ද ක්‍රමය වේ.

එය ඔස්ට්‍රේලියානු මැතිවරණ ව්‍යුහය වඩාත් ආරක්ෂිත සහ වඩාත් ස්ථායි කරයි.
"යම් අවස්ථාවකදී ඔස්ට්‍රේලියාවේ මැතිවරණ පද්ධතිය විවිධ මැතිවරණ කොට්ඨාසවල කුමන අපේක්ෂකයෙකු සඳහා කොපමණ පිරිසක් ඡන්දය ප්‍රකාශ කළේද යන්න පිළිබඳව සොයන ක්‍රමය ඩිජිටල්කරණය වේ, එබැවින් අවසාන සංඛ්‍යාව ඩිජිටල් ලෙස හැසිරවීමේ හැකියාවක් ඇත," යනුවෙන් ඔස්ට්‍රේලියානු උපායමාර්ගික ප්‍රතිපත්ති ආයතනයේ (ASPI) ජාත්‍යන්තර සයිබර් ප්‍රතිපත්ති මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Fergus Hanson පැවසීය.

නමුත් ඔස්ට්‍රේලියාවේ ඡන්ද පත්‍රිකා මත පදනම් වූ ක්‍රමයට විදෙස් මැදිහත්වීම් සිදු කිරීම තරමක් අපහසු බවද ඔහු පැවසීය.

අනිවාර්ය ඡන්දය ප්‍රකාශ කිරීම ද විදේශීය මැදිහත්කරුවන්ට ඔස්ට්‍රේලියානු දේශපාලන ක්‍රමයට ඕනෑවට වඩා අත පෙවීමට අපහසු වන බව ඔහු සඳහන් කළේය.



Share

Published

Updated

By Akash Arora, Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service