ඔස්ට්‍රේලියාවේ ද්විභාෂා දරුවන් ඇති දැඩි කිරීම පිළිබඳ ප්‍රධාන මිථ්‍යාවන් පහක් (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ ද්විභාෂා දරුවන් ඇති දැඩි කිරීම පිළිබඳ ප්‍රධාන මිත්‍යාවන් 5 ක් පිළිබඳ මෙම ලිපියෙන් විස්තර කෙරේ.

Young girl hugging mum from behind

There’s no handbook on how to raise bilingual kids. Source: Pexels - Ketut Subiyento

ජාත්‍යන්තර මව් භාෂා දිනය අදට (21/02) යෙදී තිබේ.

ඔස්ට්‍රේලියාව, කැනඩාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය වැනි ඉංග්‍රීසි භාෂාව ප්‍රමුඛව භාවිත කරන රටවල, ද්විභාෂාවෙන් දරුවන් ඇති දැඩි කිරීම අමතර අභියෝග මතු කළ හැකිය.

විශේෂයෙන්ම ඔබේ මව් භාෂාව බහුලව කතා නොකරන විට, එම භාෂාව පවත්වාගෙන යාමට මහත්වූ උත්සාහයක් සහ සම්පත්දායකත්වයක් අවශ්‍ය වේ.

නමුත් වෙනත් භාෂාවලට ප්‍රවේශ වීම දරුවන්ට ප්‍රයෝජනවත් වන නිසා එම උත්සාහය මිල කළ නොහැකිය.


Highlights

  • එක් භාෂාවකට වඩා ඇසීමෙන් ළමයින් ව්‍යාකූල වේ යන්න ඔස්ට්‍රේලියාව තුළ බහුලව දැකිය හැකි මිත්‍යාවකි.
  • නමුත් උපන් මොහොතේ සිට, දරුවන්ගේ මොළය භාෂා අතර වෙනස හඳුනා ගැනීමට සමත් වේ.
  • ද්විභාෂාවෙන් දරුවන් ඇති දැඩි කිරීම ඔවුන්ගේ කථනය ප්‍රමාද කරන බව සමාජය තුළ බහුලවම පවතින තවත් මිත්‍යාවකි.

භාෂාව පිළිබඳ බොහෝ මිථ්‍යාවන් සහ වැරදි විශ්වාසයන් ඔස්ට්‍රේලියාව තුළ මතුවෙමින් පැවතුනු බව SBS ගුවන් විදුලිය සිදුකළ My Bilingual Family නම්වූ podcast මාලාවෙන් සොයාගැනීමට හැකිවී තිබේ.

එවන් බහුලව දක්නට ලැබෙන ප්‍රධාන මිත්‍යාවන් 5 ක් පිළිබඳ මෙම ලිපියෙන් විස්තර කෙරේ.

පළමු මිත්‍යාව - එක් භාෂාවකට වඩා ඇසීමෙන් ළමයින් ව්‍යාකූල වේ

උපන් මොහොතේ සිට, දරුවන්ගේ මොළය භාෂා අතර වෙනස හඳුනා ගැනීමට සමත් වේ.

සමාජ භාෂා විද්‍යාඥ ආචාර්ය Loy Lising පවසන පරිදි ඇත්ත වශයෙන්ම අධ්‍යයනයන් පෙන්වා දී ඇත්තේ මොළය ඉගෙන ගැනීමට වැඩසටහන්ගත කර ඇති භාෂා සංඛ්‍යාවක් නොමැති බවය.

පොහොසත් සහ ප්‍රමාණවත් ගුණාත්මක ලැබීමක් (input) ඇති තාක්, දරුවාගේ මොළයේ ඔවුන්ට ඉගෙන ගත හැකි භාෂා ගණන සම්බන්ධයෙන් සීමාවක් නොමැත.

"ඇත්ත වශයෙන්ම, ව්‍යාකූල අවස්ථාවන් ඇති නමුත් එය සාමාන්‍යයි; එක් භාෂාවක් ඇසුරේ පමණක් හැදී වැඩෙන ළමයින්ට කතා කරන ආකාරය ඉගෙන ගැනීමේදී ද එවැනිම ව්‍යාකූල අවස්ථා ඇති වෙනවා." යනුවෙන් සමාජ භාෂා විද්‍යාඥ ආචාර්ය Loy Lising පැවසුවාය.

වැරදි සිදු කිරීම භාෂා ඉගෙන ගැනීමේ වැදගත් අංගයකි. ඒ අපි හැමෝම ඉගෙන ගන්නා ආකාරය වේ.

Dr Loy Lising
Dr. Loy Lising, Sociolinguist-Senior Lecturer from the Department of Linguistics in Macquarie University Sydney. Source: Dr Loy Lising

දෙවැනි මිත්‍යාව - ද්විභාෂාවෙන් දරුවන් ඇති දැඩි කිරීම ඔවුන්ගේ කථනය ප්‍රමාද කරයි

ද්විභාෂාවෙන් දරුවන් ඇති දැඩි කිරීම ඔවුන්ගේ කථනය ප්‍රමාද කරන බව සමාජය තුළ බහුලවම පවතින කතාවකි.

මෙය යෝජනා කරන බොහෝ කතාන්දර තිබෙන නමුත් සාක්ෂි ඇත්ත වශයෙන්ම මෙය එසේ බව සනාථ නොකරයි.

“මම හැම විටම මගේ සේවාදායකයින්ට ඔවුන්ගේ භාෂා දෙකෙන්ම තම දරුවා සමඟ කතා කරන ලෙස කියනවා. එය ඔවුන් ප්‍රමාද වූවාක් මෙන් නොපෙන්වයි. භාෂා පද්ධති දෙකම හඳුනා ගැනීමට උත්සාහ කරන්නේ ළමයින් පමණයි." යනුවෙන් speech pathologistවරියක් ලෙස කටයුතු කරන Anne Huang පැවසුවාය.

දරුවන් ද්විභාෂාවෙන් හැදී වැඩීමේදී ඔවුන් භාෂා දෙකකින් වචන මාලාවක් ලබා ගැනීම සිදු වේ.

ඔවුන් එක් එක් භාෂාවේ වචන අඩුවෙන් දැන ගැනීමට පටන් ගන්නා බව එයින් අදහස් කෙරේ. එය ප්‍රමාදයක් සේ පෙනෙනු ඇත.

නමුත් ඔබේ දරුවාගේ භාෂාමය ඉගෙනීම සම්බන්ධයෙන් සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ සත්‍ය චිත්‍රයක් ලබා ගැනීම සඳහා, ඔවුන් තේරුම් ගන්නා සහ කතා කරන සියලුම භාෂා සැලකිල්ලට ගැනීම වැදගත් වේ.

කාලයත් සමග එක් භාෂාවකින් පමණක් හැදී වැඩෙන දරුවන් හා සසඳන විට, ද්විභාෂා දරුවෙකුට විවිධ භාෂා හරහා විශාල වචන මාලාවක් ලබාගැනීමට අවස්ථාව උදාවෙයි.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


තුන්වන මිත්‍යාව - මිශ්‍ර භාෂා පවුල් සඳහා ක්‍රියාත්මක වන එකම ක්‍රමවේදය: ‘එක් දෙමාපියෙක්, එක් භාෂාවක්’ වේ

'එක් දෙමාපියෙකු එක් භාෂාවක්' යන ක්‍රමවේදය බොහෝ විට හොඳම උපාය මාර්ගය ලෙස සැලකේ, එක් දෙමාපියෙකු නිවසේ එක් භාෂාවක් කතා කරන අතර අනෙකා වෙනත් භාෂාවක් කතා කරයි.

නමුත් මෙම ප්‍රවේශය බොහෝ පවුල් සඳහා යථාර්ථවාදී නොවන අතර එය පවත්වා ගැනීමට අපහසු විය හැකිය.

විශේෂයෙන්ම අනෙක් මාපියන්ට සුළුතර භාෂාව නොතේරෙන පවුල්වල; එම ක්‍රමවේදය පවුලේ ගැටුම් හෝ පවුලේ ක්‍රියාකාරකම් වලින් බැහැර කිරීමේ හැඟීමකට හේතු විය හැකිය.

මේ සඳහා විකල්පයක් ලෙස, අනුගමනය කළ හැකි වෙනත් ප්‍රවේශයන් තිබේ.

වඩාත් ස්වාභාවික යැයි හැඟිය හැකි එක් උපාය මාර්ගයක් නම්, context හෙවත් අන්තර්ගතය අනුව ඔවුන්ගේ භාෂා භාවිතය වෙනස් කිරීමට දෙමාපියන් තීරණය කිරීමය.

එමනිසා, පවුලේ අය නිවසේදී තම දරුවන් සමඟ එක් භාෂාවක් කතා කරන ප්‍රවේශයක් ගත හැකිය, නමුත් උදාහරණයක් ලෙස පල්ලියේ සිටින විට ඔවුන් ඉංග්‍රීසි කතා කරයි.

Mum and son in the kitchEN
There are several approaches for bringing children up bilingually. Source: Pexels - PNW Production

සිව්වන මිත්‍යාව - ඉංග්‍රීසි නොමැතිව පාසල් ආරම්භ කිරීම අවාසියකි

Daycare සහ පාසැලට බාර දීමේදී තම දරුවාගේ ඉංග්‍රීසි භාෂා හැකියාවන් ගැන කනස්සල්ලට පත් වූ බොහෝ පවුල් සමඟ අපි කතා කළෙමු.

ඉංග්‍රීසි නොවන කතා කරන පසුබිමක් තිබීම පාසලේදී අවාසියක් බවට ඔස්ට්‍රේලියාවේ පැතිරුණු විශ්වාසයක් මෙම භීතිය පිළිබිඹු කරයි.

නමුත් ඉංග්‍රීසි නොමැතිව දරුවෙකු පාසල් යාම රම්භ කළත් ඔවුන් ඉක්මනින්ම ඉංග්‍රීසි ඉගෙන ගන්නා බව තහවුරු වී තිබේ.

පස්වන මිත්‍යාව - භාෂා මිශ්‍ර කිරීම ළමයින්ට කිසිම භාෂාවක් හොඳින් කතා නොකිරීමට හේතු වේ

භාෂා 'පිරිසිදු' ලෙස තබා ගැනීම පිළිබඳ බරපතල ලෙස වද වීමේ සැබෑ ප්‍රවණතාවක් තිබේ.

භාෂා මිශ්‍ර වීම සහ කිරීම සාමාන්‍ය දෙයකි, නමුත් පැහැදිලිවම මෙය පවුල් තුළ සිදුවන ප්‍රමාණය බොහෝ සෙයින් වෙනස් වේ.

ඔබ වෙනත් භාෂාවක් හොඳින් දන්නේ නම් මිස එය ඉගෙනීම කිසිසේත් වටින්නේ නැත යන අදහසින් මෙම මිථ්‍යාව ද වැසී ඇත

නමුත් භාෂාවක් දැන ගැනීම එරටේ 'ස්වදේශිකයෙකු' මෙන් කතා කිරීමට සමාන විය යුතු නැත.

යම් භාෂාවක් පිළිබඳ යම් නිපුණතාවයක් තිබීම පවා වටියි.

වාග් විද්‍යාඥ ආචාර්ය Anikó Hatoss අනුව, භාෂා මිශ්‍ර කිරීම පිළිගත හැකි මෙන්ම ප්‍රයෝජනවත් වේ.

නිවසේදී සංවේදී භාෂා ප්‍රතිපත්තිය මෙන්ම කැපවීම වඩාත්ම තීරණාත්මක සාධකය වේ.

"දරුවන්ගේ හැකියාවන් ගැන දැඩි විශ්වාසයක් ඇති දෙමාපියන් සාමාන්යයෙන් වඩා සාර්ථක වේ," ආචාර්ය Anikó Hatoss පැවසුවාය.

භාෂාව යනු ජීවිත ගමනක් බව මතක තබා ගැනීම වැදගත්ය.

ඉගෙනීමේදී ‘කිසිසේත්’ නැත යන්නක් අදාළ නොවේ.



Share

5 min read

Published

Updated

By Sheila Ngoc Pham, Masako Fukui, Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now