කොරෝනා වෛරස ආසාදනයට තර්ජනයක් විය හැකි ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබට ඇති ලෙඩ රෝග පිලිබඳ ඔබ දැනුවත්ද? (SBS සිංහල / වාර්තා)

Inhaler

Source: Flickr

දුර්වල ප්‍රතිශක්තීකරණ පද්ධතියක්, දුර්වල ඉන්ද්‍රීයන් සහ මෘදු ඉන්ද්‍රීය පටක පැවතීම COVID-19 වෛරසය පුද්ගලයෙකුට වැළදීම සඳහා වූ මූලික හේතු සාධක වෙයි. COVID-19 වෛරසය පුද්ගලයින්ගේ පෙනහළු පටක සඳහා දැඩි බලපෑමක් සිදුකරන අතර පුද්ගල ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය වෛරසය සමග ප්‍රතික්‍රියා කිරීමක් සිදුවේ. මෙහිදී එම පුද්ගලයට පෙනහලු ආශ්‍රිතව අධික අභ්‍යන්තර දැවිල්ලක් හට ගනී.

ලොව පුරා මේ දක්වා කොරෝනා වෛරසය වැළදීම හේතුවෙන් දැඩිසත්කාර අවශ්‍ය වූ පුද්ගලයින්ගෙන් සියයට 70කට වඩා වැඩි පිරිසකට පූර්ව සෞක්‍ය ගැටලු පැවති බව හෙළිව තිබේ.


 

සවන්දෙන්න SBS  සිංහල සේවයට , සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

93.1 fm VIC, 97.7 fm NSW, 93.3 fm QLD, 96.9fm WA, 105.5 fm – ACT, 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38 

සජීවීව සහ පසුව වැඩසටහනට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න


 

නිදන්ගත පෙනහලු රෝග, ඇදුම, හෘද රෝග, දියවැඩියාව,පිළිකා රෝග, අක්මාව/වකුගඩු ආශ්‍රිත රෝගයන්ගෙන් පෙලෙන පුද්ගලයින් සහ ඉන්ද්‍රීය බද්ධයන් සිදුකල ප්‍රතිශක්තීකරණය අඩු පුද්ගලයින් COVID-19 වෛරසය සඳහා ගොදුරු වීමට දැඩි අවධානමක් පවතී. 

 ඇදුම රෝගය - Asthma 

ඇදුම රෝගය යනු ශ්වසන පද්ධතිය ආශ්‍රිතව හටගන්නා රෝගයක් වන අතර       ශ්වාසනාලයේ අධික සංවේදීතාවය සහ දැවිල්ල හේතුවෙන් කැස්ස, පපුවේ තද ගතිය සහ හුස්ම ගැනීමේ අපහසුතාවය ඇති වේ.මෙම ඇදුම රෝගී තත්වය මේ වන විට එළිදක්වා ඇති වාර්තාවන්ට අනුව ඔස්ට්‍රේලියාවේ වෙසෙන පුද්ගලයින්ගෙන් සියයට 11ක පමණ ප්‍රතිශතයකට වැළදීමේ හැකියාව පවතී. එමෙන්ම මෙම රෝගී තත්වය ඕස්ට්‍රේලියානු ආදිවාසී ප්‍රජාවට වැළදීමේ ඉහල ප්‍රතිශතයක් පවතින බවද වාර්තා වේ. කෙසේ වුවද COVID-19 වෛරසය පෙනහලු මාර්ගයට වැඩි බලපෑමක් සිදුකිරීම හේතුවෙන් ඇදුම රෝගීන් දැඩි ලෙස ප්‍රවේශම් විය යුතු වේ.

ඇදුම රෝගය පිළිබඳව වැඩිදුර තොරතුරු

 පෙනහලු ආශ්‍රිත රෝග - Lung conditions 

ඇදුම රෝගයට අමතරව විවිධ පෙනහලු ආශ්‍රිත රෝගී තත්වයන් ඔස්ට්‍රේලියාව තුළ බහුල වශයෙන් පවතී. asbestosis, bronchiectasis, cystic fibrosis, emphysema, lung cancer, pleural effusion, pleurisy, respiratory silicosis and tuberculosis වැනි පෙනහලු රෝගී තත්වයන් ඒ අතර වෙයි. මෙම රෝගී තත්වයන්ගෙන් පෙලෙන පුද්ගලයින්ද COVID-19 වෛරසය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.

පෙනහලු රෝග පිළිබඳව වැඩිදුර තොරතුරු

 හෘද රෝග - Heart Disease 

ගෝලීය වශයෙන් හෙළි වූ කරුණු මත හෘද රෝග පවතින පුද්ගලයින්ද COVID-19 වෛරසය හේතුවෙන් දැඩි අවදානම් තත්වයක පසුවෙයි. හෘද රෝගීන් හට වෛරසය වැළදීමේ දැඩි අවධානමක් නොමැති වුවද, වෛරසය මගින් හෘද පේශීන් වල අධික ප්‍රදාහයක් ඇතිකිරීම හේතුවෙන් රෝගීන්ට හෘදයාබාධ ඇතිවීමේ දැඩි අවධානමක් පවතී. මේ හේතුවෙන් හෘද රෝග ඇති පුද්ගලයින් සමබර අහාර ගැනීම, දිනකට අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කිරීම සහ අවශ්‍ය නින්ද ලබාගැනීම අනිවාර්ය වෙයි.හෘද රෝග පවතින පුද්ගලයින් සඳහා, සතියකට මිනිත්තු 150ක මධ්‍යස්ත තීව්‍රතාවයකින් යුතු සහ සතියකට මිනිත්තු 75ක අධික තීව්‍රතාවයකින් යුතු ගෘහස්ත ව්‍යායාම මාලාවක් ලෝක සෞක්‍ය සංවිධානය මගින් නිර්දේශ කොට තිබේ.

හෘද රෝග පිළිබඳව වැඩිදුර තොරතුරු
Diabetes
Source: Flickr

දියවැඩියා රෝගය - Diabetes

දියවැඩියා රෝගය පවතින පුද්ගලයින් සෙසු පුද්ගලයින්ට සාපේක්ෂව අමතර සෞක්‍ය ගැටලු සඳහා මුහුණ දීමේ අවධානමක් පවතී. රුධිරයේ ග්ලුකෝස් මට්ටම කළමනාකරණය කිරීමට ඔවුන් කටයුතු කල යුතු අතර දියවැඩියා රෝගීන් ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබාගැනීම ඉතා වැදගත් බව Diabetes Australia ආයතනය පෙන්වා දී තිබේ. දියවැඩියා රෝගී තත්වය පුද්ගලයින්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය අඩපන කිරීමට සමත් වන අතර එම රෝගීන්ට පෙනහලු ආශ්‍රිත බැක්ටීරියා අසාදන ඇතිවීමේ හැකියාවද පවතින බව වාර්තා වේ. 2 වන තත්වයේ සිටින බොහෝ දියවැඩියා රෝගීන් තරබාරු වන අතර තරබාරුකම ද දරුණු අසාදන ඇතිවීමට ප්‍රධාන සාධකයකි.

දියවැඩියා රෝගය සහ COVID-19 වෛරසය පිළිබඳව වැඩිදුර තොරතුරු 


SBS සිංහල සේවයට සවන්දෙන්න දැන් SBS Radio APP මඟින් පුළුවන් (free download)


අක්මා රෝගී තත්වයන් - Liver conditions

Hepatitis B , Hepatitis C හෝ වෙනත් අක්මා රෝගී තත්වයන් පවතින පුද්ගලයින් අනෙක් සෑම පුද්ගලයෙකු සේම COVID-19 වෛරසයෙන් ආරක්ෂා වීමට පියවර ගතයුතුය. දරුණු අක්මා රෝගයන්ගෙන් පෙළෙන පුද්ගලයින් අනිවාර්යයෙන්ම ඉන්ෆ්ලුවෙන්සා එන්නත සහ pneumococcal රෝගය සඳහා වන එන්නත ලබාගත යුතුය.

COVID-19 වෛරසය සහ Hepatitis පිළිබඳව වැඩිදුර තොරතුරු 

COVID-19 වෛරසය සහ Hepatitis B  පිළිබඳව වැඩිදුර තොරතුරු

COVID-19 වෛරසය සහ Hepatitis C  පිළිබඳව වැඩිදුර තොරතුරු

Image

වකුගඩු රෝගී තත්වයන් - Kidney disease

වකුගඩු රෝගී තත්වයන් පවතින පුද්ගලයින්ද COVID-19 වෛරසය මගින් දැඩි ලෙස ප්‍රවේශම් වීම වැදගත් වේ. වකුගඩු රෝගීන් හට කොරෝනා වෛරසය හේතුවෙන් දරුණු සංකූලතා ඇතිවීමේ අවධානමක් පවතින අතර රෝගියාට විජලන තත්වයක් හෝ ද්විතීක ආසාදනයක් පවතී නම් වෛරසය රෝගියාගේ වකුගඩු ක්‍රියාකාරීත්වයට දැඩි බලපෑම් ඇති කරනු ලබයි.

COVID-19 වෛරසය සහ වකුගඩු රෝගී තත්වයපිළිබඳව වැඩිදුර තොරතුරු

Kidney Health Australia ආයතනයේ කළමනාකරණ සැලැස්ම 

පිළිකා රෝග සඳහා ප්‍රතිකාර - Cancer treatment

පිළිකා රෝග මගින් පුද්ගලයින්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල කරන අතර වෛරසයෙන් ඇති අවධානම අවම කිරීම සඳහා ඔවුන් සෞක්‍ය නිලධාරීන් නිර්දේශ කරනු ලබන උපදෙස් අනුගමනය කල යුතුය. මෙම රෝගීන් පොදු ප්‍රවාහන සේවාවන් භාවිත කිරීමෙන් වැලකී සිටිය යුතු අතර අත්‍යවශ්‍ය නොවන හේතුන් මත නිවසින් බැහැරට යාම සිදු නොකළ යුතුය. පශ්චාත් බද්ධ කිරීමේ ප්‍රතිකාර ලබාගන්න රෝගීන්ගේද ප්‍රතිශක්තීකරණය අඩු මට්ටමක පැවතීම හේතුවෙන් ඔවුන්ද COVID-19 වෛරසයෙන් දැඩි ලෙස ආරක්ෂා විය යුතුය.

Cancer support පිළිබඳව වැඩිදුර තොරතුරු



Share

Published

By Nipuna Dodangoda

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
කොරෝනා වෛරස ආසාදනයට තර්ජනයක් විය හැකි ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබට ඇති ලෙඩ රෝග පිලිබඳ ඔබ දැනුවත්ද? (SBS සිංහල / වාර්තා) | SBS Sinhala