කොරෝනා වසංගතය හේතුවෙන් අක්‍රිය කර තිබූ ඔස්ට්‍රේලියාවේ වැඩකටයුතු යළි ආරම්භ කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වෙමින් සිටියි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
නමුත් ඒ සඳහා ව්‍යාපාර සහ අනෙකුත් ආයතන නියමානුකූල සෞඛ්‍ය සම්පන්න හා සනීපාරක්ෂක ක්‍රියාවලි අනුගමනය කිරීමට වගකිව යුතු බව මධ්‍යම රජය පවසයි.

ඔස්ට්‍රේලියාව යථා තත්ත්වයට
ඔස්ට්‍රේලියාවේ කොරෝනා වසංගතය පිළිබඳ තීරණ ගැනීමට රැස්වන ජාතික කැබිනට් මණ්ඩලය දැනට යෝජනා කර ඇති අන්දමට එළඹෙන ජූලි මාසයේදී කොරෝනා වසංගතය නිසා අක්‍රිය කර ඇති ඔස්ට්‍රේලියාවේ වැඩකටයුතු යළි ඇරඹීමට අපේක්ෂා කෙරේ.
ඒ අනුව ව්‍යාපාර සහ අනෙකුත් ආයතන වලට තම සුපුරුදු වැඩ කටයුතු වල නිරතවීමට අවස්ථාව ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.
කොරෝනා වසංගතය පාලනය කිරීමේ අරමුණින් අත්‍යවශ්‍ය නොවන සෑම ව්‍යාපාරයක්ම සහ ආයතනයක්ම අක්‍රිය කිරීමට සිදුවූ අතර එනිසා බොහෝ පිරිසකගේ රැකියා සහ ආදායම් අහිමිවී ගියේය.
නමුත් ඒවා යළි විවෘත කිරීමේදී තම සේවකයින්ට සහ පාරිභෝගිකයින්ට එම ව්‍යාපාරික ස්ථාන හා ආයතන සෞඛ්‍යාරක්ෂිත ද යන්න පිළිබඳ පූර්ණ වගකීම අදාළ ආයතන හෝ ව්‍යාපාර හිමියන් විසින් දැරිය යුතු බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
කොරෝනා වසංගතය නිසා ව්‍යාපාර සහ ආයතන අක්‍රිය කිරීමට සිදුවූ නිසා ඔස්ට්‍රේලියාවට සතියකට ඩොලර් බිලියන 4 ක පමණ පාඩුවක් සිදුවන බව මධ්‍යම රජය ගණන් බලා තිබේ.
එලෙස ව්‍යාපාර සහා අනෙකුත් සමාගම් යළි විවෘත කිරීමේදී අනුගමනය කළ යුතු පිරිසිදු කිරීමේ තත්ත්ව සහ වයිරසයට එරෙහිව ක්‍රියා කිරීමට සැපිරිය යුතු අවශ්‍යතා රැගත් කරුණු 23ක් Safe Work Australia වෙබ් අඩවියේ ප්‍රකාශ කොට තිබේ.
මේ වන විට පනවා ඇති ඇතැම් කොරෝනා නීති හා සීමාවන් ලිහිල් කිරීමට හෙට (08/05) පැවැත්වීමට නියමිත ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කරන බව අගමැති මොරිසන් පැවසීය.

වෘත්තීය සමිති වල දැක්ම
මධ්‍යම රජයේ තීරණයට අනුව යලි ඔස්ට්‍රේලියාව ක්‍රියාත්මක වීමේදී සියලු ව්‍යාපාර සහ ආයතන තම සේවකයින්ට හා පාරිභෝගිකයින්ට සෞඛ්‍යාරක්ෂිත ස්ථාන බවට ඒ ඒ සේවායෝජකයින් තහවුරු කළ යුතු බව ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති සම්මේලනය පවසයි.
විශේෂයෙන් අදාළ සේවකයින්ට හා පාරිභෝගිකයින්ට කොරෝනා වයිරසය ආසාදනය වීම වැළක්වීම සඳහා ගත හැකි උපරිම පියවර ගැනීමට එම සේවායෝජකයින් කටයුතු කළ යුතු බව ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් Sally McManus.
එමෙන්ම යම් ආසාදිතයෙකු හමුවුවහොත් ඒ පිළිබද සෘජුව වාර්තා කරන ලෙසද අදාළ ව්‍යාපාර සහ ආයතන වෙත ඇය දන්වා සිටියි.
මේ අතර යම් සේවකයකු හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට ඔහු හෝ ඇය විශ්වාස කරනවානම් ඇයට ගෙවීම් සහිත වසංගත නිවාඩු (pandemic leave) ලබා දිය යුතු බවද ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති සම්මේලනය අවධාරණය කරයි.
ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය යළි විවෘත කිරීමට සමගාමීව රටේ මහජනයා සහ සේවකයින් සෞඛ්‍යාරක්ෂිත විය යුතු බව Sally McManus පවසයි.
මේ අතර පවතින නීති හරහා සේවකයින්ට සුරක්ෂිත සේවා ස්ථානයක් හා වටපිටාවක් සපයනු ඇති බවට තමන් විශ්වාස කරන බව කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍ය Christian Porter පවසයි.

ඔස්ට්‍රේලියා - නවසීලන්ත ගුවන් ගමන් යළි ඇරඹීමට අවධානය
පසුගිය අඟහරුවාදා (05/05) පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමට නවසීලන්ත අගමැතිනී Jacinda Ardern ද සම්බන්ධ වූවාය.
එහිදී ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගුවන් ගමන් පිළිබඳ සාකච්ඡා විය.
විශේෂයෙන් trans-Tasman travel හෙවත් දෙරට පුරවැසියන්ට රටවල් දෙක අතර සංචාරය කරමින් වාසය කිරීමට සහ රැකියා කිරීමට ඇති හිමිකම මෙම කොරෝනා වසංගතය මැඩලීමට පැනවූ නීති මත අක්‍රිය වී ඇත.
කෙසේහෝ දෙරටම කොරෝනා වයිරසය පැතිරීම සාර්ථකව පාලනය කර ඇති බැවින් දෙරට අතර ගුවන් ගමන් ඉතා ඉක්මණින් ඇරඹීමට හැකිවනු ඇතැයි නවසීලන්ත අගමැතිනී Jacinda Ardern විශ්වාස කරයි.
නමුත් එහිදී එක් රටකින් අනෙක් රටට පැමිණෙන සංචාරකයින් දින 14 ක කාලයක් නිරෝධායන කාලයකට යටත්ව සිටීම වැනි නීති සංචාරකයින් අනුමත නොකරනු ඇතැයි පැවසේ.
නවසීලන්තය සමග ගුවන් ගමන් ආරම්භ වූ පසුව ශාන්තිකර කලාපයේ සෙසු රටවල සමගද ගුවන් ගමන් ආරම්භ කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂාවෙන් සිටියි.


