කොරෝනා වසංගතයත් සමග ලොව බොහෝ රටවල දේශ සීමා දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියාවේද දේශ සීමා වසා දමා ඇති අතර විදෙස් රටවල සිරව සිටින ඔස්ට්‍රේලියානුවන් පමණක් රැගත් විශේෂ ගුවන්යානා සහ ඔස්ට්‍රේලියාවේ සිරවී සිටින විදේශිකයින් රැගෙන යාමට පැමිණෙන විශේෂ ගුවන් යානා සඳහා පමණක් මේ වන විට ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල් විවෘතව පවතී.

ඔස්ට්‍රේලියාවේද දේශ සීමා විවෘත කරන්නේ කෙදිනද?
කොරෝනා වසංගතය සමග වසා දැමුණු ඔස්ට්‍රේලියාවේද දේශ සීමා යළි විවෘත කරන්නේ කෙදිනද යන ප්‍රශ්නය ඔස්ට්‍රේලියාවේ වාසය කරන පිරිසට මෙන්ම විදෙස් රටවල සිටින ඔවුන්ගේ නෑ හිතමිතුරන්ටද ඇති විශාල ගැටළුවකි.
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීම සඳහා පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ජාත්‍යන්තර සිසුන් මෙන්ම තාවකාලික රැකියා වීසා හා ස්ථිර පදිංචිය ලබා ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින පිරිස් ද ඔස්ට්‍රේලියාවේද දේශ සීමා විවෘත කරන්නේ කෙදිනද යන්න විමසා සිටියි.
පවතින වසංගත තත්ත්වය අනුව ඔස්ට්‍රේලියාවේද දේශ සීමා බොහෝ විට මේ වසරේ අග වන තෙක් දිගු වන්නට හැකියාවක් ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ වෙළෙඳ අමාත්‍ය Simon Birmingham පැවසීය.
ඇතැම් විට එය ලබන වසර දක්වා වුවද කල් ඇදී යාමට හැකි බවටද ඔහු ඉඟි පළ කළේය.
කෙසේවුවද ඔස්ට්‍රේලියාවේ කොරෝනා වසංගත තත්ත්වය සාර්ථකව මැඩ පවත්වන තෙක් ජාත්‍යන්තරයට සංචාරකයින්ට ඔස්ට්‍රේලියානු දේශ සීමා විවෘත කිරීම සිදු නොවනු ඇති බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මීට පෙර අවධාරණය කර තිබුණි.
ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ඔස්ට්‍රේලියාව දැන්ම විවෘත වන හැඩක් තමන්ට නොපෙනෙන බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison ද පැවසීය.

නවසීලන්තය සමග ගුවන් ගමන් ආරම්භ කිරීමට අවධානය
ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ඔස්ට්‍රේලියාවේ ස්ථාවරය ඉහත පරිදි වුවද නවසීලන්තය සමග ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
එම අදහස දෙස තමන් ද විවෘතව බලන බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison ද පැවසීය.
ඒ සම්බන්ධයෙන් දෙරටේ බලධාරීන් ඵලදායී සාකච්ඡා වල නිරතවූ බවද අගමැති මොරිසන් සඳහන් කළේය.
මේ වන විට නවසීලන්තය කොරෝනා වයිරසය පැතිරීම සාර්ථකව මැඩ පවත්වා ඇති බව වාර්තා වේ.
ඒ අතර ලොව අන් රටවලට සාපේක්ෂව ඔස්ට්‍රේලියාවේද කොරෝනා ආසාදිතයින් ක්‍රමිකව පහළ බසින ආකාරයක් පෙනී යයි.
ඒ අනුව තත්ත්වය මෙලෙසින්ම සාර්ථකව පැවතියහොත් නුදුරේදීම ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගුවන් ගමන් ක්‍රියාත්මක වනු ඇති බවට විශ්වාස කෙරේ.
නමුත් බාලි දූපත් හෝ තායිලන්තය වැනි රටවලට සංචාරය කිරීම තව දුරටත් ප්‍රමාද වනු ඇතැයි පැවසේ.
මේ අතර නිවාඩු සඳහා සංචාරය කිරීමට අවශ්‍යනම් ඔස්ට්‍රේලියාව තුළ සංචාරය කරන ලෙස ඔස්ට්‍රේලියානුවාසීන්ගෙන් ඉල්ලා සිටියි.
කොරෝනා වසංගතය හේතුවෙන් කඩා වැටී ඇති ඔස්ට්‍රේලියාවේ සංචාරක කර්මාන්තයට එය මහත් පිටිවහලක් වනු ඇතැයි රජය පවසයි.

මෙල්බර්න් නුවරට විශේෂ ශ්‍රී ලංකන් ගුවන් යානයක්
කොරෝනා වසංගතය නිසා ඔස්ට්‍රේලියාවේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ විශේෂ ගුවන් යානයක් මැයි 08 වන දින ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකන් ගුවන් සේවාව පවසයි.
කටුනායක ගුවන් තොටුපොළ සහ මෙල්බර්න් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අතර ක්‍රියාත්මක වීමට නියමිත මෙම විශේෂ ගුවන් යානයේ කාල වේලාවන් පහත පරිදි වේ.

මේ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෙනරත් දිසානායක මහතා සමග හෙට (05/05) දිනයේ SBS සිංහල ගුවන් විදුලිය ප්‍රචාරය කිරීමට නියමිතය.


