ඔස්ට්‍රේලියාවේ මේ වන විට කොරෝනා වසංගතය මැඩ පැවැත්වීම සාර්ථක මට්ටමක ඇති අතර නුදුරේදීම ඒ සම්බන්ධව පනවා ඇති නීති හා සීමාවන් ලිහිල් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරයි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
නමුත් කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් ඔස්ට්‍රේලියාව තුළ ඇතිවිය හැකි බවට මේ වන විට සැක පහළ වී තිබේ.

ඔස්ට්‍රේලියාවට කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක්
කොරෝනා වයිරසය සාර්ථකව පාලනය කරමින් පැවතුණු රටවල් එහි දෙවැනි රැල්ලකට අනපේක්ෂිතව මුහුණ දුන් අයුරු පසුගිය සති කිහිපය පුරා අපට අසන්නට ලැබුණි.
චීනය, සිංගප්පූරුව, ජපානය වැනි රටවල එලෙස කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් නොසිතූ අයුරින් හටගෙන තිබේ.
ඔස්ට්‍රේලියවද මේ සංසිද්ධියට මුහුණ දෙනු ඇතැයි සෞඛ්‍ය අංශ අනුමාන කරයි.
නමුත් ඒ සඳහා දැන් සිටම මුහුණ දීමට ඔස්ට්‍රේලියාව සැලසුම් සකස් කරන බව ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Paul Kelly පැවසීය.
මේ අතර කොරෝනා වයිරසය මැඩලීම සම්බන්ධයෙන් බොහෝ රටවල අනුගමනය කරන Herd immunity ක්‍රමෝපාය ඔස්ට්‍රේලියාව අනුගමනය කිරීමට අදහසක් නැති බව ඔහු පෙන්වා දුන්නේය.

Herd immunity යනු රටක විශාල ප්‍රමාණයකට රෝගයක් වැළඳුනු පසු එයින් බහුතරයක් සුවපත්වී එම රෝගයට එරෙහිව ප්‍රතිශක්තිය ලබා ගැනීමය.
කොරෝනා වයිරසයට තවමත් එන්නතක් සොයාගෙන නොමැති අවස්ථාවක කොරෝනා නීති හා සීමාවන් ලිහිල් කිරීම නිසා ඇතිවිය හැකි අවදානම් තත්ත්වය පිළිබඳ ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Paul Kelly අනතුරු අඟවා සිටියේය.

Herd immunity ඔස්ට්‍රේලියාවට නුසුදුසු ඇයි?
ඔස්ට්‍රේලියාවේ ජනගහනයට සාපේක්ෂව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති පිරිස ඉතා කුඩා ප්‍රමාණයක් බැවින් ප්‍රයෝගිකව Herd immunity ක්‍රමෝපාය ඔස්ට්‍රේලියාවට භාවිත කළ නොහැකි බව නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Paul Kelly පැවසුවේය.
ස්වීඩනය සහ එක්සත් රාජධානිය එම Herd immunity ක්‍රමෝපාය අත්හදා බැලූ අතර පසුව එය අසාර්ථක වීමෙන් රට අක්‍රිය කරන තත්ත්වයට පැමිණි බවද ඔහු පැහැදිලි කළේය.
කොරෝනා වයිරසයේ ප්‍රභේද කිහිපයක් ඇති බැවින් මෙම Herd immunity ක්‍රමෝපාය අසාර්ථක වීමේ සම්භාවිතාව වැඩි මට්ටමක පවතින බවද වාර්තා වේ.

කොරෝනා දෙවැනි රැල්ලට මුහුණ දීමට ඔස්ට්‍රේලියාවට වෙනස් ක්‍රමෝපායක්
ඔස්ට්‍රේලියාව තුළ හටගන්නා කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලට මුහුණ දීමට වෙනස්ම ක්‍රමෝපායක් අවශ්‍ය බව නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Paul Kelly පැවසුවේය.
ලෝකයේ අනෙක් රටවල් herd immunity ක්‍රමය අනුගමනය කරන ආකාරයක් පෙනෙන්නට ඇති නමුත් ඔස්ට්‍රේලියාව ඒ පසුපස නොයන බව ඔහු නැවතත් අවධාරණය කළේය.
කොරෝනා දෙවැනි රැල්ලක් ඇතිවීම බොහෝ විට විය හැකි බවත් කොරෝනා ආසාදිතයින් හැකි තරම් අවම මට්ටමකට ගෙන ඒමට පසුබිම සැකසීම සඳහා අගමැති මොරිසන් උත්සාහ ගන්නේ එනිසා බවත් ඔහු පෙන්වා දුන්නේය.
සමාජ දුරස්ථභාවය පිළිබද නීති ඉවත් කිරීමට පෙර ඔස්ට්‍රේලියානු සමාජයේ සැඟවුණු කොරෝනා ආසාදිතයින් සොයා ගැනීම සහ ආසාදිතයින් ප්‍රමාණය ඉතා අවම මට්ටමකට ගෙන ඒම එහිදී තීරණාත්මක වේ.
ඔස්ට්‍රේලියාව තුළ දෙවැනි කොරෝනා රැල්ලක් ඇතිවුවහොත් ඒ සඳහා ක්ෂණිකව මුහුණ දීමට ඔස්ට්‍රේලියාවට ශක්තිය ඇති බවත් නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Paul Kelly පැවසුවේය.
1918 වසරේදී හටගත් ස්පාඤ්ඤ උණ (Spanish Flu) වසංගතය පළමු රැල්ලට වඩා දෙවැනි රැල්ල ඉතා බරපතල විය.
නමුත් වෛද්‍ය විද්‍යාවේ අද පවතින දියුණුව සහ තාක්ෂණය නිසා කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ල ස්පාඤ්ඤ උණ වසංගතය මෙන් දරුණු නොවනු ඇතැයි නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Paul Kelly පැවසුවේය.


