කොරෝනා වසංගතයෙන් ආර්ථික පීඩාවට පත්ව සිටින ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන්ට ආර්ථික සහන දීමනාවක් ලබා දීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය සූදානම් වේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඒ සඳහා ඩොලර් මිලියන 45 ක ආර්ථික සහන පැකේජයක් අද (29/04) වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් නිවේදනය කරන ලදී.

වික්ටෝරියානු ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන්ට ආර්ථික සහන දීමනාවක්
කොරෝනා වසංගතය නිසා ඔස්ට්‍රේලියාවේ සිටින බහුතරයක් ජාත්‍යන්තර සිසුන් දැඩි ආර්ථික පීඩාවකට ලක්ව සිටී.
ඔවුන්ගේ අර්ධ කාලීන හා අනියම් රැකියා අහිමිවීම, දේශ සීමා වසා දැමීම නිසා තම මව් රටවලට යාමට නොහැකිවීම, තම මව් රටවලින් මුදල් ගෙන්වා ගැනීමට නොහැකි වීම වැනි විවිධ හේතු මත ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන බහුතරයක් ජාත්‍යන්තර සිසුන් මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ පා සිටී.
කෙසේවෙතත්, මේ තත්ත්වය අවබෝධ කරගෙන ජාත්‍යන්තර සිසුන්ට ආර්ථික සහන දීමනාවක් ලබා දීමට ඩොලර් මිලියන 45 ක ආර්ථික සහන පැකේජයක් අද (29/04) වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් නිවේදනය කරන ලදී.
වික්ටෝරියානු ප්‍රාන්තයේ විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන සමග එක්ව මෙම ආර්ථික සහන දීමනාව ලබා දීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය සූදානම් වේ.
වික්ටෝරියානු ප්‍රාන්තයේ අධ්‍යාපනය ලබන සියලුම ජාත්‍යන්තර සිසුන් තම ප්‍රාන්තයට, ප්‍රාන්ත ආර්ථිකයට මෙන්ම ප්‍රාන්තයේ අධ්‍යාපන පද්ධතියට අත්‍යවශ්‍ය කණ්ඩායමක් බවත් මෙම අසීරු කාලයේදී ඔවුන්ට සහය වීම තම ප්‍රාන්ත රජයේ වගකීමක් බවත් වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.

කොපමණ මුදලක් ලැබේද?
මෙම ආර්ථික සහන පැකේජය යටතේ කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථික පීඩාවට පත් වික්ටෝරියානු ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුවෙකුට $1,100 ක් දක්වා උපරිම වූ දීමනාවක් ලැබෙන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ studymelbourne වෙබ් අඩවිය පවසයි.
වික්ටෝරියානු ප්‍රාන්තයේ පහත සඳහන් අධ්‍යාපන ආයතන වල අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ට මේ සඳහා අයදුම් කළ හැකිය.
- විශ්ව විද්‍යාල
- TAFE විද්‍යාල
- පුද්ගලික වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු ආයතන
- ඉංග්‍රීසි භාෂා පාසල්
ඊට අමතරව මෙම වසංගතය හමුවේ රැකියාව අහිමිවූ ජාත්‍යන්තර සිසුන්ට Working for Victoria වැඩසටහන යටතේ රැකියා සොයා ගැනීමටද වික්ටෝරියානු ප්‍රාන්ත රජය මේ වන විට වැඩසටහනක් දියත් කර තිබේ.
තවද ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා වයිරසය ආසාදනය වූ යම් ජාත්‍යන්තර සිසුවෙකු වේ නම් ඔහුගේ හෝ ඇයගේ සෞඛ්‍ය රක්ෂණයෙන් ඒ සඳහා වැයවන රෝහල් ගාස්තු ආවරණය නොවන්නේ නම් වික්ටෝරියානු ප්‍රාන්තයේ රෝහල් ජාත්‍යන්තර සිසුන්ගෙන් එම ගාස්තු අය නොකරන බවද දැනුම් දී තිබේ.
වික්ටෝරියානු ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන්ට ලබා දෙන ආර්ථික සහන දීමනාව සඳහා අයදුම්පත් ඉතා ඉක්මණින් විවෘත කරන බව ද වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.


