ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසන නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ 2020 අප්‍රේල් 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ (Invitation Round) තොරතුරු මේ වන විට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මෑත ඉතිහාසයේ නිකුත් කළ අඩුම ආරාධනා පත්‍ර ප්‍රමාණය මෙම වටයේදී නිකුත් කර ඇති බව පෙනී යයි.

2020 අප්‍රේල් 11 ආරාධනා පත්‍ර වටය
2020 අප්‍රේල් 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ දී Skilled Independent වීසා (subclass 189) සඳහා ආරාධනා පත්‍ර 50 ක් පමණක් ද Skilled Work Regional (Provisional) වීසා (subclass 491) – Family Sponsored සඳහා ආරාධනා පත්‍ර 50 ක් පමණක් ද නිකුත් කර ඇති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වාර්තා කරයි.
සෑම මසකම 11 වන දින ක්‍රියාත්මක කෙරෙන මෙම ආරාධනා පත්‍ර වටයකදී සාමන්‍යයෙන් ආරාධනා පත්‍ර 2500 ක් නිකුත් කෙරෙන නමුත් මෙවර එම ප්‍රමාණය 2400 කින් කප්පාදු කර තිබීම සුවිශේෂී සිදුවීමකි.
එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 96% ක කප්පාදුවකි.
2020 මාර්තු 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ දී ඉහත වීසා ඛාණ්ඩ ද්විත්වය සඳහා නිකුත් කළ ආරාධනා පත්‍ර සංඛ්‍යාව 2,050 ක් විය.
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් නිපුණතා සංක්‍රමණික වීසා සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තුවන අයදුම්කරුවන්ට මේ හේතුවෙන් විශාල කාලයක් බලා සිටීමට සිදුව තිබේ.

ආරාධනා පත්‍ර කප්පාදුවට හේතු
Skilled Independent වීසා (subclass 189) සහ Skilled Work Regional (Provisional) වීසා (subclass 491) – Family Sponsored සඳහා ආරාධනා පත්‍ර කප්පාදුවට ප්‍රධානතම හේතුව පවතින කොරෝනා වසංගතය බව අනුමාන කළ හැකිය.
කොරෝනා උවදුර පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පනවා ඇති නීති හා සීමා කිරීම් නිසා මේ වන විට ඔස්ට්‍රේලියාවේ විශාල පිරිසකට රැකියා සහ ආදායම් මාර්ග අහිමිවී තිබේ.
එවන් කාලයක අලුතින් නිපුණතා සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි කරදීමෙන් මධ්‍යම රජයට තවත් විශාල බරක් පැටවෙන හෙයින් මෙලෙස අප්‍රේල් මාසයේ ආරාධනා පත්‍ර කප්පාදුවට ප්‍රධානතම හේතුව ලෙසට බොහෝ සංක්‍රමණික ඒජන්තවරු අනුමාන කරති.
තවද ඔස්ට්‍රේලියාවේ දේශ සීමාවන් වසා දමා තිබීම මෙන්ම ලොව බොහෝ රටවල දේශ සීමා වසා දමා තිබීමද මේ සඳහා හේතුවක් විය හැකි බවට අනුමාන කළ හැකිය.

Skilled Independent වීසා (subclass 189) සහ Skilled Work Regional (Provisional) වීසා (subclass 491)
Skilled Independent වීසා ලාභීන්ට සෘජුවම ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමිවන අතර ඔවුන්ට ඔස්ට්‍රේලියාවේ ඕනෑම ප්‍රදේශයක වාසය කිරීමටත් රැකියා කිරීමටත් නිදහස ඇත.
මෙය ලකුණු ක්‍රමයක් මත පදනම්ව ලබා දෙන වීසා එකක් වන අතර වැඩි විස්තර මෙතනින් ලබා ගත හැකිය.
Skilled Work Regional (Provisional) වීසා (subclass 491) වීසා ලාභීන්ට වසර 5 ක පූර්ණ කාලීන රැකියා වීසා එකක් හිමිවේ.
නමුත් ඔවුන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයක වාසය කළ යුතු අතර ප්‍රාදේශීය කලාපයක රැකියා කළ යුතු වේ.
එලෙස නොකඩවා වසර 3ක් ඔවුන් ප්‍රාදේශීය කලාපයක වාසය කරමින් ප්‍රාදේශීය කලාපයක රැකියා කළ පසු ඔවුන්ට ද ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට අයදුම් කළ හැකිය.
මෙම වීසා ඛාණ්ඩය පිළිබඳ වැඩි විස්තර මෙතනින් ලබා ගත හැකිය.

IT සහ Accounting වෘත්තීන්ගේ තත්ත්වය
ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවේ වඩාත් ජනප්‍රියම සහ වැඩිම ඉල්ලුමක් ඇති IT සහ Accounting වෘත්තීන් ට අදාළ වෘත්තීන් සඳහා මෙවර ආරධනා පත්‍ර වටයේ subclass 189 වීසා සඳහා තත්ත්වය සාරාංශගතව පහත පරිදි වේ.
Accountants (Occupation ID - 2211) සඳහා 25/03/2020 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 100 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.
Auditors (Occupation ID - 2212) සඳහා සඳහා 16/01/2020 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 95 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.
ICT Business and System Analysts (Occupation ID - 2611) සඳහා 13/03/2020 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 95 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.
Software and Applications Programmers (Occupation ID - 2613) සඳහා 24/03/2020 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 95 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.
Computer Network Professionals (Occupation ID - 2631) සඳහා 21/03/2020 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 95 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ මීළඟ ආරාධනා පත්‍ර වටය එළඹෙන මැයි 11 වන දින ක්‍රියාත්මක වීමට නියමිතය.


