ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය හා සෞඛ්‍ය පාඨ මාලාවන් හදාරන ජාත්‍යන්තර සිසුන් හට සීමා කර ඇති පැය ගණනට වඩා වැඩිපුර සේවා පැය ගණනක් වැඩ කිරීම සඳහා අවස්ථාව ලබා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර ඇත.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
කොරෝනා වසංගතය මැඩලීමේ සටනට වෛද්‍ය හා සෞඛ්‍ය පාඨ මාලාවන් හදාරන ජාත්‍යන්තර සිසුන්වද දායක කරගැනීමේ අරමුණින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මෙම තීරණය ගෙන තිබේ.

වෛද්‍ය හා සෞඛ්‍ය පාඨ මාලාවන් හදාරන ජාත්‍යන්තර සිසුන් වැඩි පැය ගණනක් සේවය කිරීමට වරම්
තම පාඨ මාලා පැවැත්වෙන අධ්‍යන සමයේදී රැකියා කිරීමට දෙසතියකට උපරිම පැය 40 ක කාලයක් ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් හට හිමිවේ.
නමුත් පවතින කොරෝනා වසංගත තත්ත්වය නිසා එම පැය 40 සීමාව ඉවත් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර ඇත.
පසුගිය මාසයේ සිට මෙම අවස්ථාව හෙද පාඨ මාලාවන් හදාරන ජාත්‍යන්තර සිසුන් හට ලබා දීමටද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කටයුතු කළේය.
ඒ අනුව මෙවර එම අවස්ථාව සෞඛ්‍ය හා ආබාධිත සේවාවල සේවය කරන ජාත්‍යන්තර සිසුන් හට ලබා දී ඇත.
මේ වන විටත් 8,000 ක් පමණ ජාත්‍යන්තර සිසුන් ප්‍රමාණයක් වැඩිහිටි සුරැකුම් හා ආබාධිත සේවා වල සේවය කරන බව ආගමන කටයුතු පිළිබඳ වැඩ බලන අමාත්‍ය Alan Tudge පැවසුවේය.
ඔස්ට්‍රේලියාවෙන් කොරෝනා වසංගතය මැඩලීම සඳහා වැඩිපුර කොරෝනා පරීක්ෂාවන් සිදු කිරීමට සහ ආසාදිතයින් හට සෞඛ්‍ය හා සේවා සැපයීමට විශාල සෞඛ්‍ය කාර්යය මණ්ඩලයක් අවශ්‍ය බැවින් එම ශ්‍රම බලකාය සඳහා වෛද්‍ය හා සෞඛ්‍ය පාඨ මාලාවන් හදාරන ජාත්‍යන්තර සිසුන්වද දායක කරගැනීම මධ්‍යම රජයේ අරමුණ වී තිබේ.

Aged care වල සේවය කරන ජාත්‍යන්තර සිසුන්ට ද පැය 40 ට වඩා සේවය කළ හැකියි
කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ වැඩිම අවදානමකට ලක්ව ඇති පිරිසක් ලෙස වැඩිහිටි සුරැකුම් සේවා ලබන වියපත් පිරිස් හඳුනාගෙන තිබේ.
මේ මොහොතේදී වැඩිහිටි සුරැකුම් සේවා ක්ෂේත්‍රයේ සේවකයින්ගේ සැලකිය යුතු පුරප්පාඩු ඇතිවී ඇති ඇත හෙයින් ජාත්‍යන්තර සිසුන් හරහා එම පුරප්පාඩු පිරවීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර ඇත.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු, පුරවැසිභාවය, සංක්‍රමණ සේවා හා බහු සංස්කෘතික කටයුතු පිළිබඳ වැඩ බලන අමාත්‍ය Alan Tudge විසින් ඒ පිළිබඳ නිල නිවේදනය මාර්තු 18 වන දින නිකුත් කළේය.

ප්‍රධාන සුපිරි වෙළෙඳ සැල් වල සේවය කරන ජාත්‍යන්තර සිසුන්ටත් පැය 40 සීමාව ඉවත් කෙරේ
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳ සැල් වල සේවය කරන ජාත්‍යන්තර සිසුන්ටත් දෙසතියකට පනවා ඇති පැය 40 සීමාව තාවකාලිකව ඉවත් කර තිබේ.
කොරෝනා වයිරසය හේතුවෙන් පසුගිය සතියේ පටන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳ සැල් වල භාණ්ඩ පාරිභෝගිකයින් විසින් උමතුවෙන් මෙන් මිලට ගැනීම නිසා රාක්ක වල භාන්ඩ හිස්වී ඇති අයුරු දක්නට ලැබේ.
දැනට ක්‍රියාත්මක වන සේවා මුර වල සිටින සේවකයින් හට එම රාක්ක වල භාණ්ඩ පිරවීමේ කටයුතු ඉල්ලුමට අනුව සිදුකළ නොහැකි නිසාවෙන් එම සුපිරි වෙළෙඳ සැල් වල දැනට සේවයේ නියුතු ජාත්‍යන්තර සිසුන්ට දෙසතියකට පැය 40 කට වඩා සේවය කිරීමට අවසරය ලබා දී තිබේ.
Coles සහ Woolworths වැනි ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳ සැල් ජාල හට මේ හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ නොකඩවා තම පාරිභෝගිකයින් හට ලබා දීමට අවස්ථාව උදාවන බව රජය විශ්වාස කරයි.


