ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ආබාධිත තත්ත්වයේ සිටින හෝ දීර්ග කාලීන රෝගාබාධයකින් පෙළෙන තාවකාලික වීසා හිමියන්ට පනවා ඇති සීමාවන් තරමක් ලිහිල් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගෙන තිබේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
විශේෂයෙන්ම ඔවුන් ගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඔවුන් මත පැටවෙන විශාල ගාස්තුව නිසා ඔවුන්ගේ වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප වීම මේ අනුව සිදු නොවනු ඇත.

ආබාධිත තත්ත්වයේ හෝ දීර්ග කාලීන රෝගාබාධ වලින් පෙළෙන තාවකාලික වීසා හිමියන්ගේ වීසා නීති ලිහිල් කෙරේ
ආබාධිත තත්ත්වයේ හෝ රෝගාබාධ වලින් පෙළෙන තාවකාලික වීසා අයදුම්කරුවන් ඔස්ට්‍රේලියාවේ වීසා අපේක්ෂා කරනවානම් මීට පෙර ඔවුන්ගේ සෞඛ්‍ය වියදම් සඳහා වන ගාස්තුව ලෙස ඩොලර් 49,000 ක මුදලක් ඇස්තමේන්තු ගත කර තිබුණි.
එය වසර 10 කට ගණන් බලා තිබූ අතර ඒ ඒ පුද්ගලයාගේ ආබාධිත හෝ සෞඛ්‍ය තත්ත්වය මත වෙනස් වූ බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ නිල වෙබ් අඩවිය දක්වයි.
2019 වසරේ ජූලි 01 වන දිනට පෙර එම ඇස්තමේන්තුව $40,000 ක්ව තිබූ නමුත් ඉන් අනතුරුව එය $49,000 දක්වා වැඩි කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගෙන තිබුණි.
ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරන ජාත්‍යන්තර සිසුන්, තාවකාලික රැකියා වීසා අයදුම්කරුවන් සහ සංචාරකයින් හට මෙය බල පැවැත්වේ.
මීට පෙර එම ගාස්තුවට ප්‍රාන්ත අබාධිත සේවා ගාස්තුද ඇතුළත් කෙරුණු නමුත් තාවකාලික වීසා හිමියන්ට එම සේවාවන් ලබාගැනීමට හිමිකමක් නොවීය.
නමුත් එම සේවාවන් පසුව ජාතික ආබාධිත රක්ෂණ වැඩසටහන [ National Disability Insurance Scheme (NDIS)] මගින් ප්‍රතිස්ථාපනය කෙරිණි.
නමුත් අප්‍රේල් 01 වන දින සිට තාවකාලික වීසා අයදුම්පත් සලකා බැලීමේදී ප්‍රාන්ත අබාධිත සේවාවන් නොසලකා හැරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
එනිසා මීට පෙර වීසා ප්‍රතික්ෂේප වූ ආබාධිත තත්ත්වයකින් හෝ දීර්ග කාලීන රෝගාබාධයකින් පෙළෙන වීසා අයදුම්කරුවන් දහස් ගණනකට ඔස්ට්‍රේලියාවට පැමිණීමට දොර කවුළු විවර වනු ඇත.

ඇස්තමේන්තු ගාස්තුව කුමක් වුවත් තාවකාලික වීසා හිමියන්ට අදාළ සෞඛ්‍ය සේවා ලබාගැනීමට නොහැකියි
ආබාධිත තත්ත්වයේ හෝ දීර්ග කාලීන රෝගාබාධ වලින් පෙළෙන තාවකාලික වීසා අයදුම්කරුවෙකුගේ වීසා අයදුම්පත සමග ඇස්තමේන්තු ගත කරන ගාස්තුව කුමක් වුවද ඔවුන්ට රජයේ ආබාධිත සේවාවන් ලබා ගැනීමට බොහෝ විට සුදුසුකමක් නොමැති බව සංක්‍රමණික ඒජන්තවරියක් වන Jan Gothard පවසයි.
විෂමතාවකින් යුත් මෙම නීතිය වෙනස් කරන මෙන් ඉල්ලා ඇය වසර ගණනාවක සිට දැවැන්ත අරගලයක් කරමින් සිටී.
අදාළ අයදුම්කරුවන්ගේ එම සෞඛ්‍ය වියදම මධ්‍යම රජයේ සෞඛ්‍ය නිලධාරිවරයා විසින් ගණන් බලනු ලැබේ.
සංචාරකයින්ට වඩා ඔස්ට්‍රේලියාවේ වාසය කිරීමට අපේක්ෂාවෙන් සිටින ජාත්‍යන්තර සිසුන් සහ තාවකාලික රැකියා වීසා ලාභීන් ඔස්ට්‍රේලියාවේ සැලකිය යුතු කාලයක් වාසය කරන බැවින් ඔවුන්ගේ එම වියදම බරපතල ලෙස ඉහළ බවද Jan Gothard පවසයි.


