තම සමාගම් ආර්ථික අලාභ ලබන තත්ත්වයට පත්වෙමින් පවතින බවට ප්‍රකාශ කරන ඔස්ට්‍රේලියාවේ Superannuation සමාගම් වලට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය චෝදනා කරයි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
කොරෝනා වසංගතය නිසා ආර්ථික පීඩාවට පත් ඔස්ට්‍රේලියානුවන් හට තම Superannuation ගිණුම් වලින් කලින් මුදල් ලබා ගැනීමට මධ්‍යම රජය ලබා දී ඇති අවස්ථාව නතර කිරීමට ඔවුන් උත්සාහ දරන බවට මධ්‍යම රජය එසේ චෝදනා කර සිටියි.

මිලියනයකට ආසන්න පිරිසක් Superannuation ගිණුමෙන් කලින් මුදල් ලබා ගැනීමට අයදුම් කරයි
කොරෝනා වසංගතය නිසා ආර්ථික පීඩාවට පත් ඔස්ට්‍රේලියානුවන් හට තම Superannuation ගිණුම් වලින් කලින් මුදල් ලබා ගැනීමට හැකියාව ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ මස පසුගිය මස අගදී පැවසුවේය.
ඒ අනුව එහි අයදුම්පත් අප්‍රේල් 20 වන දින විවෘත කෙරිණි.
මේ වන විට මිලියනයකට ආසන්න පිරිසක් Superannuation ගිණුමෙන් කලින් මුදල් ලබා ගැනීමට අයදුම් කර ඇති බව චැනල් 7 පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
කොරෝනා නිසා ඔස්ට්‍රේලියාවේ Superannuation ගිණුම් වලින් කලින් මුදල් ලබාගන්නේ මෙහෙමයි
ඒ අනුව ඩොලර් බිලියන 7.47 ක මුදල් ප්‍රමාණයක් Superannuation ගිණුම් වලින් ලබා ගනු ඇතැයි දැනට ඇස්තමේන්තු ගත කර තිබේ.
සුදුසුකම් ලැබූ ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට, ඔස්ට්‍රේලියාවේ හෝ නවසීලන්තයේ ස්ථිර පදිංචිකරුවන්ට 2019–20 මුල්‍ය වර්ෂය සඳහා $10,000 ක දක්වා වූ මුදලක්ද 2020–21 මුල්‍ය වර්ෂය සඳහා තවත් $10,000 ක දක්වා වූ මුදලක්ද තම Superannuation ගිණුම් වලින් ලබාගත හැකිය.
එමෙන්ම මේ සඳහා සුදුසුකම් ලැබූ තාවකාලික වීසා හිමියන්ට 2019–20 මුල්‍ය වර්ෂය සඳහා පමණක් $10,000 ක දක්වා වූ මුදලක් ලබා ගැනීමට හැකියාව පවතී.

Superannuation සමාගම් වලින් අනතුරු ඇඟවීම්
මෙලෙස තම Superannuation ගිණුම් වලින් කලින් මුදල් ලබා ගැනීම නිසා අනාගතයේදී තම විශ්‍රාමික ජීවිතයට එය ආර්ථික අතින් බලපෑමක් ඇති කළ හැකි බවට ඇතැම් Superannuation සමාගම් පාරිභෝගිකයින්ට අනතුරු අඟවා තිබේ.
වයස අවුරුදු 30 ක පුද්ගලයෙකු මේ වර්ෂයේදී තම Superannuation ගිණුමෙන් $10,000 ක උපරිම මුදලක් ලබා ගතහොත් ඔහු හෝ ඇය වයස අවුරුදු 67 දී විශ්‍රාම යන විට එය $97,214 ක වටිනා පාඩුවක් ලෙස සටහන් වන බව Industry Super Australia ආයතනය පවසයි.
නමුත් එම ගණනය කිරීම ඔස්ට්‍රේලියානු ආරක්ෂණ සහ ආයෝජන කොමිසමේ MoneySmart online ගණක යන්ත්‍රය මගින් ගණනය කළ විට එම පාඩුව $43,200 ක් ලෙස දැක්වෙයි.
Superannuation ගිණුමෙන් කලින් මුදල් ලබා ගැනීම නිසා විශ්‍රාමික දිවිය වන විට අත්වන ආර්ථික පාඩුව පිළිබඳ විවිධ සංඛ්‍යා මේ වන විට මාධ්‍ය ඔස්සේ හුවමාරු වන බව Superannuation පිළිබඳ සහාකාර අමාත්‍ය Jane Hume පැවසුවාය.
එනිසා Superannuation ගිණුම් වලින් මුදල් ලබා ගැනීමේදී MoneySmart වෙබ් අඩවියෙන් තොරතුරු හා උපදෙස් ලබාගන්නා ලෙස මධ්‍යම රජය යෝජනා කරන බව ඇය පැවසුවාය.
MoneySmart වෙබ් අඩවිය සතුව ඇති ගණක යන්ත්‍රය මගින් ඔබ $10,000 ක උපරිම මුදලක් තම Superannuation ගිණුමෙන් ලබා ගතහොත් විශ්‍රාම දිවිය වන විට කෙතරම් පාඩුවක් අත්වනවා දැයි බලා ගැනීමට හැකියාව පවතින බව Superannuation පිළිබඳ සහාකාර අමාත්‍ය Jane Hume පැවසුවාය.
වර්තමානයේ ඇතිවී ඇති ආර්ථික අර්බුදය හමුවේ බොහෝ පුද්ගලයින්ට තම පුද්ගලික ණය වාරිකය, වාහන ණය වාරිකය හෝ ක්‍රෙඩිට් කාඩ් පත් ගෙවීම් නිසි ලෙස ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක පවතියි.
එනිසා විශ්‍රාම දිවියට මුදල් එකතුවීම කෙසේවෙතත් වර්තමානයේ එම ණය හිරවීම් වලින් මිදීමට Superannuation මුදල් භාවිත කිරීම යෝග්‍ය බවද ඇය වැඩි දුරටත් පැවසුවාය.


