Commonwealth Day හෙවත් පොදු රාජ්‍ය මණ්ඩල දිනය අදට (මාර්තු 12) යෙදී තිබේ.
සෑම වසරකම මාර්තු මස දෙවැනි සඳුදා පොදු රාජ්‍ය මණ්ඩල දිනය සමරන අතර ආසියා, අප්‍රිකා, කැරීබියානු, ඇමෙරිකානු මෙන්ම පැසිෆික් කලාපයේ සහ යුරෝපා මහාද්වීපයේ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් විසන් මෙම පොදු රාජ්‍ය මණ්ඩල දිනය සමරනු ලබයි.
පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස සැලකෙන බ්‍රිතාන්‍යයේ මහ රැජිණ ගේ ප්‍රධානත්වයෙන් ලන්ඩන් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල දින ප්‍රධාන සැමරුම් උළෙලට පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් සහ ලන්ඩන් නුවර සිටින පොදු රාජ්‍ය මණ්ඩලීය මහ කොමසාරිස්වරු සහභාගී වෙති.
මෙහිදී බ්‍රිතාන්‍යයේ මහ රැජිණ ප්‍රධාන කතාව පවත්වන අතර එය ලොව බොහෝ රටවල විකාශය කිරීමට ප්‍රධාන මාධ්‍ය ආයතන ක්‍රියා කරයි.

"Empire Day" හෙවත් "අධිරාජ්‍යය දිනය"
වර්තමානයේ මෙය " පොදු රාජ්‍ය මණ්ඩල දිනය" ලෙස හැඳින්වුණු නමුත් අතීතයේ මෙම දිනය හැඳින්වුණේ "Empire Day" හෙවත් "අධිරාජ්‍යය දිනය" ලෙසය.
ඒ අනුව ලොව ප්‍රථම වරට "අධිරාජ්‍යය දිනයක්" පැවැත්වූ බවට සටහන් වන්නේ වසර 1902 මැයි 24 වන දිනය.
මෙම "අධිරාජ්‍යය දිනය" එක්සත් රාජධානිය පුරාවට පැවැත්විය යුතු බවට වසර 1905 දී නියම කෙරුණු අතර පසුව එය ලොව පුරා තිබෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලටද ස්ථාපිත කිරීමට බ්‍රිතාන්‍ය කිරීටය වග බල ගත්තේය.
බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන්ගෙන් නිදහස ලැබූ රටවල එක්සත් භාවය සහ නිදහස සැමරීම මූලික කරගිනිමින් මෙම දිනය පවත්වන්නට යෙදෙන බව බ්‍රිතාන්‍යය පවසයි.
නමුත් බ්‍රිතාන්‍යයේ පැවැත්වූ අධිරාජ්‍යය දිනයේදී වැඩි වශයෙන් සිදුවුයේ එකළ ලොව තුළ බ්‍රිතාන්‍යය යුධ ශක්තිය සහ ආක්‍රමණික ශක්තිය පිළිබඳ සැමරීම සහ අනාගත පරපුර දැනුවත් කිරීම බවද වාර්තා වේ.

පොදු රාජ්‍ය මණ්ඩල දිනයේ ඉතිහාසය
වසර 1958 දක්වා වාර්ෂිකව සැමරූ "අධිරාජ්‍ය දිනය" වසර 1958 දී "පොදු රාජ්‍ය මණ්ඩල දිනය" ලෙස වෙනස් කළ යුතු බවට Harold Macmillan නමැති අර්ල්වරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී නිල ප්‍රකාශයක් කරමින් පැවසීය.
බ්‍රිතාන්‍යයට සහ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලට පොදු ලක්ෂණ සහ සහ සම්බන්ධකම් බහුතරයක් ඇති බවින් "අධිරාජ්‍ය දිනය" වෙනුවට "පොදු රාජ්‍ය මණ්ඩල දිනය" සැමරීම වඩා උචිත බව ඔවුන් පිළිගත්තේය.
වසර 1973 දී රාජකීය පොදු රාජ්‍ය මණ්ඩල සංගමය විසින් "පොදු රාජ්‍ය මණ්ඩල දිනය" සෑම වසරකම මාර්තු මස දෙවැනි සඳුදා දිනයේ සැමරීමට යෝජනාවක් ඉදිරිපත් වූ අතර එය සභා සම්මත විය.

පොදු රාජ්‍ය මණ්ඩල දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයක්ද?
පොදු රාජ්‍ය මණ්ඩල දිනය නීති ප්‍රකාරව ප්‍රසිද්ධ නිවාඩු දිනයක් නොවෙයි.
ඔස්ට්‍රේලියාවේද මෙය රජයේ හෝ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් නොවෙයි.
පොදු රාජ්‍ය මණ්ඩල දින සැමරුමේ වැදගත් සිදුවීම්
- එක්සත් රාජධානියේ රාජ්‍ය ගොඩනැගිලිවල The Union Flag හෙවත් එක්සත් රාජධානි ධජය ඔසවයි.
- ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේ පොදු රාජ්‍ය මණ්ඩල ධජය ඔසවා තබයි.
- එංගලන්තයේ ප්‍රධානතම දේවස්ථානය වන Westminster Abbey වෙත බ්‍රිතාන්‍ය මහ රැජින සමග රාජකීය පවුලේ උදවිය විශේෂ දේව මෙහෙයකට සහභාගී වෙයි.
- ඉන් අනතුරුව රැජිණ විසින් වසරේ පොදු රාජ්‍ය මණ්ඩල සැමරුම් කතාව ඉදිරිපත් කරයි.

පොදු රාජ්‍ය මණ්ඩල ධජය
පොදු රාජ්‍ය මණ්ඩල ධජය, සියලු පොදු රාජ්‍ය මණ්ඩල රටවල් නියෝජනය කරන අතර එහි මූලික නිර්මාණ සැලසුම 1976 වසරේ සිදුවූ බවට සඳහන්.
නමුත් අද පවතින පොදු රාජ්‍ය මණ්ඩල ධජය 2013 වසරෙන් පසුව සිදු කළ වෙනස්කම් සහිතව ඇති ධජයකි.
නිල් පැහැති පසුබිමක රත්‍රන් පැහැති ලෝක ගෝලයක් වට රත්‍රන් පැහැති කොන්ත 34 ක් මෙම ධජයෙන් නිරූපනය කරයි.

පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව
පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව සෑම වසර දෙකකට වරක්ම පවත්වනු ලබන අතර එහි ප්‍රථම සමුළුව 1971 වසරේ ජනවාරි 14 - 22 දක්වා සිංගප්පුරුවේ දී සිංගප්පුරුවේ පළමු අගමැති ලී ක්වාන් යු ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම සමුළුව සඳහා එවකට ශ්‍රී ලංකාවේ අගමැතිණිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ද ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සහභාගී විය.
වසර 2013 පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව නොවැම්බර් 15 - 17 දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වුණු අතර එහි ප්‍රධානත්වය ඉසිලුවේ එවකට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය.
2018 වසරේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව අප්‍රේල් 19 - 20 දක්වා එංගලන්තයේ දී පැවැත්වෙන අතර "Towards a Common Future" හෙවත් "පොදු අනාගතයක් කරා" යන්න මෙවර තේමාව ලෙස දැක්වේ.

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල
රටවල් 53 ක් පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකත්වය දරන අතර මේ සියලු රටවල් එක්ව සෑම සිව් වසරකට වරක් "පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලක්" පවත්වයි.
මේ වසරේ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවරදී පැවැත්වෙන අතර 2022 වසරේදී එය එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වේ.
2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල අප්‍රේල් 04 සිට 15 දක්වා පැවැත්වේ.
*********************************************************************
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************

