ඔස්ට්‍රේලියාව, ලොව වැඩිම මත්පැන් පානය කරන රටවල අතරින් පළමු 5 අතරට. (SBS සිංහල/වාර්තා)

world top 5 drunkest nations

Source: AAP

ලොව වැඩිම මත්පැන් පානය කරන රටවල අතරින් ප්‍රමුඛතම රට බවට එක්සත් රාජධානිය පත්ව තිබේ.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese


එමෙන්ම ඔස්ට්‍රේලියාවද ලොව වැඩිම මත්පැන් පානය කරන රටවල අතරේ පළමු 5 ට පත්වී ඇති බවද වාර්තා වේ.

world top 5 drunkest nations
Source: Press Association

ලොව වැඩිම මත්පැන් පානය කරන රටවල

2019 වසරේ පැවති Global Drugs Survey හි නවතම දත්ත වලට අනුව ලොව වැඩිපුරම මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතා කරන රටවල අතරින් එක්සත් රාජධානිය පළමු තැනට පත්ව ඇත.

මෙම සමීක්ෂණය සඳහා ලොව ප්‍රධාන රටවල් 36 ක් යොදාගෙන ඇති බව සඳහන්.

ගෙවී ගිය වසර තුළ 51.1% වාරයක් බ්‍රිතාන්‍ය පුද්ගලයින් බීමත්ව සිටි බව එම වාර්තාව පෙන්වා දෙයි.

ඇමෙරිකාව මෙම ලයිස්තුවේ දෙවැනි තැනට පත්ව ඇත්තේ ගෙවී ගිය වසර තුළ 50.3% වාරයක් බීමත්ව සිටිමිනි.

47.4% ක බීමත් ප්‍රතිශතයක් වාර්තා කරමින් කැනඩාව ලැයිස්තුවේ තුන්වන තැනට පත්වුණු අතර ඔස්ට්‍රේලියාව ලයිස්තුවේ සිව්වන තැනට පත්ව තිබේ.

ඔස්ට්‍රේලියනුවන් පසුගිය වසරේදී 47.4% වාරයක් බීමත්ව සිටි බව එම වාර්තාව පෙන්වා දෙයි.

41.7% ක බීමත් ප්‍රතිශතයක් වාර්තා කරමින් ඩෙන්මාර්කය ලැයිස්තුවේ පස්වන තැනට පත්ව ඇත.

world top 5 drunkest nations
Source: Getty Images

ලොව වැඩිම මත්පැන් පානය කරන රටවල 10

  1. UK 51.1 times per year
  2. USA 50.3 times per year
  3. Canada 47.9 times per year
  4. Australia 47.4 times per year
  5. Denmark 41.7 times per year
  6. India 41.0 times per year
  7. Republic of Ireland 40.7 times per year
  8. Mexico 38.2 times per year
  9. Czech Republic 36.8 times per year
  10. Finland 34.9 times per year
world top 5 drunkest nations
Source: SBS

ගෝලීය ඇල්කොහොල් පරිභෝජන මට්ටම ඉහළ යයි

ගෝලීය මට්ටමින් ඇල්කොහොල් පරිභෝජනය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව මෙම පර්යේෂකයින් අනාවරණය කරාගනේ තිබේ.

1990 සිට 2017 දක්වා 70% කින් ඇල්කොහොල් පරිභෝජන මට්ටම ඉහළ ගොස් ඇතැයි ඔවුන් සඳහන් කරයි.

එනම් වසරකට ඇල්කොහොල් ලීටර් මිලියන 20,999 කව තිබූ ගෝලීය ඇල්කොහොල් පරිභෝජනය 2017 වන විට ඇල්කොහොල් ලීටර් මිලියන 35,676 බවට වැඩිවී ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.

දශකකයකට පමණ පෙර ඇල්කොහොල් පරිභෝජනය ඉහළ මට්ටමක පැවතියේ ඉතා ඉහළ ආදායම් සහිත රටවල බවත් විශේෂයෙන්ම යුරෝපා කලාපයේ රටවල එයින් ඉදිරියෙන් සිටි බවත් පර්යේෂකයෝ පැහැදිලි කරති.

නමුත් පසුකාලීනව එම තත්ත්වය මධ්‍යම ආදායම් ලාභී රටවලට ද පැතිරුණු අතර එනිසාම ඉන්දියාව, චීනය, වියට්නාමය වැනි රටවල ඇල්කොහොල් පරිභෝජන මට්ටම ඉහළ යාමට පටන් ගෙන තිබේ.

මේ අතර යුරෝපයේ ඇල්කොහොල් පරිභෝජන මට්ටම මේ වන විට පහත බසිමින් පවතින බවත් අග්නිදිග ආසියාවේ ඇල්කොහොල් පරිභෝජන මට්ටම ඉහළ නගිමින් පවතින බවත් වාර්තා වේ.

world top 5 drunkest nations
Source: SBS

ඔස්ට්‍රේලියාවේ 50 වසරකට පසුව පහළම ඇල්කොහොල් පරිභෝජන අගය වාර්තා වෙයි

2016/17 වසරේදී ඔස්ට්‍රේලියානුවන් ලීටර් මිලියන 186 ක ඇල්කොහොල් පරිභෝජනය කර ඇති බවත් 1961/62 වසරෙන් පසුව ඔස්ට්‍රේලියාවෙන් වාර්තාවූ පහළම අගය එය බවත් ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පෙන්වා දෙයි.

එම අගයට අනුව වයස අවුරදු 15 ට වැඩි සෑම පුද්ගලයෙකුම වසරකට ලීටර් 9.4  ක ඇල්කොහොල් පරිභෝජනය කරන බවට සැසඳිය හැකි බවද සඳහන්.

එනම් කුඩා ප්‍රමාණයේ බීර බෝතල් 224 ක්, වයින්බෝතල් 38 ක්, සයිඩර් බෝතල් 17 ක්, පූර්ව මිශ්‍ර  කරන ලද මධ්‍යසාර කෑන් 33ක් සහ මධ්‍යසාර බෝතල් 4 ක ට සමානවේ.

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ මෙතෙක් වාර්තාවූ ඉහලම ඇල්කොහොල් පරිභෝජන අගය 1974/75 වර්ෂයෙන් වාර්තා වේ.

එහිදී වසරකට පුද්ගලයෙකුගේ සාමන්‍යය බීර පරිභෝජනය කුඩා ප්‍රමාණයේ බීර බෝතල් 500 ක් බව සඳහන්.

world top 5 drunkest nations
Source: SBS Sinhala

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now