මෙල්බර්න් නගරාන්තර මෙට්‍රෝ දුම්රිය වල නවතම නිර්මාණ සැලසුම මේ වන විට එළි දක්වා තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
බාහිර සහ අභ්‍යන්තර දෙපාර්ශවයම නවීකරණයට ලක් කරමින් නිර්මාණය කරන ලද මෙම නව සැලසුම හරහා වඩාත් වේගවත්, කාර්යක්ෂම සහ පහසුදායී දුම්රිය සේවාවක් ලබා දීමට බලධාරීන් අපේක්ෂා කරයි.

මෙල්බර්න් මෙට්‍රෝ දුම්රියේ නව නිර්මාණ සැලසුම
මෙල්බර්න් මෙට්‍රෝ දුම්රියේ නව නිර්මාණ සැලසුමට අනුව අභ්‍යන්තර ආසන සැකසුම ලන්ඩන් ටියුබ් දුම්රියේ ආසන සැලසුමට බොහෝ දුරට සමාන බව The Age පුවත්පත වාර්තා කරයි.
ප්‍රංශ දුම්රිය නිෂ්පාදන සමාගමක් වන Alstom සමාගම විසින් X'Trapolis නමින් හැඳින්වෙන මෙම නව දුම්රිය වල නිර්මාණ සැලසුම සකස් කර ඇති බව වාර්තා වේ.
එහිදී දුම්රිය ගමන් කරන විට ඇතිවන ගැස්සීම් අවම කිරීමට දුම්රිය සස්පෙන්ෂන් පද්ධතිය වැඩි දියුණු කිරීමට කටයුතු යොදා ඇති අතර මගීන්ට ඇතුල් වීමට හා පිටවීමට වේගවත් ලෙස අවස්ථාව ලබාදෙමින් දුම්රිය දොරටු නවීකරණය කිරීමද මෙහිදී සිදු කෙරේ.
කෙසේවෙතත්, මෙම නිෂ්පාදන කටයුතු ප්‍රංශ දුම්රිය නිෂ්පාදන සමාගම වෙත ලබාදීම හරහා දේශීය රැකියා වලට යම් තර්ජනයක් ඇති වන බව වාර්තා වේ.
යම් හෙයකින් වික්ටෝරියානු ප්‍රාන්ත රජය මෙම 'X'Trapolis නව දුම්රිය නිෂ්පාදනය කිරීමට යොමු නොවුණහොත් මේ වන විට Ballarat ප්‍රදේශයේ සේවකයින් 70 දෙනෙකු පමණ කාර්යයේ යෙදෙන ව්‍යාපෘතියෙන් ඉවත් වීමටද අදාළ සමාගම අපේක්ෂා කරන බව The Age පුවත්පත වාර්තා කරයි.

පැරණි දුම්රිය විශ්‍රාම ගැන්වීම
මේ වන විට මෙල්බර්න් කලාපයේ ක්‍රියාත්මක වන Comeng මාදිලියේ දුම්රිය වසර 2026 වන විට ගමනාගමනයෙන් ඉවත් කිරීමට ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.
මීට පෙර එම දුම්රිය විශ්‍රාම ගැන්වීමට තීරණය කර තිබුණේ වසර 2030 දීය.
ඒ වෙනුවට නිපදවන X'Trapolis මාදිලියේ දුම්රිය 20 ක් පළමු අදියරේ එළිදැක්වීමට ප්‍රාන්ත රජය තීරණය කර ඇත.
සාමාන්‍යයෙන් X'Trapolis මාදිලියේ දුම්රියක අවම වශයෙන් මගීන් 1200 කට ගමනාගමන පහසුකම් සැපයෙන බවද සඳහන්.
මෙම නව දුම්රිය නිෂ්පාදනය කිරීමේ කොන්ත්‍රාත්තුවේ මූලික වටිනාකම ඩොලර් මිලියන 400 ක් පමණ බවද වාර්තා වේ.

මෙල්බර්න් නව දුම්රියේ යෝජිත විශේෂාංග
- දුම්රියට ගොඩ වීමේ සහ දුම්රියෙන් පිටවීමේ කාලය තත්ත්පර 40 කට වඩා අඩු කාලයකින් සිදු කිරීමට දුම්රිය මැදිරි දොරටු නවීකරණය කිරීම.
- දුම්රිය ගමන් කරන විට ගැස්සීම් අවම කිරීමට දුම්රියේ සස්පෙන්ෂන් පද්ධතිය නවීකරණය කිරීම.
- දුම්රියේ ගමන් කිරීම නිසැකයෙන් මගීන්ට දැනගැනීමට හැකි අධි තාක්ෂණික මගී තොරතුරු පද්ධතියක් එක් කිරීම.
- විදේශ රටවල දුම්රිය මෙන් අඩු විදුලියක් උපයෝගී කරගනිමින් වැඩි කාර්යක්ෂමතාවක් සහිත දුම්රිය නිපදවීම.
- රෝද පුටු සහ පා පැදි වලටද සැලකිය යුතු ඉඩක් ලබා දෙමින් දුම්රිය මැදිරි අභ්‍යන්තරය නවීකරණය කිරීම.
- දුම්රිය රියදුරුට පසුපස මැදිරියේමගීන්ටම ක්‍රියාත්මක කිරීමට හැකි ස්වයංක්‍රීය රෝද පුටු Ramp (automatic wheelchair-accessible ramps) නිර්මාණය කිරීම.


