ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා හිමියන්ගේ ශ්‍රම සූරාකෑම ගැන නවතම හෙළිදරව්වක් (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථානවල ශ්‍රම සූරාකෑම සහ තාවකාලික වීසා තත්ත්වය අතර දැඩි සම්බන්ධයක් ඇති බව මෙම වාර්තාවෙන් අනාවරණය කෙරේ.

Exploitation, wage theft rife for temporary visa holders, report says

Exploitation, wage theft rife for temporary visa holders, report says Source: Kagenm/Getty

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා බලපත්‍ර මත සිටින සේවකයන් ස්ථීර පදිංචිය තහවුරු කරගැනීමට උත්සාහ කරන අතරේ ඔවුන්ට ඉතා අඩු වැටුප් සහ අධික ලෙස වැඩ පවරන බව හෙළිවී තිබේ.

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සේවක මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවකින් මේ බව අනාවරණය කර ඇත.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථානවල ශ්‍රම සූරාකෑම සහ තාවකාලික වීසා තත්ත්වය අතර දැඩි සම්බන්ධයක් ඇති බව අනාවරණය කෙරේ
  • සංක්‍රමණික සේවක මධ්‍යස්ථානය නිකුත් කළ 'Living in Limbo' නම් වාර්තාවෙන් මේ බව හෙළිකර ඇත.
  • ඔස්ට්‍රේලියාවේ ස්ථීර පදිංචිය ලබා ගැනීමට තාවකාලික වීසා හිමියන්ට සාමාන්‍යයෙන් වසර පහකට වඩා වැඩි කාලයක් ගත වන බව ද මෙම වාර්තාව පවසයි.

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා ලාභීන්ගේ ශ්‍රමය සූරා කෑම

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා බලපත්‍රලාභීන්ගෙන් 65% ක් අඩුවෙන් වැටුප් ලැබීමේ ගැටලුවට මුහුණ දී ඇති බව සංක්‍රමණික සේවක මධ්‍යස්ථානය නිකුත් කළ එම වාර්තාව පවසයි.

ඊට අමතරව තාවකාලික වීසා බලපත්‍රලාභීන්ගෙන් හතරෙන් එකක් වෙනත් ආකාරයේ ශ්‍රම සූරාකෑම්වලට මුහුන දී ඇති බවද එයින් හෙළි කරයි.

මෙම වාර්තාව 'Living in Limbo' ලෙස නම් කර ඇත.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථානවල ශ්‍රම සූරාකෑම සහ තාවකාලික වීසා තත්ත්වය අතර දැඩි සම්බන්ධයක් ඇති බව මෙම වාර්තාවෙන් අනාවරණය කෙරේ.

මෙම සමීක්ෂණයට ලක් කරන ලද සේවකයින්ගෙන් වැටුප් අඩුවෙන් ලැබීමේ ප්‍රශ්නයට මුහුණ දුන් 91% ක් ස්ථිර පදිංචිය සඳහා මාර්ගයක් නොමැති වීසා බලපත්‍ර මත ඔස්ට්‍රේලියාවට පැමිණ ඇත.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ ස්ථීර පදිංචිය ලබා ගැනීමට මෙම සමීක්ෂණයට ලක් කරන ලද තාවකාලික වීසා හිමියන්ට සාමාන්‍යයෙන් වසර පහකට වඩා වැඩි කාලයක් ගත වන බව ද මෙම වාර්තාව සොයා ගත්තේය.
එහිදී ඔස්ට්‍රේලියාවේ ස්ථීර පදිංචිය ලබා ගැනීමට බලා සිටි වැඩිම කාලය ලෙස වසර 13 වාර්තා විය.

මෙම වාර්තාවේ සොයාගැනීම්වලට අනුව employer-sponsored වීසා වැනි වීසා වැඩසටහන්වල දීර්ග ලෙස බලා සිටීමේ කාලය සහ අඩුපාඩු නිසා ශ්‍රමය සූරාකෑමේ හාම්පුතුන්ට සහ වීසා වංචාවලට අදාළ තාවකාලික වීසා හිමියන් ගොදුරු වේ.

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ වැඩසටහනේ අඩු ලුහුඬුකම්

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ වැඩසටහන අවිනිශ්චිත ශ්‍රමිකයින්ගේ ජනගහනයක් බිහි කර ඇති බව සංක්‍රමණික සේවා මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී Matt Kunkel පැවසීය.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීම සඳහා ඇති මාර්ග ශක්තිමත් කිරීම ඔස්ට්‍රේලියාවේ සියලුම ශ්‍රමිකයින්ට සමාජ හා ආර්ථික ප්‍රතිලාභ ලබා දෙනු ඇති බවද ඔහු පැවසීය.
තාවකාලික වීසා බලපත්‍රලාභීන් බොහෝ විට ඔස්ට්‍රේලියාවේ වසර ගණනාවක්, ඇතැම් විට දශක ගණනාවක් සේවය කරමින් ඔස්ට්‍රේලියාව තුළ තම අනාගතය සුරක්ෂිත කිරීමේ අපේක්ෂාවෙන් ජීවත් වන බව ද සංක්‍රමණික සේවා මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී Matt Kunkel අවධාරණය කළේය.
තාවකාලික වීසා මත සිටින ශ්‍රමිකයින් සේවා ස්ථානවල ශ්‍රම සූරාකෑම අත්විඳින්නේ ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය තුළ එම වැරදි දේ වාර්තා කිරීමට බාධා ඇති නිසා බවද ඔහු පැහැදිලි කළේය.

දීර්ඝ අධිකරණ ක්‍රියාදාමයන් සම්පූර්ණ කිරීමට පෙර ඇතැම් වීසා හිමියන්ගේ වීසා බලපත්‍ර කල් ඉකුත් වන බවත් නැතහොත් රැකියාව අහිමි වීම ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට වසර ගණනාවක ප්‍රමාදයක් හෝ බාධාවක් හෝ ඇති කිරීමට හේතු විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
"අපට මෙම වීසා ක්‍රමයේ ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි, එහිදී ශ්‍රමිකයින්ගේ ජීවිත තනි හාම්පුතෙකුගේ හෝ ආයතනයක හෝ අතේ පමණක් රඳා පවතින්නේ නැහැ. සියලුම දිගු කාලීන සංක්‍රමණිකයන්ට ස්ථිර පදිංචිය සඳහා අවස්ථාවක් ද එයින් තිබෙනවා." යනුවෙන් සංක්‍රමණික සේවා මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී Matt Kunkel වැඩි දුරටත් පැවසුවේය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.



Share

Published

Updated

By Eden Gillespie, Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා හිමියන්ගේ ශ්‍රම සූරාකෑම ගැන නවතම හෙළිදරව්වක් (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala