ඔස්ට්‍රේලියාවේ Skilled වීසා සඳහා බලපාන ANZSCO ලැයිස්තුවට අලුතින් වෘත්තීන් ගණනාවක් (SBS සිංහල/ වාර්තා)

ANZSCO ලැයිස්තුවේ අනාගත නිත්‍ය යාවත්කාලීන කිරීම්වලදී අනෙකුත් ප්‍රමුඛතා ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන බවද වාර්තා වේ.

latest updates of Australia’s State Occupations lists

Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ ANZSCO ලැයිස්තුව හෙවත් Australian and New Zealand Standard Classification of Occupations ලැයිස්තුව පසුගිය සතියේ යාවත්කාලීන කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව සහ බොහෝ skills assessing ආයතන මෙම ANZSCO ලැයිස්තුව ඔවුන්ගේ පොදු රාජකාරි සඳහා නිල ලේඛනයක් ලෙස භාවිතා කරයි.


Highlights

  • ANZSCO ලැයිස්තුවට නව වෘත්තීන් ගණනාවක්ම අලුතින් එකතු කර තිබේ.
  • කෘෂිකර්මය, වන වගාව සහ ධීවර කටයුතු, සයිබර් ආරක්ෂණය, නාවුක ඉදිකිරීම් සහ ජාතික නිපුණතා කොමිෂන් සභාව විසින් හඳුනාගෙන ඇති නැගී එන වෘත්තීන් යන ක්ෂේත්‍ර 4 තුළ එම යාවත්කාලීන කිරීම සිදුකර ඇත.
  • මෙම යාවත්කාලීන කිරීම ඔස්ට්‍රේලියානු ශ්‍රම වෙළඳපොළ සම්බන්ධයෙන් පමණක් සිදු කර ඇත.

ANZSCO ලැයිස්තුවේ නවතම යාවත්කාලීන කිරීම

ANZSCO ලැයිස්තුව පහත ක්ෂේත්‍ර 4 තුළ යාවත්කාලීන කර ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

  • කෘෂිකර්මය, වන වගාව සහ ධීවර කටයුතු (agriculture, forestry and fisheries)
  • සයිබර් ආරක්ෂණය (cyber security)
  • නාවුක ඉදිකිරීම් (naval ship building)
  • ජාතික නිපුණතා කොමිෂන් සභාව විසින් හඳුනාගෙන ඇති නැගී එන වෘත්තීන්

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


මෙම ක්ෂේත්‍ර ඔස්ට්‍රේලියානු ශ්‍රම වෙළෙඳපොළේ ප්‍රමුඛතා ක්ෂේත්‍ර ලෙස හඳුනාගෙන ඇති අතර මෙම වර්ගීකරණය යාවත්කාලීන කිරීම සඳහා මෙය පරීක්ෂණ ක්‍රියාවලියක් ලෙසද තෝරා ගත් බව සඳහන්.

ANZSCO ලැයිස්තුවේ අනාගත නිත්‍ය යාවත්කාලීන කිරීම්වලදී අනෙකුත් ප්‍රමුඛතා ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන බවද වාර්තා වේ.

මෙම යාවත්කාලීන කිරීම ඔස්ට්‍රේලියානු ශ්‍රම වෙළඳපොළ සම්බන්ධයෙන් පමණක් සිදු කර ඇත.

එය නවසීලන්ත ශ්‍රම වෙළඳපොලේ වෙනස්කම් සලකා බලා නැත.

ANZSCO ලැයිස්තුව 2006 දී ස්ථාපිත කිරීමෙන් පසු සිදුකෙරුණු සිව්වන සංශෝධනය ලෙස මෙය හැඳින්වේ.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ANZSCO ලැයිස්තුවට අලුතින් එකතු කළ වෘත්තීන්

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය වාර්තා කරන පරිදි ANZSCO ලැයිස්තුවට අලුතින් එකතු කළ වෘත්තීන් පහත පරිදි වේ. 

ANZSCO code (Occupation ID)වෘත්තීය
121323 (new)Mixed Cattle and Sheep Farmer
121511 (new)Cotton Grower
121512 (new)Grain, Oilseed, Pulse or Pasture Grower / Field Crop Grower
121599 (new)Broadacre Crop Growers nec
121513 (new)Sugar Cane Grower
121611 (new)Flower Grower
121612 (new)Fruit Grower
121613 (new)Nut Grower
121614 (new)Production Nursery Grower
121615 (new)Turf Grower
121616 (new)Vegetable Grower (Aus) / Market Gardener (NZ)
121617 (new)Wine Grape Grower
121699 (new)Horticultural Crop Growers nec
121711 (new)Broadacre Crop and Livestock Farmer
121799 (new)Mixed Production Farmers nec
234114 (new)Agricultural Research Scientist
234115 (new)Agronomist
234116 (new)Aquaculture or Fisheries Scientist
234521 (new)Entomologist
234522 (new)Zoologist
234612 (new)Respiratory Scientist
261113 (new)User Experience Designer (ICT)
261315 (new)Cyber Security Engineer
261316 (new)Devops Engineer
261317 (new)Penetration Tester
262114 (new)Cyber Governance Risk and Compliance Specialist
262115 (new)Cyber Security Advice and Assessment Specialist
262116 (new)Cyber Security Analyst
262117 (new)Cyber Security Architect
262118 (new)Cyber Security Operations Coordinator
311112 (new)Agricultural and Agritech Technician
311113 (new)Animal Husbandry Technician
311114 (new)Aquaculture or Fisheries Technician
311115 (new)Irrigation Designer
311217 (new)Respiratory Technician
311314 (new)Primary Products Quality Assurance Officer
312914 (new)Other Draftsperson
361116 (new)Track Rider
362312 (new)Sports Turf Manager
362313 (new)Sports Turf Trades Worker
362511 (new)Arborist
362512 (new)Tree Worker
362611 (new)Gardener (General)
362711 (new)Landscape Gardener
362712 (new)Irrigation Technician
842111 (new)Aquaculture Worker
842211 (new)Cotton Farm Worker
842212 (new)Fruit Farm Worker
842213 (new)Fruit Picker
842214 (new)Grain, Oilseed, Pulse and Pasture Farm Worker (Aus) / Field Farm Worker (NZ)
842215 (new)Mushroom Picker
842216(new)Nut Farm Worker
842217 (new)Sugar Cane Farm Worker
842218 (new)Vegetable Farm Worker (Aus) / Market Garden Worker (NZ)
842221 (new)Vegetable Picker
842222 (new)Vineyard Worker
842299 (new)Crop Farm Workers nec
842311 (new)Beef Cattle Farm Worker
842312 (new)Cattle and Sheep Farm Worker
842313 (new)Dairy Cattle Farm Worker
842314 (new)Livestock Husbandry Worker
842315 (new)Piggery Farm Worker
842316 (new)Poultry Farm Worker
842317 (new)Sheep Farm Worker
842318 (new)Stablehand
842321 (new)Wool Handler
842399 (new)Livestock Farm Workers nec
842411 (new)Broadacre Crop and Livestock Farm Worker
842499 (new)Mixed Production Farm Workers nec
843111 (new)Forestry Worker
843112 (new)Logging Assistant
843113 (new)Tree Faller
843211 (new)Garden Labourer
843311 (new)Horticultural Nursery Assistant
843411 (new)Pest Control Technician
843911 (new)Hunter-Trapper
843912 (new)Irrigation Assistant
843999 (new)Forestry and Garden Workers nec

Share

4 min read

Published

By Madhura Seneviratne

Source: SBS Sinhala program



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now