COVID එන්නත පිළිබඳ සමාජ මාධ්‍යවල වැරදි තොරතුරු පළ කරන ඔස්ට්‍රේලියානුවාසීන්ට ලැබෙන දඬුවම මෙන්න (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියානු රජයේ නිල සෞඛ්‍ය මුලාශ්‍ර භාවිතා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු සන්නිවේදනය කිරීම අපරාධ වරදක් බව චිකිත්සක භාණ්ඩ පරිපාලනය පවසයි.

People are seen lining up outside of COVID-19 vaccination centre in Melbourne on 1 June 2021.

People are seen lining up outside of COVID-19 vaccination centre in Melbourne on 1 June 2021. Source: AAP

සමාජ මාධ්‍යවල පළ කර ඇති COVID-19 එන්නත පිළිබඳ වැරදි තොරතුරු ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියට යොමු කළ හැකි බව ඔස්ට්‍රේලියාවේ The Therapeutic Goods Administration (TGA) හෙවත් චිකිත්සක භාණ්ඩ පරිපාලනය පවසයි.

TGA යනු ඔස්ට්‍රේලියාවේ එන්නත් හා ඖෂධ නියාමන අධිකාරිය වේ.


Highlights

  • ඔස්ට්‍රේලියානු රජයේ නිල සෞඛ්‍ය මුලාශ්‍ර භාවිතා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු සන්නිවේදනය කිරීම අපරාධ වරදක් බව චිකිත්සක භාණ්ඩ පරිපාලනය පවසයි.
  • ඒ සඳහා උපරිම දඬුවම ලෙස වසර දෙකක සිර දඬුවම් පැනවිය හැකි බවත් මෙවැනි ක්‍රියා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියට යොමු කළ හැකි බවත් චිකිත්සක භාණ්ඩ පරිපාලනය කියා සිටියි.
  • කම්කරු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Julian Hill Facebook post එකක් යටතේ පළ කරන ලද අදහස් (Comments) වල COVID-19 එන්නත පිළිබඳ වැරදි තොරතුරු ගැබ්වී තිබුණු බව වාර්තා වේ.

COVID-19 එන්නත පිළිබඳ සමාජ මාධ්‍යවල වැරදි තොරතුරු පළ කිරීම

කම්කරු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Julian Hill Facebook post එකක් යටතේ පළ කරන ලද අදහස් (Comments) වල COVID-19 එන්නත පිළිබඳ වැරදි තොරතුරු ගැබ්වී තිබුණු බව වාර්තා වේ.

COVID-19 එන්නත මරණ 210 කට මග සැකසූ බවට මැයි 27 සිට TGA හි හි සතිපතා එන්නත් ආරක්ෂණ වාර්තාව උපුටා දක්වමින් අදාළ අදහස් වල දක්වා තිබුණි.

නමුත් TGA වාර්තාවේ නියම ලෙසට වාර්තා වූයේ: "TTS හෙවත් Thrombosis with thrombocytopenia syndrome හෝ රුධිරය කැටි ගැසීම සම්බන්ධව ඔස්ට්‍රේලියාවෙන් එක් සිදුවීමක් හැරුණුකොටගෙන COVID-19 එන්නත් මරණයට හේතු වී නොමැත" ලෙසටය.
ඔස්ට්‍රේලියානු රජයේ නිල සෞඛ්‍ය මුලාශ්‍ර භාවිතා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු සන්නිවේදනය කිරීම පිළිබඳ බරපතල ලෙස සැලකිල්ලක් දක්වන බව මේ සිදුවීමත් සමග චිකිත්සක භාණ්ඩ පරිපාලනය ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසීය.

එවැනි ක්‍රියා අපරාධ වැරදි බවත් උපරිම දඬුවම ලෙස වසර දෙකක සිර දඬුවම් පැනවිය හැකි බවත් මෙවැනි ක්‍රියා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියට යොමු කළ හැකි බවත් චිකිත්සක භාණ්ඩ පරිපාලනය කියා සිටියේය.

COVID-19 වසංගතය අතරතුර එවැනි ආකාරයේ වැරදි තොරතුරු වල අවදානම ඔස්ට්‍රේලියානුවන්ට බාරගත නොහැකි තර්ජනයක් බවද චිකිත්සක භාණ්ඩ පරිපාලනය වැඩි දුරටත් සඳහන් කළේය.
Labor MP Julian Hill has written a letter to federal Health Minister Greg Hunt requesting the urgent implementation of a campaign to counter misinformation.
Source: AAP

කම්කරු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Julian Hill ගේ Facebook පණිවිඩය

COVID-19 එන්නත ලබා ගැනීමට ජනතාව දිරිමත් කරමින් මාස ගණනක් තම Facebook පිටුවේ පණිවිඩ පළ කිරීමෙන් පසුව මෙවැනි සිදුවීමක් වාර්තා වූ බව කම්කරු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Julian Hill ප්‍රකාශ කළේය.

"එම post එකට අදහස් (comments)  25,000 කට වඩා තිබුණා, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඇදහිය නොහැකි තරම් කනස්සල්ලට පත්ව සිටින බවක් පෙනුනා, ඉතා භයානක හා පිස්සු දේවල් පවා සඳහන් කර තිබුණා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මධ්‍යම රජයේ ලාංඡනය භාවිතා කරමින් ඔවුන් පවසන්නේ නිල තොරතුරු ලෙස මවා පෑමට උත්සහ දරමින් සිටියා." යනුවෙන් Julian Hill සඳහන් කළේය.
"ඔවුන් විශ්වාසදායක මූලාශ්‍ර වලින් නිසි තොරතුරු ලබා ගන්නා බවට අප සහතික විය යුතුයි, විශේෂයෙන්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් හෝ තමන්ගේ වෛද්‍යවරයාගෙන්. ඇත්ත ලෙස පෙනෙන නමුත් ව්‍යාජ දේවල් විශ්වාස නොකිරීමට ඔවුන් වග බලාගත යුතුයි." යනුවෙන්ද ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේය.

මැයි 29 වන දින Facebook හි පළ කළ අනෙක් සෑම ඔස්ට්‍රේලියානු දේශපාලකයින්ගේ post වලට වඩා Julian Hill ගේ මෙම Facebook Post එක සඳහා වැඩිම engagement එකක් තිබූ බව Facebook දත්ත විශ්ලේෂණය කරන සමාජ මාධ්‍ය ජාල අධීක්ෂණ  ආයතනයක් වන CrowdTangle සොයාගෙන තිබේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


සෞඛ්‍ය ඇමති Greg Hunt ට ලිපියක්

කොරෝනා එන්නත් ලබා ගැනීමට ජනයා පැකිලීම සහ එන්නත් සම්බන්ධයෙන් සන්නිවේදනය වන වැරදි තොරතුරු වලට එරෙහිව ක්‍රියාශීලී සන්නිවේදන ව්‍යාපාරයක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස කම්කරු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Julian Hill ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt ට ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබේ.

රජය කොරෝනා එන්නත්කරණය පමණක් නොව, කොරෝනා එන්නත්කරණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සහ ඒ පිළිබඳ නිසි තොරතුරු සැපයීම සඳහා නිසි මහජන සෞඛ්‍ය ව්‍යාපාරයක් දියත් කිරීමටත් මන්දගාමී වී ඇති බව ඔහු පැවසීය.
Technicians prepare vaccines at the newly opened COVID-19 Vaccination Centre in Sydney on 10 May 2021.
Technicians prepare vaccines at the newly opened COVID-19 Vaccination Centre in Sydney on 10 May 2021. Source: AAP

කොරෝනා එන්නත් ලබා ගැනීමට ජනයා පැකිලීම මැඩපැවැත්වීම සඳහා සමාජ මාධ්‍ය ව්‍යාපාරයකට ඉල්ලීම්

UNSW health හි  මනෝ විද්‍යාඥ Kate Faasse, කොරෝනා එන්නත් ලබා ගැනීමට ජනතාව වැඩි වශයෙන් යොමු කරන්නේ කෙසේදැයි සොයා බලන පර්යේෂණ ව්‍යාපෘතියක මුල් අවධියේ සිටී.

ප්‍රජාව තුළ කොරෝනා එන්නත් ලබාගැනීමට පැකිලීමේ වර්ධනයට එරෙහිව කටයුතු කිරීමේ අවශ්‍යතාවක් පවතින බව ඇය පැවසුවාය.

මෑතකදී පැවැත්වූ සමීක්ෂණයක ප්‍රතිඵල වලට අනුව ඔස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් එකක් පමණ කියා සිටියේ තමන් COVID-19 එන්නත ලබා නොගැනීමට වැඩි ඉඩක් ඇති බවය.



Share

Published

Updated

By Biwa Kwan, Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service