ඔස්ට්‍රේලියාවේ නව ස්ථිර පදිංචිකරුවන්ගේ සුබ සාධන දීමනා වසර 4 ක් ප්‍රමාද කිරීමෙන් ඇතිවන අර්බුද පිළිබඳ හෙළිදරව්වක් (SBS සිංහල/ වාර්තා)

මෙය සම්මත වුවහොත් ලබන වසරේ සිට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබන පුද්ගලයින්ට පමණක් බලාත්මක වන අතර මේ වන විට ඔස්ට්‍රේලියාවේ සිටින ස්ථිර පදිංචිකරුවන්ට බල නොපාන බව සඳහන්.

Temporary migrant

Australian government announces major visa concessions for temporary graduates stuck offshore. Source: AAP

සංක්‍රමණිකයින් සඳහා ලබාදෙන සුබ සාධන දීමනා සම්බන්ධ සංශෝධන කිහිපයක් ඇතුළත් පනත් කෙටුම්පතක් වත්මන් ඔස්ට්‍රේලියානු ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සම්මත කරගැනීමට සූදානම් වේ.

මෙම පනත් කෙටුම්පත සම්මත වුවහොත් සංක්‍රමණිකයින්ට මෙන්ම විශේෂයෙන් සංක්‍රමණික කාන්තාවන්ට දැඩි බලපෑමක් එල්ල වන බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.


Highlights

  • මෙම පනත සම්මත වුවහොත් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි නව සංක්‍රමණිකයින් හට ලබාදෙන බොහෝ සුබ සාධන දීමනා ලබාගැනීම සඳහා වසර 4 ක් වැනි දීර්ග කාලයක් බලා සිටීමට සිදුවනු ඇත.
  • නමුත් නව ස්ථිර පදිංචිකරුවන් හට Medicare, National Disability Insurance Scheme වැනි සේවාවන් වසර 4 ක කාලයක් බලා නොසිට අඛණ්ඩව ලබාගත හැකි බව සමාජ සේවා දෙපාර්තමේන්තුව පවසා ඇත.
  • මෙම සුබ සාධන දීමනා ලැබීම වසර 4 ක් ප්‍රමාද කළහොත් එය කාන්තා හිංසනයටද පිටිවහලක් සපයනු ඇතැයි ඔස්ට්‍රේලියානු සමාජ සේවා සභාව අනතුරු අඟවා තිබේ.

සංක්‍රමණිකයින්ගේ සුබ සාධන දීමනා සම්බන්ධ නව පනත

මෙම සංශෝධිත පනත් කෙටුම්පත සම්මත වුවහොත් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි නව සංක්‍රමණිකයින් හට ලබාදෙන බොහෝ සුබ සාධන දීමනා ලබාගැනීම සඳහා වසර 4 ක් වැනි දීර්ග කාලයක් බලා සිටීමට සිදුවනු ඇත.

එම දීමනා වලින් ප්‍රධාන දීමනා කිහිපයක් පහත පරිදි වේ.

  • Carer Payment
  • Parental Leave Pay
  • Dad and Partner Pay
  • Carer Allowance
  • Family Tax Benefit
  • JobSeeker
  • Youth Allowance
  • Austudy
  • Commonwealth seniors health card

Humanitarian වීසා හිමියන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් මෙම වසර 4 ක පොරොත්තු කාලයෙන් (waiting period) නිදහස් කෙරේ.

නමුත් නව ස්ථිර පදිංචිකරුවන් හට Medicare, National Disability Insurance Scheme වැනි සේවාවන් වසර 4 ක කාලයක් බලා නොසිට අඛණ්ඩව ලබාගත හැකි බව සමාජ සේවා දෙපාර්තමේන්තුව පවසා ඇත.

මෙය සම්මත වුවහොත් ලබන වසරේ සිට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබන පුද්ගලයින්ට පමණක් බලාත්මක වන අතර මේ වන විට ඔස්ට්‍රේලියාවේ සිටින ස්ථිර පදිංචිකරුවන්ට බල නොපාන බව සඳහන්.

මෙම වසරේ මැයි මාසයේදී එළිදැක්වූ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැයෙන් මෙම යෝජනාව ප්‍රකාශයට පත් කරන ලද අතර වසර පහක් තුළ මධ්‍යම රජයට මේ හරහා ඩොලර් මිලියන 671 ක් ඉතිරි කර දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

20210720001558579095-original.jpg

යෝජිත පනත් කෙටුම්පත සෙනට් විමර්ශන කමිටුවට

මෙම යෝජිත පනත් කෙටුම්පත මේ වන විට සෙනට් විමර්ශන කමිටුව හමුවට ඉදිරිපත් කර තිබේ.

ඒ සමග සංක්‍රමණික සහ සුභසාධන උපදේශන ආයතන ගණනාවක්ම මෙම යෝජිත පනත් කෙටුම්පතට විරෝධය පාමින් එයින් සංක්‍රමණික කාන්තාවන්ට ඇතුළු සංක්‍රමණික ප්‍රජාවට සිදුවන අයහපත් බලපෑම පිළිබඳ සෙනට් විමර්ශන කමිටුවට ලිඛිතව දන්වා ඇත.

මේ අතර මෙම පනත් කෙටුම්පතට විරුද්ධ වන ලෙස ඔවුහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනේගෙන්ද ඉල්ලා සිටිති.

මේ හරහා වැඩි බලපෑමක් ඇතිවන්නේ කාන්තාවන්ට බවද ඔස්ට්‍රේලියානු සමාජ සේවා සභාව දන්වා තිබේ.

"Family Tax Benefit දීමනාව ලබාගැනීමට වසර 4 ක් බලා සිටීමට සිදුවීම ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික දෙමව්පියන් සිටින දරුවන්ට හානිකර තත්ත්වයක් උදාකර දෙනවා. අඩු වැටුප් ලබන රැකියාවල නියුතු පවුල් ද ඇතුළුව අඩු ආදායම්ලාභී පවුල් සඳහා Family Tax Benefit දීමනාව තීරණාත්මක ගෙවීමක් වන හෙයින් මෙම දරුවන් දුප්පත්කම සහිතව ජීවත් විය හැකියි." යනුවෙන් ඔවුන් වැඩි දුරටත් අදහස් දක්වා තිබේ.

සෙනට් විමර්ශන කමිටුව මේ පිළිබඳ වාර්තාව සැප්තැම්බර් 14 දා නිකුත් කිරීමට නියමිතය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


කාන්තා හිංසනයට එරෙහිව රජය දරන උත්සාහයට ද තර්ජනයක්

මෙම සුබ සාධන දීමනා ලැබීම වසර 4 ක් ප්‍රමාද කළහොත් එය කාන්තා හිංසනයටද පිටිවහලක් සපයනු ඇතැයි ඔස්ට්‍රේලියානු සමාජ සේවා සභාව අනතුරු අඟවා තිබේ.

ඒ අනුව කාන්තා හිංසනයට එරෙහිව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දරන උත්සාහයට ද මෙය තර්ජනයක් බව ඔවුහු පෙන්වා දෙති.

"හිංසනය කරනු ලබන සහකරුවෙකු හැර යාමේදී කාන්තාවන්ට සහයෝගය දැක්වීම සඳහා මුල්‍ය ආරක්ෂාව ඉතා වැදගත්. මෙම සුබ සාධන දීමනා ලබා දීම ප්‍රමාද කිරීම හේතුවෙන් එවැනි ආකාරයේ කාන්තාවන්ට තමාට හිංසා කරනු ලබන සහකරුවන් සමග දිවි ගෙවීමට බල කිරීමක් සිදු වනවා." යනුවෙන්ද ඔස්ට්‍රේලියානු සමාජ සේවා සභාව පවසා සිටියේය.

සියලුම සුබ සාධන ගෙවීම් සඳහා බලා සිටීමේ කාලය මාස 6 දක්වා අඩු කරන ලෙසට ඔස්ට්‍රේලියාවේ ආර්ථික සංවර්ධන කමිටුව මේ වසර මුලදී ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකින් නිර්දේශ කළේය.

පුහුණු සංක්‍රමණිකයින්ට රැකියා ලබා ගැනීමට හොඳ අවස්ථාවක් ලබා දීම එහි අරමුණ බව එම වාර්තාව පවසා ඇත.

1993 වසරේදී මෙය හඳුන්වා දුන් දිනයේ පටන් මෙම බලා සිටීමේ කාලය සති 26 සිට අඛණ්ඩව ඉහළ ගොස් තිබේ.


Share

4 min read

Published

Updated

By Evan Young, Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now