කොරෝනා වයිරසය හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ සිටින ජාත්‍යන්තර සිසුන් 565,000 පමණ පීඩා විදිමින් සිටී.බොහෝ දෙනෙකුගේ රැකියා අහිමිවීම මත ඔවුන්ට දැඩි ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුව ඇති අතර ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිකරුවන් හට සහ පුරවැසියන්ට රජයෙන් ලැබෙන ආර්ථික සහන ජාත්‍යන්තර සිසුන් සඳහා මේ වනතෙක් නොලැබේ.
උද්ගතව ඇති තත්වය හමුවේ ජාත්‍යන්තර සිසුන් හට උපකාර කිරීම සඳහා ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල සහ ප්‍රාන්ත රජයන් ගෙන ඇති වැඩපිළිවෙල පහත පරිදි වේ.
Superannuation ගිණුමෙන් මුදල් ලබාගැනීම.
මාස 12කට වැඩ වැඩි කාලයක් ඔස්ට්‍රේලියාව තුළ සිටි, පවතින අර්බුදකාරී තත්වය හමුවේ මුදල් අපහසුතා සඳහා මුහුණදී සිටින ජාත්‍යාන්තර සිසුන් සඳහා myGov වෙබ් අඩවිය ඔස්සේ තම Superannuation ගිණුමේ ඇති මුදල් ඉල්ලුම් කිරීමේ හැකියාව පවතී.මෙය පසුගිය සඳුදා (20) දින සිට ක්‍රියාත්මක වේ.
වීසා ලිහිල් කිරීම.
විශ්වවිද්‍යාල දේශන සඳහා සහභාගී වීම, ශිෂ්‍ය වීසා කොන්දේසි වලට අනුව අනිවාර්ය වුවද කොරෝනා වෛරසය හේතුවෙන්, දේශන සඳහා සහභාගී වීමට නොහැකි වීම වැනි ගැටළු සඳහා මුහුණ දුන් සිසුන්ගේ වීසා පිළිබඳව නම්‍යශීලීව කටයුතු කරන බව ඕස්ට්‍රේලියානු රජය අවධාරණය කොට තිබේ.
තම විශ්වවිද්‍යාලයෙන් සිදුකරන ශිෂ්‍ය බදවාගැනීම් සහ ගාස්තු පිළිබඳව වන ගැටළු සඳහා විශ්ව විද්‍යාල බලධාරීන් සම්බන්ධ කරගත යුතු අතර විශ්වවිද්‍යාල බලධාරීන් ඒ සඳහා පිළිතුරු ලබාදීමට අපොහොසත් වුවහොත් (+61) 1300 981 621 යන දුරකථන අංකය මගින් හෝ international.students@dese.gov.au යන විද්‍යුත් තැපෑල මගින් උපකාර ලබාගත හැක.

රැකියාවේ පැය ගණන සඳහා වන වෙනස්කම්.
සාමාන්‍යයෙන් සිසුන්ට රැකියාවේ නිරත වීම සඳහා සතියකට පැය 20 ක කාලයක් පමණක් ලබාදුන්නද පවතින අර්බුධකාරී තත්වය මත එම පැය ගණන වැඩි කිරීමට රජය පියවර ගෙන තිබේ. මේ අනුව වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයන් ඇතුළු සෞක්‍ය ක්ෂේස්ත්‍රයේ සිය රැකියාව සිදුකරන සිසුන්ට සහ සුපිරි වෙලදසල්හි රැකියාවේ නිරතවන සිසුන් සඳහා සතියකට වූ පැය ගණන වැඩිවන බව වාර්තා වේ. අනෙකුත් ක්ෂේස්ත්‍රයන්හි රැකියාවන්වල නියැලෙන සිසුන් හට තම රැකියාවේ පැය ගණන වැඩිකිරීම පිළිබඳව සේවායෝජකයා සමග සාකච්චා කලයුතු වේ. කෙසේ වුවද මෙම සහන කාලසීමව එළඹෙන මැයි මස පලමුවනදා අවසන් වීමට නියමිතයි.
Medicare පහසුකම් නොමැති පුද්ගලයින්ට සෞක්‍ය සහන
බොහෝ පුද්ගලයින් හට Medicare පහසුකම නොමැති අතර ඔවුන් සඳහා සෞක්‍ය සහන සැලසීමට නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා වැනි ප්‍රාන්ත සහ ටෙරිටරි මගින් ද වැඩපිළිවෙල රැසක් ගෙන තිබේ. මෙමගින් ප්‍රමාණවත් සෞක්‍ය ආරක්ෂණයක් නොමැති පුද්ගලයින් වුවද ආවරණය කෙරෙන අතර ඔවුන් COVID-19 වෛරසය හේතුවෙන් රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබා ඇත්නම් එම වියදම් දැරීම නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ වෙස්ට් ඕස්ට්‍රේලියා යන ප්‍රාන්ත රජයන් මගින් සිදුකරනු ලබයි. මේ සඳහා ජාත්‍යන්තර සිසුන් ද ඇතුලත් වන බව වාර්තා වේ.
මුදල් සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම
මෙම සේවාව නොමිලයේ සැපයෙන අතර දැඩි මුල්‍ය අර්බුධයන්ට මුහුණ දී සිටින ජාත්‍යන්තර සිසුන්ට මුදල් සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමේ සේවාව සඳහා මෙහිදී සම්බන්ධ විය හැකියි. මෙමගින් සුදුසුකම්ලත් නිලධාරියකු මගින් උපදෙස් ලබාගැනීමේ හැකියාව ජාත්‍යන්තර සිසුන්ට පවතී.
National Debt Hotline මෙවැනිම ආකාරයේ තවත් සේවාවක් වන අතර සිය ණය ගෙවාගැනීමට අපොහොසත්ව සිටින සිසුන් හට 1800 007 007 යන දුරකථන අංකය ඔස්සේ පුහුණු උපදේශකයකු හා සම්බන්ධ විය හැකියි.

මානසික සෞක්‍ය සඳහා වන සහාය
පවතින අර්බුධකාරී තත්වය හමුවේ පීඩාවට පත්ව සිටින සිසුන් සඳහා මානසික සෞක්‍ය නගාසිටුවීමට සහාය ලබාදීමේ නව වැඩපිළිවෙලක් රජය මගින් ආරම්භ කොට තිබේ.
මේ අනුව ජාත්‍යන්තර සිසුන් හට
Lifeline Australia (13 11 14)
Youth Beyond Blue (1300 224 636)
Headspace (1800 650 890)
යන ආයතන මගින් තමාට අවශ්‍ය සහාය ලබාගත හැකි වේ.
විශ්වවිද්‍යාල මගින් ලැබෙන සහාය
කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජාත්‍යන්තර සිසුන් සඳහා විශ්වවිද්‍යාල මගින් හදිසි අරමුදල් මගින් මුල්‍යාධාර සහ අහාර සහන ලබාදීමට පියවරගෙන තිබේ. මේ අනුව ඔස්ට්‍රේලියාව පුරා විශ්වවිද්‍යාල මගින් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 110කට වඩා වැඩි මුදලක් වෙන් කොට තිබේ.
ප්‍රාන්ත රජයන් මගින් ලැබෙන රැකියා සහාය
වික්ටෝරියා ප්‍රාන්තය
වික්ටෝරිය ප්‍රාන්තය මගින් සිදුකරන Working for Victoria වැඩසටහන ඔස්සේ ජාත්‍යන්තර සිසුන් සඳහා නව රැකියා අවස්ථා ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කොට තිබේ.මෙහිදී COVID-19 වෛරසය හේතුවෙන් රැකියා අහිමිවූවන් ඇතුළු අනෙකුත් ශිෂ්‍යයින් හට අන්තර්ජාලය ඔස්සේ පුහුණුවීම් ලබාදෙන අතර ඔවුන් නව රැකියා සඳහා යොමු කිරීම අරමුණයි.
නොදර්න් ටෙරිටරිය
ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50ක් වූ කුඩා ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා වන අරමුදලෙන් සැලකියයුතු ප්‍රමාණයක්, රජයෙන් මුල්‍යමය ආධාර නොලැබෙන පුද්ගලයින් හට ලබාදීමට තීරණය කොට තිබේ. මෙමගින් එම පුද්ගලයින් යම් හෝ රැකියාවක නිරතවීම අපේක්ෂා කරන අතර තාවකාලික වීසා හිමියන්, තාවකාලික සේවකයින් සහ ජාත්‍යන්තර සිසුන් මෙමගින් ආවරණය වේ.
ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය
කැන්බරා රජයේ Jobs for Canberrans අරමුදල මගින් COVID-19 වෛරසය හේතුවෙන් පීඩාවට පත්වූ තාවකාලික සේවකයින් සහ අර්ධ පුහුණු සේවකයින් පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වමින් ආධාර ලබාදෙන අතර මෙමගින් ඕස්ට්‍රේලියානු රජයේ මුල්‍ය ආධාර නොලැබෙන පුද්ගලයින් සහ තාවකාලික සේවකයින් ලෙස සිටි පුද්ගලයින්ද ආවරණය වන බව වාර්තා වේ.

