

Published
Updated
ඔස්ට්‍රේලියාවේ තවමත් සැලකිලිමත් විය යුතු මට්ටමකින් දෛනිකව කොවිඩ් ආසාදිතයින් වාර්තා වේ.
කොවිඩ් එන්නත නොලද පුද්ගලයින් මෙන්ම කොවිඩ් එන්නත ලද පුද්ගලයින් ද ඒ අතර වේ.
ඔබට කොවිඩ් වයිරසය ආසාදනය වී සුවවී ඇත්නම් ඔබට බූස්ටර් එන්නත ලබාගත හැකිද? ඒ සඳහා කොපමණ කාලයක් බලා සිටිය යුතුද? යන ප්‍රයෝගික ගැටළු මේ වනවිට සමාජය තුළ පවතී.
එම ගැටළු සඳහා පිළිතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන්ට පවසන පරිදි කොවිඩ් වයිරසය ආසාදනය වී සුවවී ඇත්නම් ඔබට බූස්ටර් එන්නත ලබාගත හැකිය.
බූස්ටර් එන්නතෙන් ඔබ ලබාගත් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රා දෙකෙන් ඔබට ලැබුණු ආරක්ෂාව අඛණ්ඩව සහතික කරයි.
වයිරසය ආසාදනය වී සුවය ලැබීමෙන් පසු ඔබ ලබා ගත් ඕනෑම ආරක්ෂාවක් ඊටත් වඩා ශක්තිමත් සහ දිගු කල් පවතින බව ඉන් අදහස් කෙරේ.
එහිදී ඔබට තිබිය හැකි හොඳම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඔබ සතුව පවතින බව Deakin විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යාව පිළිබඳ ප්‍රධානී Catherine Bennett පැවසුවාය.
කොවිඩ් ආසාදනය වී සම්පූර්ණයෙන්ම සුව වූ පසු ඔබට බූස්ටර් එන්නත ලබාගැනීමට වේලාවක් වෙන්කරවා ගත හැකි බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.
බොහෝ පුද්ගලයින්ගේ කොවිඩ් රෝග ලක්ෂණ නැතිවී සාමාන්‍යයෙන් සති හතරකින් හෝ හයකින් පමණ බූස්ටර් එන්නත ලබාගත හැකිය.
ආසාදනයෙන් පසු සති හයක පමණ කාලය බූස්ටර් එන්නත වෙන්කරවා ගැනීමට බලාපොරොත්තු වීමට හොඳ කාලයක් බව මහාචාර්ය Bennett පැවසුවාය.
නමුත් ඔබ එසේ නොකර ඊට වඩා වැඩි කාලයක් ගනී නම් ඔබ වෙනත් ආසාදනයකට නිරාවරණය වීමේ වැඩි ඉඩක් පවතින බවද ඇය පැවසුවාය.
"ඔබට කල් පවතින රෝග ලක්ෂණ ඇත්නම්, ඔබ බොහෝ විට වෛද්‍යවරයකු හමුවිය යුතුය. එවිට ඔබ බූස්ටර් එන්නත සඳහා සූදානම් විය යුත්තේ කවදාදැයි තීරණය කිරීමට එය උපකාරී වනු ඇත" යනුවෙන්ද ඇය පැහැදිලි කළාය.
2022 ජනවාරි 31 න් පසු ඔස්ට්‍රේලියාවේ සියලුම දෙනා හට කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා මාස තුනකට පසුව බූස්ටර් එන්නත ලබාගත හැකිය.
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.
විවිධ පුද්ගලයන්ට විවිධ ආසාදන මට්ටම් සහ අත්දැකීම් තිබිය හැකි අතර, ඔවුන් සුවවූ වේගය වෙනස් වේ.
මේ සියල්ල ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රතිචාරයට බලපෑම් කළ හැකි බව මහාචාර්ය Bennett පැවසුවාය.
ඔස්ට්‍රේලියාවේ COVID-19 හා සම්බන්ධ නවතම තොරතුරු දැනගැනීම සඳහා, sbs.com.au/Sinhala වෙබ් අඩවිය වෙත ගොස් ඉහළින් ඇති "කොරෝනා වයිරසය හා සම්බන්ධ තොරතුරු " යන කොටස මත ක්ලික් කරන්න.